සිිහින වලින් කියවෙන පලාපල

සිිහින වලින් කියවෙන පලාපලසිහින යනු පුද්ගලයකුට නින්දේදී ඇතිවන හැඟීම් දර්ශන සිතුවිලි වෙයි. බුද්ධ කාලීන සමාජයේද සිහින යනු සැලකිල්ලට විමර්ශනයට ලක්‌ වූ මාතෘකාවක්‌ බව පෙනේ. සංස්‌කෘතික භාෂාවෙන් "ස්වප්න" ලෙසත් පාලි භාෂාවෙන් "සුපිනි" ලෙසත් සිහින හඳුන්වයි. අප දකින සෑම සිහිනයක්‌ම සැබෑ නොවන අතර පල රහිත විකාරරූපී භයංකර සිහිනද නින්දේදීද අප දැක ඇත. දවල් දකින සිහිනද ප්‍රතිඵල නොලැඛෙන බව විශ්වාස කෙරේ. පූර්ව නිමිති සිහින ඉදිරි කාලයේදී ප්‍රතිඵල දෙන සිහිනය. එකල ගැමියා පරිසරයේ සංකේත, සතුන්, සුළඟ වැනි ස්‌වභාවධර්මයේ අවට වෙසෙන වෙනස්‌කම් නිරීක්‍ෂණය කිරීමෙන් නිවැරදි අනාවැකි කීමට සමත්කමක්‌ දැක්‌වූ බව පෙනේ. කෘෂිකාර්මික දිවි පෙවෙතින් ජීවත් වූ පුරාණ ගැමියා විද්‍යාත්මක උපකරණ භාවිතයෙන් තොරව පියවි ඇසින් නිරීක්‍ෂණය කිරීමෙන් නිවැරදි කාලගුණ අනාවැකි කීමට සමත්කමක්‌ දක්‌වා ඇත. එමෙන්ම සිහින තුළින්ද ඉදිරියේදී අතුරු ආන්ත්‍රා සුබ පල ගැන විමර්ශනයට ලක්‌කොට නිවැරදි අනාවැකි කීමට සමත් කමක්‌ දැක්‌වූහ. ක්‍රි.පූ. 6 වන සියවසටත් පෙර සිට නිමිති අනාවැකි විශ්වාසයක්‌ තිබූ බව පෙනේ. බුදු සිරිතේ මහාමායා දේවිය දුටු සිහිනයේ සුබ අසුභ විස්‌තර කරන නිමිති ශාස්‌ත්‍රය දත් බමුණන් ප්‍රකාශ කළේ එම සිහිනයේ නිමිත්ත පින්වත් කුමරකු පිළිසිඳ ගත් බව හැඟෙන බවයි. බෝසතුන්ට ස්‌ථිර වශයෙන්ම බුදු බව ලැඛෙන බව තහවුරු කර ගැනීමට නිමිත්ත වූයේ උන්වහන්සේ පෙරදින රාත්‍රියේ දුටු සිහින 5 යි. මන්ත්‍රී දේවිය දුටු සිහිනය, කොසොල් රජතුමා දුටු සිහිනය බෞද්ධ සාහිත්‍යයේ සිහින පිළිබඳ දැක්‌වෙන කතා වලින් කිහිපයකි. මේවා පූර්ව නිමිති සිහින ලෙස සියල්ලම සැබෑ වූ සිහින වේ. අපේ ජීවිත කාලය පුරා අසීමිතව සිහින දැක ඇත. අප දකින සුබ අසුබ සිහින සැබෑවූ අවස්‌ථාද නැත්තේම නොවේ. රාත්‍රියේ ඔබ දුටුවේ සුබ සිහිනයක්‌ නම් එය කිසිවෙකුටත් නොකියා සිතෙහි තබා ගන්න. එවිට ප්‍රතිඵල ලැඛෙන බව විශ්වාස කෙරේ. අප අසුභ යනුවෙන් හඳුන්වන සිහිනයක්‌ දුටුවිට උදයේ පිබිදුන ගමන් කිසිවකු සමග හෝ කතා නොකර පැඟිරි ශාකයක්‌ ඉදිරියට ගොස්‌ සිහිනය පිළිබඳ පවසා අනෙක්‌ අයටත් කියන්න. එවිට අසුබ ඵල විනාශ වන බවට මතයක්‌ ඇත.

  • ඔබ රාත්‍රියේ නින්දේදී මඟුල් පෝරු රන් අබරණ සිහිනෙන් දුටුවේ නම් ධන සම්පත් පෑදී එන යම් යම් මාර්ගයන් විවෘත වේ.
  • සිනාසෙනවා දැකීම අඬ අඬා සිටීමට සිදුවන බව පෙන්නුම් කරයි.
  • නිවසේ දෙබරයක්‌ බැඳ තිඛෙනු දුටු විට දූ දරුවන් අතරේ අඬ දබර සිදු වේ.
  • තලගොයි කබර ගොයි ගෙට එනවා දුටුවිට අඹු දරු භේද බින්න වීමක්‌ පෙන්නුම් කරයි.
  • දත් වැටෙනවා දිව වැටෙනවා දුටුවොත් භයානක විපතක පෙර නිමිති ලෙස සැලකේ.
  • කෙස්‌ වැටීමද අසුබ සිහිනයකි.
  • වැලිකඳු දුටුවොත් බලාපොරොත්තු ඉටු නොවේ.
  • දුෂ්කර ස්‌ථානයක උත්සවයක්‌ දැකීම රෝගී තත්ත්වයක්‌ හෝ දුක්‌බර පුවතක පෙරනිමිත්තකි.
  • කළු නයකු දුටුවිට අනවශ්‍ය දේවලට පැටලේ. කරදර ඇති වේ.
  • වාහනයක්‌ පෙරළෙනවා දුටුවිට මාරකයක්‌ පිළිබඳ අසන්නට ලැබේ.
  • පලතුරු දැකීම රෝග පීඩා, ගෙතුල හතු පිපී තිඛෙනු දුටුවොත් ගින්නෙන් විපත්, ඉර හඳ තරු කඩා වැටෙනවා දුටුවොත් කරදරවලට පැටලේ.
  • තමන් නිර්වස්‌ත්‍රව ඉන්නවා දුටු විට රෝගී තත්ත්වයන් පෙන්නුම් කරයි.
  • මඩෙහි ලැගීම, මඩෙහි නැටීම, එරීම ඉතා අසුබ සිහින ලෙස සැලකේ.
  • හිස්‌ භාජනයක්‌ දැකීම ශෝක ජනක ආරංචියක්‌.
  • මැරුණු ගසක්‌ දැකීම අසුබ පල ගෙන දෙන සිහිනයකි.
  • රණ්‌ඩු වනවා දැකීම, මඩ වතුර බොනවා දැකීම ගිජු ලිහිණියකු දැකීම ලෙඩ රෝග පෙන්නුම් කරයි.
  • පලතුරු ආහාරයට ගන්නවා දැකීම දරු සම්පත් ඇතිවන බවට පෙරනිමිත්තකි.
  • දිය ඇල්ලක්‌ දැකීම, අසූචී දැකීම, අසූචී උඩ ඇවිදිනවා දැකීම, ඉතා යහපත් කාලයක්‌ උදාවේ.
  • ඇත් දළ සිහිනෙන් දැකීම ඉතා විශාල දියුණුවක්‌ ඇතිවේ.
  • උස්‌ ස්‌ථානවලට නැගීම දුටු විට ඉදිරියේදී සැප සම්පත් ලැබේ.
  • දණගාන දරුවෙකු දුටුවිට යහපතක්‌ සිදුවේ.
  • ඔබ ජලයේ ගසාගෙන යනවා හෝ වැටී සිටිනවා සිහිනෙන් දුටුවිට දුක්‌ කරදර ඇති කරයි.
  • ඔබ පසුපසින් කිසිවකු හෝ එලවාගෙන එනු දැකීම දුක්‌ කරදර ඇති වන බව කියවේ.
  • සර්පයන් ගෙට එනවා දුටු විට නිවස පිරිහීමට පත්වේ.
  • උදලු පොරෝ කඹ දුටුවොත් දුක්‌ විපත් පැමිණේ.
  • අත්තිවාරමක පස්‌ කපනවා දුටුවොත් හිතවතුගේ මරණයක්‌, ගෙයි ගොම ගානවා දුටු විටද මරණයක පෙරනිමිත්තකි.
  • ගෙයි මැණික්‌ ගල් විසිරී තිඛෙනු දුටුවොත් මුදල් තත්ත්වය යහපත් වේ.
  • ගෙතුල වී පුරවා තිඛෙනු දුටුවිට වාසනාව උදාවේ.
  • පිරිසිදු ජලය දුටුවොත් වස්‌තුව ලැබේ.
  • ගෙය සොරකු බිඳිනු දුටුවොත් කරන කටයුතු අසාර්ථක වේ.
  • නැවක්‌ දුටුවොත් ධන ලාභ වස්‌තු ලාභ, රූමත් තරුණියන් දුටුවිට ප්‍රීතිය සතුට ඇතිවේ.
  • අලුත් රෙදි දුටුවිට මුදල් ලැබීමක්‌ පෙන්නුම් කරයි.
  • ඉරුණු ඇඳුම් අසුබ ප්‍රතිඵල.
  • මොනරුන් කුකුළන් දැකීම වාසනාවන්ත ආදරයක්‌ ලැබේ.
  • පහන් පත්තු කරනවා දැකීම ධනය ලැබේ.
  • පණුවන් රාශියක්‌ දුටුවොත් බොහෝ ධනය ලැඛෙන බවට පෙරනිමිත්තකි.
  • නිරුවත් ස්‌ත්‍රියක්‌ සිහිනෙන් දුටුවොත් සතුටුදායක ආරංචියක්‌.
  • බඩු පටවාගෙන රථයකින් ගමන් කරනවා දුටුවොත් දුක්‌ කරදරවලින් පසුව ප්‍රීතිමත් කාලයක්‌ උදාවන බව කියවේ.
  • ඇළකින් දොළකින් වතුර බොනවා දැකීම සැපවත් අනාගතයක්‌ උදාවේ.
  • මත්පැන් පානය කරනවා දුටු විට මිතුරන් හා සිත් අමනාප ඇති කර ගනී.
  • සක්‌මන් කරනවා දුටුවිට ප්‍රසිද්ධියට හා ධනවත් භාවයට පත්වේ.
  • දෙවි දේවතාවුන් සිහිනෙන් දුටුවිට සිතෙහි පවතින අදහස්‌ සියල්ල ඉටුවේ.

බඹරැන්දේ සරත් කුමාර යූ. වඩුගේ අන්තර්ජාලය ඇසුරිනි.
උපුටා ගැනීම දිවයින පුවත් පත

Share This Article

උපන් යෝගයෙන් ඔබේ පලාපල මෙහෙමයි !

විෂ්කම්භ, ප්‍රීති, ආයුෂ්මන් ආදී වශයෙන් යෝග සත් විස්‌සකි. ඔබ උපන් මොහොතේද මෙම යෝග විසිහතෙන් එක්‌ යෝගයක්‌ උදාව තිබුණු අතර ඒ කුමන...

මතකය වැඩි කරගන්න බෙලි ගසෙන් හාස්කමක්

• අඟහරුවාදා දිනකට එළිවෙන්න උදේ 4ත් 5ත් අතර දුටු සිහිනයක් තම නිවෙසේ දෙහි ගසට ඊසාන දිශාව බලා කීමෙන් සිහිනයෙන් යහපත් ප්‍රතිඵල ලැබේ.• සැබැවින්ම...

ඔබේ කනත් මේ වගේද? කනෙන් පෙනෙන ඔබ...

කන යනු මිනිසාට මහත් උපකාරී වන අවයවයකි. ඕනෑම පුද්ගලයකුට උපතින් කන් දෙකක්‌ ලැබී ඇත. තමා අවට ඇති ශබ්ද හොඳින් අසා හඳුනා...

උපන් ලග්නයට අනුව ඔබේ පලාපල - 1

ජ්‍යෙතිෂ ශාස්‌ත්‍රයට අනුව ඔබ උපන් වේලාවට ලග්නයක්‌ (රාශියක්‌) හිමිවෙයි. තමාගේ හඳහන හෝ ජන්ම පත්‍රය ගැන විමසීමේදී ජ්‍යෙතිෂය ගැන එතරම් දැනුමක්‌ නැති...

ගිලිහී යමින් පවතින මල්වර චාරිත්‍රයන්හි විද්‍යාත්මක අගය අවබෝධ කරගනිමු

දියණියකගේ දෙවැනි උපත මල්වරයයි. එමඟින් ඇය උතුම් මාතෘත්වයට සුදුසු තැනැත්තියක් ලෙස නිර්දේශ කෙරේ. මෙකී මල්වරය අනාදිමත් කාලයක සිට ජේ‍යාතිෂය හා බද්ධව එහි නියම...

රාජ්‍ය සේවයේ තනතුරු හිමිවන තුලා ලග්න හිමියෝ

මෙලොව උපදින ඕනෑම කෙනකුට පළමුවෙන්ම හිමිවන්නේ ලග්නයයි. ඔහුට හෝ ඇයට නමක් පවා හිමි වන්නේ ලග්නය ලැබීමෙන් පසුයි. කෙනකු උපදින මොහොතේ නැඟෙනහිර...