තිතට වැඩ කරන අපේ කෙම් පිළිවෙත්
ඉක්‌කයි මායි කොළඹ ගියා ඉක්‌කා තියා මං ආවා ඒ ජනවහරේ එන පොඩි දරුවන්ගේ කවියකි. මෙම කවිය නොකඩවා සත්වරක් කීමෙන් ඉක්‌කාව නවතියි. එය ඉක්‌කාව නැවතීමට කෙම් පිළිවෙතකි. කෙම් ක්‍රම බොහෝවිට පැරණියන් ප්‍රයෝජනයට ගත්තේ මන්ත්‍ර සාස්‌ත්‍රයට, වෙදකමට, ගොවිතැනට බැඳුණු යහපත් දේ වෙනුවෙන්ය. කෙම් පිළිවෙත්, කෙම් පහන්, කෙම් වෙදකම යනුවෙන් කෙම් සඳහා නාමකරණයන් රැසකි.
කෙම් යනු කුමක්‌ද?
එය කතාවෙන් තොරව කරන ක්‍රියාවකි. ප්‍රතිකාරයකි. කෙම් වෙදකමෙහිදී ඛෙහෙත්වල නම් නොකියෑවෙයි. ඇසක නගනයක් මතු වූ විටෙක කිසිවකු ප්‍රයෝජනයට නොගන්නා තුත්තුරි ගසෙහි යුෂද කතා නොකර ඇසෙහි ගැල්වීම කෙම් ප්‍රතිකාරයකි. සර්පයකු දෂ්ඨ කළ අයෙකු වෙද නිවසට ගෙන ආ විට එය පවසන තැනැත්තාට වෙද මහතා අත දිගහැර කම්මුල් පහරක් ගසයි. එයද කෙම් ශාස්‌ත්‍රයේ සර්ප විෂ බැස්‌සවීමට කරන කෙමකි. කම්මුල් පහරේ වේදනාව වෙනත් අයෙකුටය. සර්ප විෂ බැසීම සිදු වන්නේ සර්පයා දෂ්ඨ කළ රෝගියාගේය. ඉන්පසු රෝගියා වෙත ප්‍රතිකාරය යොමු වෙයි. පැමිණි පිරිස අනුවද රෝගියා සුවපත් කළ හැකිද නොහැකිද යන්න තීරණය කිරීමටද වෙද මහතාගේ ශිල්පය දක්‍ෂය. කෙම් ප්‍රතිකාරය ඇතැම් විටෙක සිදුවන්නේ රෝගී ස්‌ථානයට නොවේ.
දත් කැක්‌කුමට හුණු ස්‌වල්පයකින් නිවසේ යටලීයේ ඉරි හතක් ඇඬෙයි. නැතහොත් කකියන දතෙහි කෙල යකඩ ඇණයක තවරා කතා නොකර කිරි ඇති ගසක (කොස් ගසක) ගැසීමෙන් දත් කැක්‌කුම සුවවෙයි. පාන්දර කුකුළා හැඬලීමට පෙර තුඹ ගසකින් කොල කිහිපයක් කඩා කතා නොකර එම යුෂ ගෙන දත් කැක්‌කුම ඇති පැත්තේ කනට වැක්‌කිරීමෙන් දත් කැක්‌කුම සුවවෙයි. කෙම් ක්‍රම ගුප්තය. රහස්‌ය. එම රහස් රහසිගතව භාවිත කරන තරමටම එහි ප්‍රතිඵල වැඩිය. එය රටින් රටට මෙන්ම රටක පළාත් අනුවද විවිධ වෙයි.
කකුලක් හිරි වැටුනු විට අනෙක් කකුලේ මහපට ඇඟිල්ල පැගීමද හිරිවැටීම වළකන කෙම් ක්‍රමයකි. කැඩුණු කකුල වෙනුවට රෝගියා නිදා සිටින ඇඳේ කකුලක බේත් බැඳ රෝගියා සුවපත් කිරීමට තරම් අතීත කෙම් වෙදකම විශ්මිතය. ඛෙල්ලේ උලුක්‌කුවට නිදාගන්නා පැදුරු-කොට්‌ට අව්වේ දැමීමත් සරළ කෙමකි. කෙම් සඳහා සංඛ්‍යාත්මකව භාවිත කරන්නේ ඔත්තේ සංඛ්‍යාවන්ය. 3-5-7-9 ආදි සංඛ්‍යාවන්ගෙන් මැතිරීම, ගැට දැමීම, මන්ත්‍ර ශාස්‌ත්‍රයේ කෙම් ප්‍රතිකර්මයෝය. පළ නොදරන කොස් ගසකට මෝල් ගසකින් හත්වරක් පහර දෙන්නේ දරුවන් ඇති අම්මා කෙනෙකි. කතා නොකර කරන එම කෙම් ප්‍රතිකර්මයෙන් ගසේ පලදාව ඇති වෙයි. ගමේ රා මදින්නා කිතුලයකින් තමන් හට රා නොදුන හොත් ඇතැමෙකු කරන්නේ එම ගසේ කඳට මොල් ගසකින් තුන්වරක් ගැසීමය. එයින් ගසේ මල ඇහිරී යයි. රා නැතිවෙයි.
මන්ත්‍ර ශාස්‌ත්‍රය අනුව ගෙවල් පාළු කිරීමටද කෙම් ක්‍රම ඇත. එම මන්ත්‍රයට ඇත්තේ අකුරු දහතුනෙකි. දහතුන අසුබ සංඛ්‍යාවක් ලෙස පිළිගැනීමක් ඇත. මැදියම් රාත්‍රියේ නිරුවතින් සොහොනක් වෙත ගොස් පස්‌මිටක් ගෙන එයට හත්වරක් මතුරා අදාළ නිවසේ වහළයට ඉහළින් කතිර සලකුණක් සේ දෙපැත්තකින් පස් විසිකරීමෙන් නිවස පාළුවෙයි. නිවැසියන් නිවස හැරයයි. එම නිවැසියන් අසුබ කල නිවසෙහි සාංඝික දානයක් දීම එම දෝෂ භංග වීමකි. වින කළ තැනැත්තා වෙතම දොස් පැමි,මට එයම සමත්වෙයි. එය කෙම් ශාස්‌ත්‍රයේ නොකළයුතු ක්‍රියාවන් හා ප්‍රතිවිපාකයන්ය. මන්ත්‍ර ජපකිරීමෙන් ප්‍රාණය ලබයි. බලවත් වෙයි. කෙම බලවත් වන්නේ නිහඬව සිත එක අරමුණකට ගොනු කිරීමෙනි. එයට චිත්ත බලය හෝ සත්‍යක්‍රියා බලය යෑයි නිර්වචනය කළ හැකිය.
ඇස්‌වහ - කටවහ ද කෙම් සම බද්ධව පවතියි. ඇතැමුන් උදැසනක දැකීම, පෙරමගට හමුවීම අසුබය. ගැමියන් තම පඳුරේ ඇති කෙසෙල් කැන, ගෙඩි පිරීගිය කොස්‌ගස විශේෂිත පුද්ගලයන්ගේ දැකීමෙන් වළකා ගැනීමට උත්සාහ කරති. එම විශේෂිත පුද්ගලයන්ගේ දැකීමෙන් වදනකින් ගස් වඳ පීදීමටත්, පලදාව අකාලයේ හැලීයැමටත් හැකි බව ගැමි විශ්වාසයයි. "බාලගිරි දෝෂය අද නෙමෙයි හෙට" යනුවෙන් ද "මෙම නිවසට බුදු සරණයි" යනුවෙන් ද ලියා තැබීම ආරක්‍ෂක කෙම් ක්‍රමයකි. එහෙත් තනාගෙන එන නිවාස ඉදිරිපස යක්‍ෂ මුහුණු, පඹයන් එල්ලීම අසුබ හානිකර බව නොදැන හෝ තමන් වෙත ළඟාකර ගැනීමකි. පහත් ආත්මයන්ගේ බලවේගයනට එම නිවාස ගොදුරුවීම නිවසට, නිවැසියන් හට අයහපත උදාවීමකි. ආදියෙහි කුඹුරට බසින ගොවියා දැත එක්‌කර අහසට නමස්‌කාර කරයි.
උදැල්ලට දැත් එක්‌කර වඳියි. කුඹුරේ පස් පිඩක් ගෙන සිප පසෙක තබයි. එයද ගොවිතැන ආරම්භයේ කෙරෙන යහපත් කෙම් පිළිවෙතකි. නොපෑගුණු දිය පහරකින් වැලි දෝතක් ගෙන සුවඳ දුම් අල්ලා "සබ්බ පාසස්‌ස" ගාථාවෙන් විසිඑක් වර මතුරා නිහඬව කුඹුරේ සතරකොන ඉසීම ගොයම් මැස්‌සන්ගෙන් ගොයම ආරක්‍ෂාවන කෙම් පිළිවෙතකි. පීදෙන ගොයමට පරණ සිවුරු කැබලි වලින් පහන්තිර අඹරා කොහොඹ තෙල්වලින් කුඹුරේ නියර මත පහන් දැල්වීමද කෘමි උවදුරට කෙම් පිළිවෙතකි. බදාදා - සෙනසුරාදා යන දෙදින කෙම්මුර දිනයන් ලෙස හැඳින්වෙයි. එම දිනයන්හි දේව ආකර්ෂණය බලවත්ව යොමුවන බව විශ්වාසයකි. ගුප්ත විද්‍යාත්මක පදනමක් ද කෙම් ක්‍රමයන් බලවත් වීමට හේතුවයි. මන්ත්‍ර ශාස්‌ත්‍රයද එයට මූලික වෙයි.
මන්ත්‍ර ශාස්‌ත්‍රයේ අසනීප වූ විට නූල් බැඳීම, වතුර මැතිරීම ගුප්ත වූ මන්ත්‍ර සාස්‌ත්‍රයේ කෙම් පිළිවෙත්ය. විවාහපේක්‍ෂිත යුවළක් පෝරු මස්‌තක වීමේදී පෝරුව මත සහල් ඇතිරීමද කෙම් ක්‍රමයකි. බලවත් වූ ගුප්ත ආරක්‍ෂාවකි. විවාහයකද ඇවැස්‌ස නෑනා - මස්‌සිනා නෑකම බලවත්ය. නෑනා පිට ගමකට දීග යන්නේ නම් මස්‌සිනාට කෙම් ක්‍රම මගින් නෑනා පෝරුව මත සිහිසුන් කළ හැකිය. එයට නොයෙකුත් ගුප්ත ක්‍රමයන්ද ඇත. නෑනා අවමානයට පත්වීමට එය මහඟු අවස්‌ථාවකි. පෝරුව යන්නෙන් පුවරුව - ඉහළට එසැවුණු තට්‌ටුව යන අර්ථය දෙයි. පහන් දල්වා තෙරුවන් ගුණ සිහිකර යුවළක් පෝරුවට නැගීම යනු නව යුවළ පොළොවේ ආකර්ෂණයෙන් මුදා ඉහළට ඔසවා තැබීමයි. එහිදී ඔවුන් වෙත තිසරණයෙහි බලය සහ විශ්වයේ බලවත් වූ ශක්‌ති සමූහයාගේ ආකර්ෂණය ආශිර්වාදය හිමිකර දීම පෝරුවේ චාරිත්‍රයන්හි අරමුණයි. පොරුව මත දොස් දුරුවන ආශිර්වාදාත්මක සහල්, වී, ලදපස්‌මල් යනාදිය ඇතිරීමෙන් ඒ මත සිටින්නා වූ නව යුවළ වෙත අසුබ දොස් තරංගයන්ගේ පැමි,ම වැළකෙයි. වියෑකෙයි. එහෙයින් පෝරුව මත සහල්, වී යනාදිය ඇතිරීමද යහපත් වූ කෙම් පිළිවෙත්වලට අයත් වෙයි. කෙම්මුර දිනයන්හි පුද පූජා තැබීමෙන්ද කෙම්මුර දිනයේ කෙම්මුර ඛෙර පද වාදනයෙන්ද දේව ප්‍රසාදය ලැබීමට හැකිවෙයි. ජන ජීවිතය තුළ ගැමියන් එදා කෙම් ක්‍රම යොදා ගත්තේ තම යහපතටය. සෞභාග්‍යයටය. වර්තමාන නවීකරණය තුළ මෙම කෙම් ක්‍රම තුරන් වී යන්නේය. එය යහපත්ව හඳුනාගැනීම සහ අනුගමනය කිරීම අපි අපේ අනාගත පරපුර වෙනුවෙන් කරන්නා වූ මහඟු සේවයක් වන්නේය. එලෙසින්ම එය සිංහල පාරම්පරික ජන සංස්‌කෘතියේ සිරිත විරිත් ආරක්‍ෂාකර ගැනීමක් නොවන්නේද?
ජ්‍යොතිෂවේදී මතුගම ජයනෙත්තිඋපුටා ගැනීම දිවයින පුවත්පත