ස්ත්‍රීන්ගේ ශරීරාංගවලින් ඇගේ චරිතය

ස්ත්‍රීන්ගේ ශරීරාංගවලින් ඇගේ චරිතය

යූවතියකගේ වටිනාම වස්තුව ඇයගේ මූහූණය. එය මූසාවක් යැයි පැවසිය නොහැකිය. කාන්තාවකගේ මූහණේ ඇතිවන හැගීම් ප්‍රකාශ කිරීම තුළින් දිනාගත නොහැකි දෙයක් ලොවෙහි නැතිය. ඔබේ රූ සපූව අලංකාර කර ගැනීමට විමසිලිමත් වූවා මිසක මූහුණෙ හැඩය පිළිබඳව හා එහි පිහිටි හැඩය අනූව ඔබේ චරිත ලක්ෂණ හෙළිවන බව ඔබ මොහොතකට හෝ නොසිතන්නට ඇති. ස්ත්‍රීන්ගේ ශරීරාංගවලින් ඇගේ චරිතය හෙළිවන බව දෛවඥයන් මෙන්ම මනෝ විද්‍යාඥයන් ද පිළිගනී. ශරීරාංගවලින් ඔබේ ගති ගුණ හෙළිකරන ග්‍රහයෝග යටතේ අද අප සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ ඔබේ මූහූණේ හැඩය අනූව හෙළිවන චරිත ලකෂණ පිළිබඳවයි.

  • කිසියම් කාන්තාවකගේ මූහූණ කෘෂ (කෙටිටූ) ස්වභායකින් යූතු නම් ඈ තරමක් දරුණූ ගති ස්වභාවයක් පෙන්නම් කරයි. එසේ වූව ද ඇය සිය මිතුරන් අතරේ පරිත්‍යාගශීලී තැනැක්තියක ලෙස ඉතා ජනප්‍රිය වේ.
  • සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඔබේ මූහූණ සිහින්ව පිහිටා තිබේ නම් ඔබ කළහකාරී ගති ගුණවලින් යූතු වන අතර ඔබේම සොයූරු සොයූරියන් සමග වූවද ගැටූම් ඇතිකර ගනී. මේ නිසා ඔබට මිතුරු මිතුරියන් අඩූවේ. මෙසේ වූව ද ඔබට දැඩි ආත්ම විශ්වාසයක් ඇති බව පෙනේ.
  • මාංශවලින් පිරුණූ මූහූණක් පවතින්නේ නම් ඔබ නිදහස් සිතුවිලි දරන්නියකි. වෙහෙස මහන්සිවී උපයා ගන්නා ඇය අර පරිස්සමින් විය පැහැදම් කිරිමේ ශක්තියක් සහජයෙන්ම ඔබ සතු වන අතර යමක් නිවැරදි අයූරින්ම වටහා ගැනීමේ ශක්තියක් ඇතිවාක් මෙන්ම අන් අය සමග සූහදව කටයූතු කරන සමාජශීලි තැනැක්තියකි.
  • ඔබේ මූහූණ රවූම් ආකාරයට පිහිටා ඇතිනම් ඔබ ඛෙහෙවින්ම අනූකම්පා සහගත යූවතියකි. අනූන්ගේ දුක අවබෝධ කරගත හැකි මෘදු මොළොක් හදවතකින් යූතු ඔබට කුඩා දරුවන් ඛෙහෙවින්ම ඇල්මක් දක්වයි. එමෙන්ම එවැනි කාන්තාවන්ට වාසනාවන්ත දරුවන් ද ලැබේ.
  • මූහූණ වටකුරුව, කුඩාවට පිහිටා ඇත්නම් ඔබට උසස් අධ්‍යාපනයක් ලැබීමේ වාසනාව ඇත. දාර්ශනික අදහස්වලින් පරිපූර්ණ ඔබ පූහූ ආටෝප වලින් තොරව චාම් සරල දිවිපෙවෙතක් ගත කරයි.
  • මූහූණ දිගටි හැඩයෙන් යූතු නම් ඔබේ දැහැමි සිතුවිලි හා ගතිගුණවලින් යූතු වූවත් දුක් කම්කටොලුවලටද ඇය ගොදුරු වෙයි. එසේ වූවත් ඇය නිර්භීත කාන්තාවක් ලෙසට හැඳින්විය හැකිවේ.
  • ඔබේ මූහූණ පිරිමියෙකු මෙන්ම දිස්වේ නම් ඔබ විවාහවීමේදී වඩාත් සැලකිලිමත් විය යූතුයි.
  • දැලි රැවූල පිහිටා තිබේනම් ඇයට දුක්කම්කටොලුවලට මූහූණදීමට සිදුවෙයි. එහෙත් දෙකම්මූල්වල සාමාන්‍ය රෝම කූප තියෙනවානම් ඉතාමත් වාසනාවන්තයි.
  • ඇතැම් කාන්තාවන්ගේ මූහූණ පළල් හැඩයකින් පිහිටා තිබේ. එවැනි කාන්තාවන් ව්‍යාපාර කටයූතුවලට දක්ෂ මෙන්ම දියූණූවීමේ වාසනාවද ඇය සතුව පවතී.

ජෝ‍යතිර්වේදී, ඩී. පී. ජයසිංහ

උපුටා ගැනීම සිංහලමග් වෙබ් අඩවිය ඇසුරෙන්.

Share This Article

විෂ්ණු දෙවියන්ට බටකොළ කැවූ සෙනසුරා

සෙනසුරාගේ නම ඇසෙන විටත් බොහෝ දෙනෙක් බිය වෙති. සෙනසුරු ඒරාෂ්ටකය, සෙනසුරු දශාව මෙන්ම උපතේදී සෙනසුරු පිහිටි ආකාරය පිළිබඳව විවිධ මත පවතියි....

කපුටන්ගෙන් වැඩ ගැනීමෙන් විශාල හානියක්

ජ්‍යොතිෂ්‍ය හා බුද්ධාගම යනු එකක් නොවේ දෙකකි. ‍ජ්‍යොතිෂයෙන් කියැවෙන්නේ දෛනිකව මිනිස් ජීවිතය සාර්ථක කර ගැනීමේ ක්‍රමවේදය ගැනයි. ඒ සඳහා යහපත්ව අවබෝධ...

රාහු කාලය ඇත්තක්ද? බොරුවක්ද?

රාහු කාලය තරම් මිනිසා සසල කරවන මොහොතක් තවත් නැති තරම්. එහෙත් එසේ වන්නේ මොන හේතුවක් උඩදැයි කියා නොම දනී. දන්නේ රාහු...

අයුක්තියට, අසාධාරණයට අකමැති සිංහ ලග්නයෙන් උපන් ඔබ ගැනයි මේ

ග්‍රහ මඩුල්ලේ රජු වශයෙන් සැළකෙන රවි ග්‍රසහයා හෙවත් ග්‍රහලොව පියාට අයත් රාශියකි. තේජෝ ගුණයෙන් යුතු පුරුෂ රාශියක් වන මෙය රවි ග්‍රහයා...

ඔබ උපන්නේ මාසයේ

පළමු වන දා නම් : ඔබ නායකත්වයට හා පාලනයට ඉතා දක්ෂ අයකු ලෙස සැලකේ.ඔබට ඉතා විශාල ආත්ම ශක්තියක් හිමිය. ඔබ තෝරාගන්නා...

විවාහයේ හොඳම නැකත මධු සමය සඳහා නැකතයි

විවාහ කටයුතු සඳහා නැකත් සෑදීමේ දී පැරණි සම්ප්‍රදාය අනුව මනමාලයා නිවසින් පිටත්වීම, පෝරුවේ නැගීම, මුදු මාල පැලඳවීම මනමාලිය කැන්දාගෙන යෑම ආදී...