ස්ත්‍රියකගේ දෙතොල පවසන රහස්
හොඳට හා නරකට යන දෙකටම යොදා ගන්නා කට වැසී ඇති තොල් සඟල දේහ ලක්ෂණ විද්‍යාවේ වැඩි අවධානයකට බඳුන් වූ අංගයකි. මන්ද ඕනෑම පුද්ගලයකුගේ මුහුණෙන් දෘෂ්‍යමාන වන අංග අතරින් කැපී පෙනෙන අංගය තොල වීමයි. තොල් සඟල මගින් එම පුද්ගලයා හොඳ පුද්ගලයෙක්ද, නරක පුද්ගලයෙක්ද, ඇය කාමාධිකද, වංචාකාරීද, නපුරුද යන මෙකී නොකී බොහෝ කරුණු අනාවරණය කර ගත හැක. එයින් එම තැනැත්තිය තමා වෙත කොතරම් ළංකර ගත යුතුද ඈත් කර තැබිය යුතු ද යන්න සොයාගත හැක. ස්ත්‍රියකගේ දෙතොල කවීන්, විද්වතුන්, ලේඛකයන් ගීත රචකයන් වර්ණනාත්මක මුඛයෙන් කථා කළ ද, ලියුවද ස්ත්‍රියකගේ දෙතොල මගින් සුබ මෙන්ම අශුභ ගතිද පෙන්නුම් කරන බව පුරාණයේ විසූ සෘෂිවරු වදාරා ඇත. ස්ත්‍රී දෙතොලෙන් කියවෙන අනාවැකි මෙසේයි.
පිටතට නෙරා ගිය එල්ලෙන තොල් ඇති ස්ත්‍රිය :
මෙවන් ස්ත්‍රීන් බොහෝ ඊර්ෂ්‍යා කරන, කටමැතකම් දොඩවන, පොහොසත්ව සිටියත් දිළිඳු වන, කටකාර, සමාජයේ අවඥවට පත්වන ගෙදර නිතර දබර කරන, පර පුරුෂයන් ආදරය කරන, දරුවන්ට හා තම සැමියාට ආදරය නොකරන, බොහෝ දුදන ගති වැඩි ස්ත්‍රියකි.
තොල් කලු පාටට පිහිටි ස්ත්‍රිය :
මැය වූ කලී ලද දෙයින් සතුටු නොවන, අනුන්ගේ සිත් රිදවන වචන කියන, නරක පහත් වචන කතා කරන, පහත් වැඩ කරන, සැමියාට නිතර කරදර කරන වදක භාර්යාවකි. බොහෝවිට මෙවන් ස්ත්රීන්ගේ සැමියා මිය ගොස් හෝ අතහැර ගොස් ඇත.
මීයෙකුගේ මෙන් උල් වූ තොල් ඇති ස්ත්‍රිය :
මෙවන් ස්ත්‍රීන් රාගාධිකය. ඊර්ෂියා සහිතය. නිතර පිළිගැනීමට සිතයි, කෝපවීම මැයගේ පුරුද්දයි. නමුත් එම ගතිය සඟවා තබාගනී. තම සැමියාට අපල ගෙන දෙන පිහිටීමකි. සැමියා දිළිඳු වී විනාශ වී යයි.
උඩු තොල යටි තොලට වඩා විශාල වූ ස්ත්‍රිය :
මෙවන් ස්ත්‍රීන් කෝලහලයට බරය, කථා කිරීමේදී වචන අපහැදිලිය, කෘරය, චපලය, නිසරු දේ කතා කරයි, තම සැමියාට ආදරය නැත. කාමුක ගතිය වැඩිය, ආගම දහම ගණන් නොගනී.
වටකුරුව රතු පැහැතිව පිහිටි තොල් හිමි ස්ත්‍රිය :
මෙවන් ස්ත්‍රීන් ඉතා වාසනාවන්තය. තම සැමියාට ගෞරව කරයි, බොහෝ ගුණගරුකය, ආගම දහමට ලැදි ස්ත්‍රියකි.
තොල් දෙකම උස්ව පිහිටියේ නම් :
මෙවන් ස්ත්‍රීන් රහසිගත ක්‍රියාවලට දක්ෂය, සූක්ෂම ලෙස තම සතුරන්ගෙන් පළිගනී, තවද මොවුන් තම සැමියාට ද කරදර කරයි.
තොල් මහත්ව පිහිටන ස්ත්‍රිය :
මොවුන්ට ජීවිතයේ අපමණ දුක් විඳීමට සිදුවේ. කරදර එකපිට එක පැමිණේ, දිළිඳු ජීවිතයක් ගත කරන අයෙකි.
යටි තොල මස් රහිතව රළුව එල්ලේ නම් :
මෙවන් ස්ත්රීන්ට පෙර සසරේ කළ පව් එලව එලවා පලදේ. දුර්භාග්යවන්ත ජීවිතයක් ගත කරයි.
රේඛාවක් සහිත ඉතා ලස්සන සිනිඳු තොල් සහිත නම් :
මෙවන් ස්ත්‍රීන් යස ඉසුරු පිරි ජීවිතයක් ගත කරයි. දනට පිනට ඉතා ලැදිය. උසස් තනතුරු ලබන, ගෞරවය, ප්රසංසාව ලබන, වාසනාවන්ත විවාහයක් හිමි නිතර ඉඟි බිඟි පාමින් තම සැමියා තමා වෙත ඇද බැඳ තබා ගන්නා, කරුණාවන්ත අයෙකි.
උඩු තොල සිනිඳු සිහින් වීම :
මෙවන් ස්ත්රීන්ට දුර දක්නා නුවන ඇත. කෙසේ හෝ ධනය ලබයි. යස ඉසුරු පිරි යුග දිවියක් ඇත. යුක්තිගරුකය, ධනය රැස් කරයි, අනුන්ගේ උදව් උපකාර ලබයි. මොවුන්ගේ විවාහය උසස් බුද්ධිමතකු හා සිදුවේ.
උඩු තොලෙහි රෝම පිහිටීම :
මොවුන් දැන උගත් මුත් එයින් ප්‍රයෝජන නොලබයි. බොහෝ චිත්ත පීඩාවන්ට ලක්වේ. හදවතට එකඟව වැඩ කරයි. නමුත් මොවුන් මුළු ජීවිත කාලයේදීම විවිධ ගැටලුවලට මුහුණපායි.
දුර්වර්ණ වූත්, මහත් වූත් තොල් ඇති ස්ත්‍රිය :
මොවුන්ට ජීවිතයේ දුක් කම්කටලු ඇති වේ, තම සැමියාට නිතර කරදර කරයි, රාගික අයෙකි. තම සැමියාව මානසිකව වට්ටයි.
සිනිඳු රත් පැහැති දෙතොලින් යුතු ස්ත්‍රිය :
මොවුන් විවිධ චාරිත්‍ර අගයයි, සමාජයෙන් ගරු බුහුමන් ලබයි, උසස් තනතුරුවල වැඩ කිරීමට භාග්‍ය හිමි අය වේ.
උපුටා ගැනීම දිවයින
වෘහත් පරාසර හෝරා ශාස්ත්‍ර ග්‍රන්ථයේ පරාශර මුනිතුමන් දරුපල ගැන සඳහන් කරමින් දරුවන් හිමි, දරුවන් අහිමි කලකින් දරුවන් ලබන සහ දේවතාරාධාරයෙන් දරුවන්...
ශශ පුරුෂයා කලාකාමියෙකි.මෘග පුරුෂයා බිරියට පණසේ ආදරය කරයි.වෘෂභ පුරුෂයා දකින දකින මුහුණට කැමතිය.අශ්ව පුරුෂයා සහකාරියට දස වද දෙයි.ලොව ජිවත්වන සියලු පුරුෂයින්...
නව යොවුන් වියට පත්වන විට තරුණ ඔබට විවාහය ගැන උනන්දුවක් ඇතිවීම ස්වාභාවිකය. කායිකව පමණක් නොව මානසිකවද පරිවර්තනයකට ලක්වන මෙම වයසේදී විවාහයට...
බුලත් අතක් මා ඉදිරියේ තබා වඳිමින් මගේ එකම සොහොයුරාත් ඔහුගේ බිරිඳත් අසුන් ගත්තෝය. මගේ කාර්යාලයට පැමිණෙන අනෙකුත් සේවාදායකයන් මෙන්ම ඔවුන් පිළිවෙළට...
කෝණ මාස නිතරම භාවිත කෙරෙන වචන දෙකක්. බොහෝ කටයුතුවලදී ජ්‍යොතිෂය සම්බන්ධ කරගැනීම මෙරට ජනයාගේ ප්‍රධාන කාරණාවක්. මන්ද තමන් කරන්නට සූදානම් වන...
දරුවන් සම්බන්ධ සප්තාම්ශ කේන්ද්‍රයෙන් බැලිය යුතුමය. දරුවන් කී දෙනෙක් ලැබේද? නොලැබේද? නපුංසකද, විවාහය සිදුවන්නේ කවර කාලයේදීද, දරුවන් ලැඛෙන්නේ කවර කාලයකදීද ආදී...