අමනුෂ්‍ය දෝෂ නැති කරගැනීමට කළු බළලකු ඇති කරන්න
නිවෙසේ කළු බළලකු සිටී නම් නළල අඩසඳ ආකාරයට සුදුවී ඇත් නම් එම නිවෙසට සුබ පල ගෙනදේ.
- කළු බළලකු දිරාගිය වියළි අත්තක් මත දිගාවී හැඬුයේ නම් නෑයකුගේ හිතවතකුගේ මළගමකි. නිවෙස ඉදිරි පිට කළු බළලුන් දෙදෙනකු පොරකෑවේ නම් නිවෙසේ අයකුට මාරකයකි.
- දර මඩුවක වැසිකිළි වහලක සිට කෙඳිරි ගෑවේ නම් එම නිවෙසට භූමියට අමනුෂ්‍ය දෝෂ පවතී.
- රාත්‍රි 9න් පසු නිවෙස වටා දුවමින් බළලුන් පොරකෑවේ නම් ඊට පසු දිනට යෑමට සූදානම් කළ ගමනක් ඇත්තේ නම් එම ගමනින් කරදර වන බැවින් පසු දිනට කල්තැබීම සුදුසුයි.
- වතුර පිරවූ ටැංකියක බඳුනක් මත කළු බළලකු සිටිනවා නම් උදෑසන දුටුවේ නම් දවස සුබයි.
- කළු බළලකු හිරු අවරට ගිය පසු (දවල් 12න් පසු) රථයකට යටවී මියගියේ නම් එම රථයට අනතුරු උදාවනු ඇත. බිත්තර හතරක්, රෝදවලට යට කිරීමෙන් එම දෝෂ භංග වේ.
- සුබ ගමනකදී කළු පූසකු ඉදිරියට පැමිණියේ නම් එම ගමන යහපත් වේ.
- කළු බළලුන් සිටින නිවෙසේ අමනුෂ්‍ය දෝෂ අඩුවේ.
- ශනි ග්‍රහයාගේ අපල කාලයේදී කළු බළලුන් ඇති කරයි නම් කෑම බීම දෙන්නේ නම් අපල දුරු වීමට හේතුවේ.
ප්‍රවීණ ජේයාතිෂ්යවේදී මායාකඩුව
උපුටා ගැනීම මව්බිම