නිවැරදිව පහන් තබා දේව ආශිර්වාදය ලබාගන්න

නිවැරදිව පහන් තබා දේව ආශිර්වාදය ලබාගන්න

අද ඔබ දැනුවත් කරන්නේ “දෙවිදේවාතාවුන්” වෙනුවෙන් නිවැරදිව පහන් තබා දේව පිහිට ලබා ගන්නා ආකාරයයි. බොහෝ දෙනා තම තමන්ගේ කැමැත්ත හා විශ්වාසය මත තමා කැමති දෙවියන්ට පහන් දල්වයි. එය නිවැරදිය. සුදුසු වේලාවන්ට පහන් දැල්වීමෙන් ආශිර්වාදය ලබාගත හැක. මෙම කටයුත්ත නියමිත දිනට නියමිත වෙලාවට නිතිපතා වත්පිලිවෙත් අනුව කිරීමෙන් මහඟු ප්‍රතිපල අත්විඳිය හැකියි. නමුත් සමහර අය තමන්ට යම් කරදරයක්, ලෙඩක්, දුකක්, ඇතිවුණු විට යම් යම් දෙවිවරුන් උදෙසා පහන් තබයි. එය තමන්ගේ අවශ්‍යතාවය පිරිමසා ගැනීමට කරන තාවකාලික යාදින්නකි. මෙවන් අයට දේව පිහිට ලැබිමට අපහසු වේ. විශේෂයෙන්ම දෙවියන්ට පහන් තැබිමේදී දැනගත යුතු කරුණු බොහොමයක් ඇත. පහන් පැල සාදන දිශාව නිවැරදි විය යුතුමය. ඔබගේ නිවසේ උතුරු, ඊසාන හා නැගෙනහිර දිශාවලින් මහත් සුබ පල ලද හැකිය. ඊසාන දිශාව වඩාත් සුබයි. අනෙක් දිශාවන් අතරින් මරු නැති දිශාව ඊසාන දිශාවයි. පහන්පැල තබන ස්ථානය හා ඒ අවට සුද්ද පවිත්‍ර කර සුදු වැලි අතුරා පහන් පැල සාදා ගන්න. විශාල ඉඩමක නම් බ්‍රහ්ම පාදය සුදුසුයි. විශේෂයෙන්ම බුදුන් වහන්සේ වෙනුවෙන් පහන් තැබිමේදී සවස 5.24 සිට 5.48 දක්වා කාලය සුබයි.

දෙවියන් වෙනුවෙන් පහන් තැබිමේදී නියමිත කාලයන් ඇත. එම කාලවේලාවන් පිළිවෙළින් දක්වමු.

  • ධර්ම දේවතාවුන්ට සවස 5.24 - 5.48 දක්වා
  • මහා බ්‍රහ්මයාට රාත්‍රි 8.07 - 8.24 දක්වා
  • භද්‍රකාලි දෙවියන්ට රාත්‍රි 10.01 - 10.23 දක්වා
  • ගම්බාර සූනියම් දෙවියන්ට රාත්‍රි 10.23 - 10.47 දක්වා
  • දැඩිමුණ්ඩ දෙවියන්ට රාත්‍රි 10.47 - 11.11 දක්වා
  • කතරගම දෙවියන්ට රාත්‍රි 11.36 - 12.00 දක්වා
  • සත්පත්තිනි දෙවියන්ට රාත්‍රි 12.00 - 12.12 දක්වා
  • සරස්වතී දෙවඟනට රාත්‍රි 12.12 - 12.24 දක්වා
  • විෂ්ණු දෙවියන්ට රාත්‍රි 12.24 - 12.36 දක්වා
  • ඊෂ්වර දෙවියන්ට රාත්‍රි 12.36 - 01.00 දක්වා
  • හතරවරම් දෙවියන්ට රාත්‍රි 01.00 - 01.24 දක්වා
  • සුමන සමන් දෙවියන්ට රාත්‍රි 01.24 - 01.48 දක්වා
  • විභීෂණ දෙවියන්ට රාත්‍රි 01.48 - 02.00 දක්වා

ශක්‍ර දෙවියන්ට දේව ආශිර්වාදය පතා පහන් දැල්වීම් නොකළ යුතු වේලාවල් පහත දක්වමු. සවස 6.00ට සිට රාත්‍රී 10.00 දක්වා කාලය යක්ෂ දිෂ්ටි බැල්ම හෙලන වේලාව බැවින් පහන් දැල්වීමෙන් වළකින්න.

  • රාත්‍රි - 6.00 - 6.24 දක්වා මහසෝන් දිෂ්ටිය රාත්‍රි - 6.24 - 6.48 දක්වා රීරියක්ෂ දිෂ්ටිය රාත්‍රි - 6.48 - 7.12 දක්වා
  • සූනියන් ඔඩ්ඩීස යක්ෂ දිෂ්ටිය රාත්‍රි - 6.12 - 7.36 දක්වා
  • කඩවර දිෂ්ටිය රාත්‍රි - 7.36 - 8.07 දක්වා
  • කළුකුමාර දිෂ්ටිය රාත්‍රි - 8.07 - 8.24 දක්වා
  • භද්‍රකාලි දිෂ්ටිය රාත්‍රි - 8.24 - 8.48 දක්වා
  • මදන යක්ෂ දිෂ්ටිය රාත්‍රි - 8.48 - 9.12 දක්වා
  • ගොපලු යක්ෂ දිෂ්ටිය රාත්‍රි - 9.12 - 9.36 දක්වා
  • බහිරව දිෂ්ටිය රාත්‍රි - 9.36 - 10.01 දක්වා
  • කොහොඹ යක්ෂ දිෂ්ටිය

උපුටා ගැනීම ලක්බිම පුවත්පත

Share This Article

ඇස්වහ කටවහ දුරු කරන කෙමක්

වර්තමාන ජන සමාජය වූකලී අතිශයින් සංකීර්ණ මෙන්ම කාර්යබහුල වූ සමාජයකි. එසේම නූතනයේ තාක්‍ෂණයේ දියුණුවත් සමඟින් අපට සිතාගත නොහැකි පුදුම නිර්මාණයන් දිනෙන්...

කුල කාන්තාවන්ගේ ලක්ෂණ

කුල කාන්තාවන්ගේ ලක්ෂණ• තම සැමියාට හෝ වෙනත් අයකුට යමක් දෝතින් දෙනු ලබන ස්ත්‍රිය ආත්මාභිමානයෙන් යුක්තය. පින් ඇත්තියකි.• මහලු මෑණිවරුන්, පියවරුන්ට හැමවිටම...

මෙවැනි ස්ත්‍රීන් සමඟ දීග කන්න බැහැ

මෙලොව උපත ලබන සියලුම මනුෂ්‍යයෝ ළදරු වියේ පටන් ක්‍රමයෙන් වැඩී යෞවනත්වයට පත්වූ පසු විවාහ දිවියට පා තැබීම සිරිත වේ. විවාහය ප්‍රමාද...

මළ ගෙවල්වල ගියාම කිලි අසුවෙනවාද?

අපල සමනය කර ගැනීම පිණිස කරන යන්ත්‍ර මන්ත්‍ර භාවිතයේදී නිතර කියවෙන “කිලි” යන වචනය කාටත් හුරු පුරුදුය. යන්ත්‍ර පළදින අයට ඒවා...

වෙසමුනිගෙන් වරම්ගෙන යෛෟවනියනට බැල්ම හෙලන කළු කුමාරයා

ස්‌ත්‍රිය රෝගී කරවයි දෝෂය ඉවත්කරගන්න මන්ත්‍රයක්‌ මෙන්න කළු කුමාර දිෂ්ටිය විශේෂයෙන්ම වැටෙන්නේ ස්‌ත්‍රී පාර්ශ්වයටය. මල්වර වූ සෑම ස්‌ත්‍රියකටම කළු කුමාර දෝෂය ඇතිවන බව...

ධනවත් වීමට දැඩි රුචිකත්වයක් ඇති කන්‍යා ලග්න හිමියන්

මෙලොව උපදින ඕනෑම කෙනකුට පළමුවෙන් හිමිවන්නේ ලග්නයයි. ඔහුට හෝ ඇයට නමක් පවා හිමි වන්නේ ලග්නය ලැබීමෙන් පසුයි. කෙනකු උපදින මොහොතේ නැඟෙනහිර...