පුරුෂයන් වසඟ වන ස්‌ත්‍රී මායම්

පුරුෂයන් වසඟ වන ස්‌ත්‍රී මායම්

ස්‌ත්‍රියක්‌ යනු ස්‌වභාවයෙන්ම බොළඳ, සුකුමාල තැනැත්තියකි. උපතින්ම අනුන් වසඟ කර ගැනීමේ හැකියාවක්‌ ඇය සතුව පවතී, ස්‌ත්‍රියකගේ සිනහව, බැල්ම. ඇවිදීම, කථාබහ, ආදී මෙකී නොකී බොහෝ දේ තුළින් ඇය පුද්ගලයන්ව ඇද බැඳ තබා ගැනීමට සමත්ය. ස්‌වභාව ධර්මයෙන් ලැබී ඇති දේට වඩා වැඩි යමක්‌ ඇතැම් ස්‌ත්‍රීන් කිරීමට උත්සාහ කරයි. එවන් චර්යා රටා මායම් ලෙස අර්ථකථනය වේ. ස්‌ත්‍රීන් විසින් විරුද්ධ ලිංගිකයන් ඇද බැඳ තබා ගැනීමට යොදන ස්‌ත්‍රී මායම් 64 කි. ඒවා මෙසේය.

1. නෙතඟින් බැලීම

2. ඇස්‌ කැරකැවීම/ ඇස්‌ නැටවීම

3. ඇස්‌ පියවීම.

4. ඇස්‌ නෙරා බැලීම.

5. වරින් වර බැලීම.

6. ඇස්‌ අඩක්‌ වැසීම.

7. ඇස්‌ සම්පූර්ණයෙන් වැසීම.

8. වෙනතක්‌ බලා සිටීම.

9. යමක්‌ සිඹීම.

10. නාසය අකුලා ගැනීම

11. සුසුම් ලෑම.

12. කට කොනට නගා සිනා සීම.

13. තොල පිට පෙරළා සිනාසීම.

14. කොක්‌හඬලා සිනාසීම.

15. තොලින් තොල හැපීම .

16. බොරු කැස්‌ස.

17. දිව දික්‌ කිරීම.

18. දිව විකා පෙන්වීම.

19. දිව නැටවීම

20. කෑරීම.

21. රෙද්ද ලිහා නැවත ඇඳීම.

22. පැළඳ සිටින ආභරණ වරින් වර ඇල්ලීම.

23. හුරු අත වැනීම.

24. බඩ අත ගෑම (හේතුවක්‌ නැතිව)

25. අත් කැසීම (හේතුවක්‌ නැතිව)

26. පය කැසීම (හේතුවක්‌ නැතිව)

27. ලයෙහි අත තැබීම.

28. අත් දෙක බැඳගෙන ලතාවට සිටීම.

29. දෙපා බරකර යැම.

30. පයින් ඉරි ඇඳීම

31. පයින් පය ගැටීම

32. අවයව පෙනෙන ලෙස සිටීම.

33. අවයව පෙනෙන ලෙස ඉඳගෙන සිටීම.

34. අවයව පෙපෙන ලෙස නිදා ගැනීම.

35. හේතුවක්‌ නොමැතිව අවේලාවේ නිදා ගැනීම.

36. දොරකඩ රැක සිටීම.

37. කථා නොකර සිටීම.

38. දෙපා විහිදාගෙන සිටීම.

39. උඩබලාගෙන සිටීම.

40. කර බාගෙන සිටීම.

41. නාභිය පෙනෙන පරිදි රෙදි ඇඳීම.

42. බොළඳ ලෙස කථා කිරීම.

43. පියයුරු තද කර ඇඳීම.

44. මදක්‌ නැමී බැලීම.

45. උරහිස නැටවීම.

46. ඉඟටිය නැටවීම.

47. පයෝධර නැටවීම.

48. දුවගොස්‌ ගෙට වැදීම.

49. දොර කවුළු ආදියෙන් එබී බැලීම.

50. බොරුවට ඈනුම් ඇරීම.

51. කොණ්‌ඩය ලිහාගෙන යැම.

52. මඟ යමින් ආපසු හැරී බැලීම (කෙස්‌ වැටිය අතරින් බැලීම.)

53. වස්‌ත්‍රයේ කොනක්‌ අල්ලාගෙන යැම.

54. ශබ්ද කොට කතා කිරීම.

55. දරුවන් සමඟ බොරු හුරතල් කිරීම.

56. කෝප වූවකු මෙන් කතා කිරීම.

57. ස්‌ත්‍රීන්ගේ අගුණ කීම.

58. කවට වචන කතා කිරීම.

59. පිරිමින්ගේ අගුණ කීම.

60. බොරු නෑකම් කීම.

61. බුලත් කෑමේ ගිජු බවක්‌ දැක්‌වීම.

62. බොරු ක්‌ලාන්ත ගතියක්‌ දැක්‌වීම.

63. විසිතුරු දෙයක්‌ දෙස බලා වඩා කුහුලක්‌ දැක්‌වීම.

64. ඉතා සුළු දෙයටත් බොහෝ බියවීම.

ජ්‍යෙතීෂවේදිනී, මංජුලා පුෂ්පරාංගනී

උපුටා ගැනීම දිවයින පුවත්පත

Share This Article

ඔබ කන්‍යා ලග්නයේ නම් මේ ඔබ ගැනමයි

විශ්ව කේන්ද්‍ර ක්‍රමයට අනුව කන්‍යා ලග්නය රාශි චක්‍රයේ හයවැනි රාශිය හැටියට සැලකෙයි. ලග්නාධිපති ග්‍රහයා වන්නේ බුධය. බුධ ග්‍රහයා මිථුන හා කන්‍යා...

ඔබ උපන්නේ මාසයේ….

මාසයේ 1 වන දින උපන් ඔබ: ඔබ නායකත්වයට හා පාලනයට ඉතා දක්ෂ අයකු ලෙස සැලකේ.ඔබට ඉතා විශාල ආත්ම ශක්තියක් හිමිය. ඔබ...

ස්ත්‍රීන්ගේ ශරීරාංගවලින් ඇගේ චරිතය

යූවතියකගේ වටිනාම වස්තුව ඇයගේ මූහූණය. එය මූසාවක් යැයි පැවසිය නොහැකිය. කාන්තාවකගේ මූහණේ ඇතිවන හැඟීම් ප්‍රකාශ කිරීම තුළින් දිනාගත නොහැකි දෙයක් ලොවෙහි...

විවාහයේ හොඳම නැකත මධු සමය සඳහා නැකතයි

විවාහ කටයුතු සඳහා නැකත් සෑදීමේ දී පැරණි සම්ප්‍රදාය අනුව මනමාලයා නිවසින් පිටත්වීම, පෝරුවේ නැගීම, මුදු මාල පැලඳවීම මනමාලිය කැන්දාගෙන යෑම ආදී...

දරුවාගේ අධ්‍යාපනයටත් නිවෙසේ වාස්‌තු බලපානවා 2

ඔබගේ දරුවාට ඔබ මෙතෙක්‌ කල් පෙන්වා දුන්නේ ඝන දෙවියන් නැත්නම් සරස්‌වති දේවිය පමණයි නේද? ඒත් ඔබගේ දරුවාගේ අධ්‍යාපනය සාර්ථක වූවාද? ඔබ...

ඉලක්කමෙන් ඔබේ දෛවය

ලොව ඇති සියලුම ශාස්ත්‍රයන් අභිබවා, අංක ශාස්ත්‍රයල පෙරමුණේයි. මනුෂ්‍යයාගේ ජීවිතයට මුලින්ම සම්බන්ධ වන්නේ අංක ශාස්ත්‍රයයි. මවු කුසින් ජන්මියා බිහිවන්නේ තිඹිරිගෙයක නොහොත්...