කාක්‌ හඩින් කියන අනාවැකි තේරුම් ගන්න

සතුන්ගේ හඬින් විවිධ සුබාසුබ මැනගත් අයුරු පැරණි ග්‍රන්ථ හා කර්ණ පරපුරෙන්ද පෙනී යයි. කපුටා අද ගම්බදව හිඟ වෙමින් පවතී. නාගරික ගම්බද වශයෙන් කපුටන් වර්ග දෙකකි. “කවුඩු බාලයා” නමින් තවත් කුඩා පක්‍ෂියෙක්‌ද ඇත. ඔහුට භාෂා දහඅටක්‌ පැවසීමට හැකි බව ග්‍රාමීය පිළි ගැනීමයි. කවුඩු හඬ හා ඉරියව් ඇසුරු කොට වායස විද්‍යාව නමින් ගුප්ත ශාස්‌ත්‍ර ක්‍රමයක්‌ පැවතී ඇත. මෙම ශාස්‌ත්‍රයට අයත් වන්නේ කවුඩාය තවත් නමකින් කියනවා නම් කාක්‌කාය. සියලුම කාකයෝ ගෝත්‍ර පහකි. බ්‍රාහ්මණ, ක්‍ෂස්‌ත්‍රීය, ශුද්‍ර, අනත්‍යාජ, හා වෛශ්‍ය යනුවෙනි.

ස්‌ථුල ශරීරයක්‌ද ගුරු වූ දීර්ඝ හඬක්‌ හා දැඩි ස්‌වරයක්‌ ඇත්තේ බ්‍රාහ්මණ වර්ගයේ කපුටාටය. නිල්වන් නෙත්ද මිශ්‍ර වර්ණයද තියුණු හඬද ඉතා ශූර බවද ඇත්තේ ක්‍ෂස්‌ත්‍රීය කපුටාටය. අලුපාට පිහාටුද බොහෝ ශබ්දයද කෘෂ ශරීරයද චපල බවද රළු බවද ඇත්තේ ශ්‍රදා කුලයේ කාකයාටය. මොවුන්ගෙන් බ්‍රාහ්මණ කාකයා ප්‍රධාන වෙයි. ශ්වේත කාකයා නින්දිතය. ඌ අද්භූත දර්ශණයකි. මෙම පස්‌වැදෑරුම් කපුටන්ගේ හඬ නිසා ඇති වෙන ඉටු අනිටු ඵල විපාක එකෙනෙහිය, තෙදිනය, සතියක දස දිනය යන කාල තුළ ගෙන දෙයි. කපුටාගේ ස්‌වර ශබ්දය පල පුරුද්දෙන් හඳුනා ගත යුතුය. ශාන්ත ස්‌වරයේ කපුටු හඬ ඉෂ්ඨ නිමිත්තකටය. ගර් වශයෙන් හඬින් අයහපතකට නිමිති වෙයි. රෞද්‍ර වූ සියළුම ශබ්ද අයහපතටය. මෘදු හඬ යහපත්ය.

  • – මිත්‍රයින් පැමිණීමකටය
  • කා – නිශ්ඵලය
  • කා – කා ක්‍ෂෙමභාවයට නිමිතිය
  • කා – මෙසේ දීර්ඝ ස්‌වරය වේ නම් උගේ සතුටටය
  • ක්‍රා – මහා කලහයකට
  • කාං – වාහන විනාශයකට
  • කෞ – කො – ලාභයකටය
  • කගා – කුරිරු බන්ධනයකට
  • කර – හානියකටය
  • පෙර දිග සිට හඬන්නේ නම් අදහස්‌ ඉටු වීමකටය, ලාබයකටය,
  • ගිනි කොණ – සතුරන් නැසීමටය නැති නම් ලාබයකටය.
  • දකුණ – මිත්‍රාගමනය කට
  • නිරිත දිග – නපුරු සිද්ධිය කටය වරුණ දිශාව – ලාබයකටය
  • වයඹ – ලාබයක්‌ හෝ ප්‍රියාගමනයකටය
  • උතුර – දිළිඳු බවට හා සර්ප බයකටය
  • ඊසාන – ලාභ හෝ රෝගෝත්පත්තියකටය
  • උඩ අහසෙහි පියාඹමින් මෘදු ස්‌වරයෙන් හඬනවා නම් ප්‍රිති ඇසුරකට හෝ සිත් සතුට කටය.
  • කාකයෙන් ගෙයක්‌ මත සිට පෙරදිග බලා හඬා නම් ගෙහිමියාට රජයෙන් බියකි.
  • ගිනිකොණ හෝ දකුණු දිග නම් සොර බියකි.
  • නිරිත හෝ වරුණ දෙස නම් බන්ධන බියද වයඹ උතුර හෝ ඊ සාන දෙස බලා හඬානම් කලහයක්‌ හෝ භීතියක්‌ද වෙයි.
  • ගෙයක්‌ මත සිට ශාන්තව පෙරදිග බලා හඬා නම් මිතුරෙකුගේ පැමිණීමකට.
  • ගිනි කොණ බලා නම් අමුත්තෙකුගේ පැමිණීම.
  • දකුණු දිග බලා නම් භෝජන ලාභයක්‌.
  • වරුණ දෙසබලා හඬයි නම් මාංශ හෝ ධාන්‍ය හෝ ස්‌වර්ණ ලාබයක්‌.
  • වයඹ දෙස බලානම් ලෝභ ආයුධ හෝ වැල්වල හටගන්නා ගෙඩිද ලැබීමටය.
  • උතුර දෙස බලා හඬා නම් කිරි බත් හෝ වස්‌ත්‍ර ලාභයක්‌ද ගෙන දෙයි.
  • කාකයෙන් නව දළු සහිත ගසක සිට හෝ මල් ගෙඩි ඇති ගසක හෝ මියුරු රසැති ගෙඩි ඇති ගසක සිට හෝ සිදුරු නැති ගසක සිට හැඩී නම් යහපත්ය.
  • කටු ගසක සිට නම් කලහයකි.
  • මුදුන දැවුන ගසක සිට නම් කරදරයකටය.
  • මළ රුකක සිට නම් රෝගයකටය.
  • තිත්ත රසැති ගසක සිට නම් පාපයකට හා කාර්ය හානියකටය.
  • නිවස ඉදිරිපිට තනන ලද කපුටු කූඩු නිසාද කරදර පැමිණෙයි.
  • අශූභ නැකැත් වේලෙහිද අසුබ දිනවලද කාකයන් මිනිසුන්ගේ ඇඟ මත මල පහ කෙරේ නම් රෝග හා අර්ථ හානි ගෙන දේ.
  • කාක මළ පිරිමින්ගේ දකුණු පසද අඟනුන්ගේ වම් පසද වැටුනොත් යහපතට නිමිතිය.

උපුටා ගැනීම දිවයින

Share This Article

පාට පිරුණු ලෝකයක්‌ අපල සපල යෝගයක්‌

සතියට දින හතක්‌ තිබේ. දින හත හඳුන්වන්නේ ග්‍රහයන් හත්දෙනකුගේ නමිනි. සඳුට හිමි දවස සඳුදා ආදී වශයෙනි. රාහු හා කේතුට හිමි දවස්‌...

සිතූ පැතූ සම්පත් ලබාදෙන හනුමා අංජනම  බලන හදන හැටි මෙන්න

හනුමා ගැන කියන විට අප කාටත් මතක්‌ වන්නේ අංජනම ගැනයි. එහෙත් හනුමා රාම සීතා පෙම් සබඳතාවයදී යුද්ධයේදී ඔහුට හිමි වන්නේ ප්‍රමුඛස්‌ථානයකි....

දෙවියන්ට පහන් දැල්වීම සහ දේව දඬුවම්

අප සමාජය තුළ සිටින බොහෝ දෙනා දෙවියන් විශ්වාස කරන අතර එයින් සමහරෙක් දෙවියන්ගේ පිහිට පතා දෙවියන්ට පහන් දැල්වීමක් තමන්ගේ නිවෙස තුළ...

කවුරුත් බයවෙන මොනවද මේ කෝණ මාස…

කෝණ මාස නිතරම භාවිත කෙරෙන වචන දෙකක්. බොහෝ කටයුතුවලදී ජ්‍යොතිෂය සම්බන්ධ කරගැනීම මෙරට ජනයාගේ ප්‍රධාන කාරණාවක්. මන්ද තමන් කරන්නට සූදානම් වන...

ඇදුම රෝගය අඩු වැඩි වෙන්නේත් චන්ද්‍රයාගේ ගමන අනුව

අප ජීවත්වන පෘථිවිය හිරු වටා ගමන් ගන්නා ග්‍රහලෝක අතරින් එකකි. පෘථිවියට තමන්ගේ අක්‍ෂය වටා කරකැවීමට පැය 23 මිනිත්තු 56 තත්පර 4ක්...

දකින සිහින සැබෑ වෙනවාද?

අප වැඩි දෙනකු හොඳින් දන්නා සැබෑ වූ සිහින දෙකක් තිබේ. ඉන් පළමු වැන්න මහ බෝසතාණෝ පිළිසිඳ ගැනීමට පෙර මහාමායා දේවිය දුටු...