කුජගේ අපලවලට නොවරදින පිළිවෙත්

ජන්මියකු මෙලොවට දායාද කළ දෙමව්පියන්ට පහරදීම ඔවුන් ඝාතනය කිරීමෙන් ආනන්තර්ය පාපකර්මයට ගොදුරුවීම සතුන් දඩයම් කිරීමෙන් ප්‍රාණගාත අකුසලය සිදුකිරීම පර අඹුවන් පර පුරුෂයන් සමග වැරදි කාම සේවනයේ යෙදීම හෙවත් කාමයේ වරදවා හැසිරීමේ ශික්‍ෂා පදය කඩකිරීමෙන් තම දරු පවුල් අවුල් සහගත තත්ත්වයන්ට පත් කිරීම හා නිතර නිතර කෝපසහගත ලෙස හැසිරෙමින් කෝපාවිෂ්ඨව ක්‍රියාකිරීමේ අකුසලකර්මවලට විපාක වශයෙන් මේ ආත්මභාවයේ "කුජ" ග්‍රහයාගෙන් එල්ල වන්නාවූ පීඩාකාරී තත්ත්වය හෙවත් "කුජ අපලයෙන්" පීඩා විඳීමට සිදුවේ. එවැනි තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවූවන්ට පහත සඳහන් ශාන්තිකර්ම මගින් කුජ අපලය දුරුකර ගැනීමට හැකිය.

කුජ අපලයට වත් පිළිවෙත් :

අඟහරුවාදා දිනවල කුජ හෝරාවෙන් එනම් පෙ.ව. 6.00 - 7.00 අතර හෝ ප.ව. 8.00 - 9.00 අතර කාලය තුළ බෝධියේ දකුණු දිශාවේ පස්‌තෙල් පහන් දල්වා රතු නෙළුම්, රතු අරලිය, රතු කනේරු (රතු කනේරු ඉතා සුබ වේ) ආදී රතු මල් සුවඳ දුම් පූජා කර හල්දුම්මල වලින් බෝධියට දුම් අල්ලන්න. අපලකරුගේ උසට ගොතාගත් රතු කනේරු මල් මාලයක්‌ ද අඟහරු දොස්‌ දුරුවේවා යනුවෙන් ලියූ රතු කොඩියක්‌ ද බෝධියේ දකුණුපස එල්ලන්න. පෙරාගන්නා ලද පැන් කළයක්‌ ගෙන මහා මංගල සූත්‍රයෙන් 3 වරක්‌ ද චක්‌ක පිරිතෙන් 3 වරක්‌ ද අභිසම්භිධාන පිරිතෙන් 3 වරක්‌ ද පිරිත් කර "කුජ අපලය" දුරුවේවායි ප්‍රාර්ථනා කර බෝධිය නාවන්න. පහත සඳහන් කුජ පීඩාහර ස්‌තෝත්‍රය 9 වරක්‌ ගායනා කර බෝධිය අබියසදීම කතරගම දෙවියන්ට පිං අනුමෝදන් කර අපල දුරුකර දෙන මෙන් ඉල්ලා සිටින්න.

කුජ පීඩාහර ස්‌තෝත්‍රය :

අංගාරකඃ ශක්‌තිධරෝ - ලොහිතාංගො ධරාසුතඃ කුමාරො මංගලො භෞමො - මහාකායො ධනප්‍රදඃ

ඍණාණාකර්තෘ දෘෂ්ටි කර්තෘ - රෝග කෘෙද්‍ර ශතාශනඃ විද්යුත් ප්‍රභො ව්‍රණ කරඃ - කාමදො ධනහෘත් කුජඃ

සාම ගාන ප්‍රියොරක්‌ත - වස්‌ත්‍රො රක්‌තායතෙ ක්‍ෂණඃ ලොහිතො රක්‌ත වර්ණශ්ව - සර්ව කාර්මාච බොධකඃ

රක්‌තමාල්‍ය ධරොහේම - කුණ්‌ඩලී ග්‍රහ නායකඃ නාමාෙන්‍යතානි භෞමස්‍ය - යඃ පඨෙත් සතනං නරඃ

ඍණං තස්‍යච දෞර්භාග්‍ය - දාරිද්‍රංච විනශ්‍යතී ධනං ප්‍රාප්නොති විපුලං - ස්‌ත්‍රියං චෛව මනොරමාම්

මංගලෝ භූමි පුත්‍රශ්ව - ඍණ හරතා ධනප්‍රදඃ ස්‌ථිරාසනෝ මහා කායඃ - සුඛ සෞභාග්‍ය දායකඃ

වංශොෙද්‍යානකරං පුත්‍රං - ලභතෙ නාත්‍ර සංශයඃ යොර්වයෙ දග්නි භෞමස්‍ය - මංගලං බහු පුෂ්පකෛඃ සර්වානශ්‍යති පීඩාච - තස්‍ය ග්‍රහකෘතාධ්‍රැවම්

දිනපතා රාත්‍රි නින්දට පෙර ආගමික වතාවත්වලින් අනතුරුව පහත සඳහන් කුජ ස්‌තෝත්‍රය හා සෙත්කවිය නව වර බැගින් ගායනා කරන්න.

ස්‌තෝත්‍රය :

ධරණ ගර්භ සම්භූතං විද්යුත් කාන්ති සම්ප්‍රභම් කුමාරං ශක්‌ති හස්‌තානං මංගලම් ප්‍රාණ මා සභාම්

සෙත් කවිය :

පසළොස්‌ චරණය ගුණපිරි මුණි සදහම් මග පෙන්වාදුන් පහදා විඡ්ජා චරණය නැණ බල විහිදා කුජ ග්‍රහ අපලය දුරලන් සැමදා

Ö මැණික්‌ හා යන්ත්‍ර පැළඳීම කොරල් හෝ රතු මැණික්‌ ගලක්‌ පස්‌ලෝ මුදුවක අල්ලා අත පළඳින්න. නැතහොත් කොළොන් කොළයක ආකෘතියකට සවිකර ගෙළ පළඳින්න. ශාස්‌ත්‍රානුකූලව සකසා ගත් අභිසම්භිධාන යන්ත්‍රය එකී පිරිතෙන් 1008 වරක්‌ පිරිත් කර පළඳින්න.

Ö ඖෂධ පැන් ස්‌නානය බෙලිකටු, සුදු හඳුන්, බැබිල, රතු කනේරු මල්, ජටාමාංශ පෙරුන්කායං යන ඖෂධ සඳුදා දිනක නැවුම් කළයකට දමා එයට පෙරන ලද පැන් පුරවා පැය 12 කට පසු අඟහරුවාදා දිනයේ උදේ සාමාන්‍ය ස්‌නානයෙන් පසු ඖෂධ පැන් කළය පෙරා ස්‌නානය කරන්න.

Ö ගෙවත්තේ දකුණු දිශාවේ කොළොන් වෘක්‌ෂයක්‌ අඟහරුවාදා දිනක සිටුවා ස්‌පර්ෂ කරමින් සාත්තු කරන්න.

Ö අසරණ රෝගීන්ට ලේ දන්දෙන්න. රතු පැහැති ධාන්‍ය වර්ග රතු හාල්, රතු පරිප්පු, රතු කව්පි වැනි දේ ග්‍රහ දාන වශයෙන් ලබාදෙන්න. අතපය බිඳුණු ආබාධිත තරුණ පිරිමි පක්‍ෂයට විශේෂයෙන්ම හමුදා සේවයේදී එලෙස පීඩාවට පත් වූ අයට මේවා ලබාදීම හා උපස්‌ථාන කිරීමෙන්ද මරණයට කැප වූ එළුවන්, කුකුළන් බේරා ගැනීමෙන්ද කුජ අපලයෙන් වන පීඩාකාරී තත්ත්වය මගහැර ගත හැකිය. මේ සියලු කටයුතු සිදුකරන අතරතුර සිතෙහි ඇතිවන කෝපය මැඩගනිමින් හැකි සෑම අවස්‌ථාවකම අභිසම්භිධාන පිරිත සඡ්ඡාධායනය කරන්න. මෙනෙහි කරන්න.

ජ්‍යෙතිෂ්‍යවේදී - රංජන් සිසිර කුමාර

සටහන - ධම්මික හේවාවසම්

උපුටා ගැනීම දිවයින පුවත්පත

Share This Article

පාට පාට ආරුනූල්

අනෙක් මැණික්වලට වඩා විශේෂ කැපී පෙනෙන බලයක් සහ ශක්තියක් අද අපි කතා කරන්නට යන මැණික් වර්ගය සතු වෙනවා. ඒ තමයි මැණික්...

ග්‍රහයන්ගේ අවස්‌ථා

උපතේ දී ඉන්න ග්‍රහ තත්ත්වයන් අනුව විතරක්‌ රාශි 12 ට බැලුවත් ලිපි 120 කට කරුණු තියෙනවා නේ. එනිසා අද අපි මේ...

හෝරාව බලා වැඩ කළොත් ගොඩ යන්න පුළුවන්…

අපි කවුරුත් කැමැතියි අපි කරන වැඩ වඩාත් සාර්ථක වනවා දකින්න. සාර්ථකව වැඩකටයුතු ඉටුකර ගැනීමට අපගේ උත්සාහය නිවැරැදි කළමනාකරණය වගේ දේවල් ගොඩක්...

ලග්නය වෘෂභද? එහෙනම් මෙය කියවන්න

වෘෂභ ලග්න හිමියා ගැන හරියටම කිව හැක්කේ වෘෂභ ලග්න හිමියාටම පමණි. මේ නිර්වචනය වෘෂභ ලග්න හිමියාට කදිමට ගැළපේ. ඔහු හෝ ඇය...

කේන්දරය හෝ අත හෝ නොබලා කෙනකුගේ උපන් දිනයෙන් ද පලාපල කිව හැකිය

කේන්දරය බලන්නේවත්, අත බලන්නේවත් නැතිව, කෙනකුගේ උපන් දිනය අනුවද, ඔහුගේ හෝ ඇයගේ පලාපල කිව හැකිය. මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා,...

ඔබේ දිවත් මේ වගේද?

මිනිසෙකුට දිව නොමැතිව ජීවත්විය නොහැක. මන්ද ශරීර සෞඛ්‍ය රැකගැනීමට ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය කරන ආහාරපාන ගැනීමට උපකාරීවන බැවිනි. මීට අමතරව ජීව විද්‍යාත්මකව...