ද්විත්ව චරිත රඟන සංනී ස්‌ත්‍රින්

ද්විත්ව චරිත රඟන සංනී ස්‌ත්‍රින්

අශුභ ස්‌ත්‍රීන් අතර හස්‌තිනී ස්‌ත්‍රියට වඩා තරමක්‌ හොඳ ස්‌ත්‍රියක්‌ ලෙස සංනී ස්‌ත්‍රිය හැඳින්විය හැක. සංනී ස්‌ත්‍රිය හඳුනා ගැනීමේදී ද සෘෂිවරු බොහෝ චරිත ලක්‍ෂණ, ගති ලක්‍ෂණ හා අංග ලක්‍ෂණද පෙන්වා දී ඇත. මොවුන් සප්ත භාර්යාවරුන්ගෙන් "ස්‌වාමි" භාර්යා ගනයට වැටේ.

නිතර තම සැමියා යට කර ගෙන තමා ඉස්‌මතු වීම මොවුන්ගේ සිරිතයි. සිය නිවසේ පාලකයා මෙන්ම ගෘහ මූලිකයා වීමටද උත්සාහ දරයි. බොහෝ හිතුවක්‌කාර ගති ඇති සංනීය තමන් ගැන අධිතක්‌සේරුවෙන් පසුවේ. නිතර පුරසාරම් දොඩවන මොවුන් ජීවිතය සැපවත් කර ගැනීමට නිතර සිහින මවමින් සිටින තැනැත්තියෙකි. මොවුන් අනුන්ගේ ආදරය, කරුණාව බලාපොරොත්තු වන අතර පෙරලා කිසිවෙකුට ආදරය නොකරයි. මවාගත් සිනහවක්‌ හා මවාගත් හිතවත්කමක්‌ පෙන්වන මොවුන් ද්විත්ව චරිත රඟපාන නිළියක්‌ මෙන් නිතර කෝප වී ඉතා මුවහත් මෙන්ම අනුන්ගේ සිත් රිදවන වචනද කථා කරයි. මොවුන් බොරු කීමටද පුරුදුව සිටියි. රාත්‍රියට ඉතා ආශාකරන ස්‌ත්‍රියන් වන සංනිය කඩවසම්, ලස්‌සන පුරුෂයෙකු දුටු විට කාමාශාවෙන් ඇවිස්‌සේ, නිතර කොක්‌ හඬලා සිනාසීම, ශබ්දනගා අනුන්ගේ අවධානය යොමුවන සේ කථා කිරීම සංනී ස්‌වභාවයයි. මොවුන් තුළ යහපත් චරිත ධර්ම ඇත්තේම නැත. අඩනිරුවත් ඇඳුම් ඇඳීමට ප්‍රිය කරන මොවුන් තද පාට ඇඳුන්ම තෝරා ගැනීම සිරිතයි. තෙතමනයක්‌ රහිත හිතක්‌ ඇති මොවුන් කිසිවෙකුට උදව් උපකාර නොකරයි.

මොවුන් ගමන් කිරීමේදී ඉක්‌මනින් ගමනේ යෙදෙන අය වන අතර, ඇවිදීමේදී අඟපසඟ සියල්ල සෙලවෙන ආකාරයට ඇවිදීම ක්‍රමයයි. මොවුන්ට බඩගින්නේ සිටියද බඩගිනි නොදැනේ. ඕනෑම ප්‍රශ්නයක්‌, කරදරයක්‌ දරා ගැනීමේ සුවිශේෂී ගුණයක්‌ මොවුන් තුළ ඇත. සංනීගේ ශරීර ලක්‍ෂණ ගතහොත් ඉතා කෘෂ ශරීරයක්‌ හෝ ඉතා ස්‌ථුල ශරීරයක්‌ හිමි අයෙකි. පියවුරුවල ප්‍රමාණය ශරීරය ප්‍රමාණයට නොගැලපේ. අත් පා දිගින් වැඩිය. පාදයේ උඩුපතුල් වල නහර ඉලිප්පී ඇත. වරලස ඇත්තේම නැති තරම්ය. බොහෝ විට සංනී වර්ගයේ ස්‌ත්‍රීන් තම වරලස කොටට කපා දමයි. එනිසාම මොවුන් සිරිත් විරිත් ගරු නොකරන, සමාජ සම්මත තුට්‌ටුවකට පිළිනොගන්නා කාන්තාවන්ය. නමුත් මොවුන් සමාජය ඉදිරියේ වැදගත්, ගුණධර්මවලින් පොහොසත් අයෙක්‌ ලෙස හැසිරී අනුන්ටද එසේ හැසිරෙන ලෙස අවවාද කරයි. නමුත් මොවුන්ව හොඳින් අධ්‍යයන කරන අයෙකුට මොවුන් කියන්නේ වැදිබණ බව වැටහීමට වැඩි කල් යන්නේ නැත. වරලස තිබුණද කෙටි වරලසකට හිමිකම් කියයි. මොවුන්ගේ අත්වල රෝම කැරකී බහුලව කළුවට පිහිටා ඇත. යටිතොල උඩු තොලට වඩා විශාල බවක්‌ පෙන්වයි. මෙම ලක්‍ෂණය අනුව මොවුන් කාමාධික කාන්තාවන් බව දේහ ලක්‍ෂණ විද්‍යාව දත් අයෙකුට වටහා ගත හැක.

බොහෝ සංනී වර්ගයේ ස්‌ත්‍රීන් ස්‌ථුල භාවය පෙන්නුම් කරයි. සංනී වර්ගයේ ස්‌ත්‍රිය ගතිගුණවලින් මෙන්ම කරන කියන වැඩවලින්ද පුරුෂයෙකුට සමානය. තනි අලියෙකු මෙන් වැඩ කරයි. හිතුවක්‌කාර, මුරණ්‌ඩු මෙන්ම කලහකාරී ගතිද මොවුන් තුළින් කැපී පෙනෙයි. උක්‌ත ලක්‍ෂණ සියල්ල සංනී ස්‌ත්‍රිය තුළ නොවුවද 75% ක ලක්‍ෂණ ඇය තුළින් දෘෂ්‍යමාන වේ. සංනී වර්ගයේ ලක්‍ෂණ ඇතිව ඉපදීමට පෙර කළ අකුසල කර්ම බලපානු ඇත. ඒ නිසා තමා තුළ ඇති එම නරක ගති තේරුම් ගෙන ඒවා හදා ගැනීමට උත්සාහ කිරීම තුළින් යහපත් විවාහයට මෙන්ම යහපත් ජීවිතයකටද හිමිකම් කියත හැක.

ජ්‍යෙතිෂවේදිනී මංජුලා පුෂ්පරාංගනී පල්ලේබැද්ද

උපුටා ගැනීම දිවයින

Share This Article

ඔබගේ ලග්නය මේෂ නම් මෙය කියවා බලන්න

අං දෙකක්‌ සහිත එළුවකුගේ රුව මේෂ රාශියේ ස්‌වරූපය වන අතර පාලක ග්‍රහයා කුජ ග්‍රහයාය. මාර්තු 21 වැනිදාත්, පෙබරවාරි 19 වැනිදාත් අතර...

විභාග සමත්වෙන්න බලගතු උපක්‍රමයක්…

විභාගය, දරුවකුගේ බුද්ධිමත් බව මැන බලන ප්‍රධාන කාරණාවකි. ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ වේවා එය එලෙසමය. එහෙයින් ඉදිරියේදී යෙදෙන විභාග...

සුබ නැකත සහ චාරිත්‍ර වාරිත්‍ර

සුබ නැකත් බලා සුබ කටයුතු කිරීම ආනාදිමත් කාලයක සිට සිංහලයන් අනුගමනය කළ සිරිතකි. ජ්‍යෝතිෂය හෙළ සංස්‌කෘතිය හා බැඳී පවතින්නේ එබැවිනි. දරුවෙකු...

ලෙඩ රෝග ග්‍රහ දෝස හා ප්‍රතිකාර

ලෙඩ රෝග පිළිබඳව ජන්ම පත්‍ර පරීක්ෂා කිරීමේදී විශේෂයෙන් ක්ෂේත්‍රයේ රාශි පිළිබඳ සැලකිලිමත් විය යුතුය. මිනිස් ශරීරය සෑදී තිඛෙන්නේ ආපෝ, තේජෝ, වායෝ,...

ආයුෂ කල් ඇතිව දැනගත හැකිද?

බුලත් අතක්‌ මා ඉදිරියේ තබා වඳිමින් මගේ එකම සොහොයුරාත් ඔහුගේ බිරිඳත් අසුන් ගත්තෝය. මගේ කාර්යාලයට පැමිණෙන අනෙකුත් සේවාදායකයන් මෙන්ම ඔවුන් පිළිවෙළට...

ස්ත්‍රීන්ගේ ශරීරාංගවලින් ඇගේ චරිතය

යූවතියකගේ වටිනාම වස්තුව ඇයගේ මූහූණය. එය මූසාවක් යැයි පැවසිය නොහැකිය. කාන්තාවකගේ මූහණේ ඇතිවන හැගීම් ප්‍රකාශ කිරීම තුළින් දිනාගත නොහැකි දෙයක් ලොවෙහි...