පොරොන්දම් සැසඳීම පිළිබඳව බොහෝ දෙනකු නොදත් රහස්

පොරොන්දම් සැසඳීම පිළිබඳව බොහෝ දෙනකු නොදත් රහස්

විවාහයේ දී විශේෂයෙන් යෝජිත විවාහයකදී පොරොන්දම් ගැළපීම බොහෝ දෙනකු අවශ්‍යයෙන්ම සලකන කාරණයකි. එය අපේ සංස්කෘතිය සමග ද බැඳී තිඛෙන දෙයකි. මෙම පොරොන්දම් පරීක්ෂණයේදී යෝනි සහ ලිංග පොරොන්දම් ගැළපීම හොඳින්ම සිදුවිය යුතුය යන කාරණය පිළිබඳව බොහෝ දෙනකු වැඩි අවධානයක් යොමු කරති. මෙම පොරොන්දම් දෙක නිසි ලෙස නොගැළපීම යුග දිවිය අසාර්ථක වීමට බලපාන ප්‍රධාන කරුණක් ලෙස ද සැලකේ. එවැනි අදහස් තුළ සිරවී සිටින විශාල පිරිසක් මෙම දීර්ඝ කාලය තුළ මට මුණ ගැසී ඇත. එමෙන්ම කාන්තාවකගේ යෝනි පොරොන්දමෙහි බැළලි හෝ බිළාල යනුවෙන් සඳහන්ව තිබිම ඇයට වේදනාකාරී සංසර්ගයක් උරුම වන බව කියා පාන්නක් බවට ද පොදු මතයක් තිබේ. අශ්ව, ඇත්, එළු යනාදී විශාල යෝනි ප්‍රමාණයකට නැකත් 27 ඛෙදා වෙන් කර ඇත. මේ යෝනි ඛෙදීම තුළ පරම වෛරී, සාමාන්‍ය වෛරී, අති මිත්‍ර, සාමාන්‍ය මිත්‍ර වශයෙන් එක් එක් යෝනි යුගලයන් දක්වා තිබේ. උදාහරණ වශයෙන් බළල්, මී, නයි, මුගටි, ඇත්, සිංහ, ගව, ව්‍යාඝ්‍ර, වඳුරු, එළු, වැනි යෝනි යුගලයන් පරම වෛරී ඒවා ලෙස සඳහන් වේ. ගව, එළු මිත්‍ර යෝනි වේ. ඇතැම් ජ්‍යොතීර්වේදීන් මෙන්ම සාමාන්‍ය ජනතාව ද මෙසේ නොගැළපෙන යෝනි හිමි අය එක්වීම යුග දිවියක් අසාර්ථක වීමට බලපාන හේතුවක් ලෙස විශ්වාස කරති.

ලිංගික කාර්යයේදී ඉස්මතු වන රුචිය පිළිබඳ ඉගියක් මෙම යෝනි පොරොන්දම තුළින් ඉදිරිපත් කර ඇති බව දීර්ඝකාලීන අත්දැකීම් තුළින් ප්‍රත්‍යක්ෂ වී ඇත. රාශිවල ගැලවීම හා ග්‍රහ පිහිටීම්වල ස්වභාවය අනුව මෙම යෝනි පොරොන්දමේ දෝෂ ඉවත් වන බව පැරණි සෘෂිවරුන් පෙන්වා දී ඇත. අනෙක් කාරණය නම් ජ්‍යොතීර්වේදීන් මගින් හෝ වෙනත් කාරණා අනුව මේවා දැඩිව සිතට කා වැදීම අනුව යුගදිවියේ අසාර්ථක තත්ත්වයට පත්වීමේ හැකියාවක් පවතින බවය. යෝනි පොරොන්දමේදී යෝනිය යනු ශරීරාංගයක් පමණක් නොවේ. ගෝත්‍රය, කණ්ඩායම, කුලකයන් යනාදී වශයෙන් විශාල පරාසයක හැඳින්වීමක් දක්වා තිබේ. එසේ නොමැතිව ලිංගික චර්යාව පමණක් වශයෙන් ලඝු කොට ගත්විට වැරදි අවබෝධයක් ඇතිවීම වැළැක්විය නොහැකි වේ. දෙදෙනාගේ කෙන්ද්‍රවල රාශින්ගේ හා ග්‍රහයන්ගේ පිහිටීම අනුව මෙම දෝෂ මග හැරෙන බව දැක්වෙන්නේ ඒ නිසයි. මේ හා සමානවම බොහෝ දෙනකු තුළ සැකය හා බිය ඇති කරන පොරොන්දමකි, ලිංග පොරොන්දම.

නැකත් 27 කිසියම් රීතියකට අනුව ලිංග තුනකට ඛෙදා දක්වා තිබේ. මේවා ස්ත්‍රී ලිංග, පුරුෂ ලිංග හා නපුංසක ලිංග වශයෙන් සඳහන් වේ. තමා උපන් නැකතට අනුව මේ ලිංග තුනෙන් එකක් සෑම කෙනෙකුටම හිමි වේ. ඒ අනුව ස්ත්‍රී ලිංගයට අයත් පිරිමින්, පුරුෂ ලිංගයට අයත් ස්ත්‍රීන් හා නපුංසක ලිංගයට අයත් දෙවර්ගයේම අය සිටිති. නැකතට අනුව මෙම ලිංගයකට අයත් වූ පමණක් එවැනි ලිංග ධාරීයෙකැයි කිසිසේත් වරදවා වටහා ගත යුතු නැත. ඉහත කී යෝනි පොරොන්දුවේදී සඳහන් කළාක් මෙන්ම මෙහිදීද, ශරීරාංගයක් ගැන නොව ඔහුගේ හෝ ඇයගේ පෞරුෂය පිළිබඳව පුළුල් කාරණා තොගයක් මෙය තුළ ගැබ් වී තිබේ. පුරුෂ ලිංගය අයත් අය පිරිමියෙකු සතු පෞරුෂයෙන්ද ස්ත්‍රී ලිංගයට අයත් අය ස්ත්‍රියක සතු පෞරුෂයෙන් හා නපුංශක ලිංගයට අයත් වන අය මේ දෙකටම නැති අතරමැදි පෞරුෂයකින්ද යුක්ත වූවෝ වෙති. දීර්ඝ කාලීන අත්දැකීම් ඇති ජ්‍යොතීර්වේදීන්ට මෙම කාරණා පහසුවෙන් අවබෝධ කර ගත හැකි වේ. පුරුෂ ලිංගයට අයත් දෙදෙනෙකු ද පුරුෂයා ස්ත්‍රී ලිංග වී ස්ත්‍රිය පුරුෂ ලිංග වන දෙදෙනෙක් ද, දෙදෙනාම නපුංශක ලිංගවලට අයත් වන දෙදෙනකු ද විවාහය සඳහා සුදුසු නොවන බව ජ්‍යොතිෂයේ මූලික වශයෙන් දැක්වේ. නමුත් ගැඹුරු ජ්‍යොතීර්වේදයේ දී මෙය ද සංවාදයට බඳුන් වන්නකි. සමාජය අනුව සලකා බැලීමේදී ද පුරුෂයා ස්ත්‍රී ගුණයෙන් හා ස්ත්‍රිය පුරුෂ ගුණයෙන් යුක්ත වූ විට ද, දෙදෙනාම පුරුෂ ගුණයෙන් යුක්ත වූ විට ද, දෙදෙනාව ගුණ දෙනටම නැති දුර්වලයන් වූ විට ද, සමගිය පවත්වා ගැනීමට අපහසු වීම, කලහ අතැවීම වැනි යුග දිවියක් අසාර්ථක වනු කාරණා ඉස්මතු වීම වැළැක්විය නොහැකි වේ. මෙහිදීද රාශි ගැළපීම හා ග්‍රහ පිහිටීම් අනුව ගැටලු සමනය වේ.

කේන්ද්‍රය වනාහී කෙනෙකුගේ පුද්ගලිකත්වය හෙවත් පෞරුෂය මනා ලෙස සටහන්වී තිඛෙන කැඩපතකි. කෙනෙකුගේ දුර්වලකම් හොඳින් හඳුනාගෙන ඒවාට පිළියම් යොදමින් ජීවිත සාර්ථකත්වය ගොඩ නගා ගැනීමට එමගින් ලැබිය හැකි පිටිවහල අති විශාලය. පොරොන්දම් පරීක්ෂණයේදී ද මෙය ඉතා වැදගත් වේ. එහිදී අවශ්‍යයෙන්ම බැහැර කළ යුතු වූ කරුණු කාරණා ජ්‍යොතිෂයේ සඳහන් වේ. එය ජ්‍යොතීර්වේදීන් කළ යුතුම දෙයකි. මේ ශාස්ත්‍රය පිළිබඳව ඇති අනවබෝධය නිසා හෝ කූට වාණිජ අරමුණු ඉටු කර ගැනීමේ අදහසින් විවාහ යෝජිත දෙදෙනාගේ හිසට මිථ්‍යා විශ්වාසයන් ඇතුළු කිරීම බරපතළ වැරැද්දක් මෙන්ම පාපයක් ද වේ. දුර්වලතා හඳුනා ගෙන එයට පිළියම් අවබෝධ කරදීම ජ්‍යොතීර්වේදියෙකු සතු වගකීමකි. අද වන විට ජ්‍යොතීර්වේදයේ දැක්වෙන කරුණුවලට වඩා මාධ්‍ය හා වෙනත් ක්‍රමවලින් සිතට ඇතුළු වූ මිථ්‍යා විශ්වාස නිසා ජීවිතය අසාර්ථක කර ගත් විශාල පිරිසක් සමාජය තුළ දකින්නට ඇත. ජ්‍යොතිෂය නිසි අවබෝධයකින් භාවිතා කරන්නේ නම් ලබා ගත හැකි ජයග්‍රහණ අසීමිතය.

ජ්‍යොතීර්වේදී අමරසේන වේගිරිය උපුටා ගැනීම ලක්බිම පුවත් පතඇසුරෙනි

Share This Article

ඉපදුනොත් පෙබරවාරි මේ ගතිගුණ අතනාරී

කෙනකු උපන් දිනයට අනුකූලව ද ඔහුගේ හෝ ඇයගේ හෝ පලාඵල කිව හැකි අතර මුල් ලිපියෙන් විස්‌තර කෙරුණේ, ජනවාරි 21 ත්, පෙබරවාරි...

ස්‌ත්‍රියකගේ ගෙල පවසන රහස්‌

ගෙල ප්‍රදේශයේ දිග, පළල, පැහැය සහ එහි පිහිටන රේඛා, ලප ආදියෙන් ස්‌ත්‍රියකගේ ගති ගුණ හා සිතැඟි මනාව විදහා දැක්‌වේ. දේහ ලක්‍ෂණ...

දරුපල ප්‍රමාදය වළක්වන පැරැණි කෙම් ක්‍රම

වර්තමානයේ විවාහක තරුණ තරුණියන් වෙත පැනනැඟී ඇති ප්‍රධාන වශයෙන් ජේ‍යාතිර්වේදීන් වශයෙන් අප වෙත ඉදිරිපත්වන ගැටලුවක් වන්නේ නිසි කලට දරුපල අහිමි වීමයි....

අයුක්තියට, අසාධාරණයට අකමැති සිංහ ලග්නයෙන් උපන් ඔබ ගැනයි මේ

ග්‍රහ මඩුල්ලේ රජු වශයෙන් සැළකෙන රවි ග්‍රසහයා හෙවත් ග්‍රහලොව පියාට අයත් රාශියකි. තේජෝ ගුණයෙන් යුතු පුරුෂ රාශියක් වන මෙය රවි ග්‍රහයා...

ලග්නයට හිමි රැකියාව - කුම්භ ලග්නය

කුම්භ ලග්නයට අධිපති ලග්නාධිපති සෙනසුරු ග්‍රහයා වන අතර රැකියාව පිළිබඳව කියැවෙන දහ වැන්න අඟහරුට හිමි වෘශ්චික රාශියයි. අඟහරු ග්‍රහයා දහ වැන්න තුළම...

ලග්නය වෘෂභද? එහෙනම් මෙය කියවන්න

වෘෂභ ලග්න හිමියා ගැන හරියටම කිව හැක්කේ වෘෂභ ලග්න හිමියාටම පමණි. මේ නිර්වචනය වෘෂභ ලග්න හිමියාට කදිමට ගැළපේ. ඔහු හෝ ඇය...