රවිගේ අපල දුරුකර ගැනීමට නොවරදින පිළිවෙතක්
ජන්මීන්ගේ ජීවිතවලට ආලෝකය ලබාදෙන්නාවූ බුදු, පසේ බුදු. මහ රහත් ආදී උතුමන්ටත් දෙමවුපියන් හා සත් පුරුෂයන්ටත් පෙර ආත්මභවයන්හි නින්දා අපහාස, සතුරු පීඩා, හිරිහැර බාධක, අඩන්තේට්ටම් කළ අයට මේ ආත්මභාවයේ රවි අපලයෙන් පීඩා විඳීමට සිදු වේ. පහත සඳහන් ශාන්ති කර්ම සිදුකර ගැනීමෙන් එකී අපලකාරී තත්ත්වයෙන් මිදී සතුටින් සහනයෙන් ජීවත් වීමේ භාග්‍ය ඔබට හිමිකරගත හැකිවේ.
රවි අපලයට වත්පිළිවෙත්ඉරිදා දිනයේ රවි හෝරාවෙන් එනම් උදැසන 6.00 - 7.00 හෝ රාත්‍රි 8.00 -9.00 අතර කාලය තුළ බෝධියේ නැගෙනහිර දිසාවේ තැඹිලි තෙල් පහන් දල්වන්න. රතු නෙලුම්, රතු අරලිය ආදී මල් සමග සුවඳ දුම් පූජා කරන්න. රත්හඳුන් කුඩු හා බැදිහාල්පිටි මිශ්‍ර කර බෝධියට දුම් අල්ලන්න. "රවිගේ අපලය දුරුවේවා" යනුවෙන් ලියූ රතුපැහැති කොඩියක් සහ අදාළ පුද්ගලයාගේ උසට සකසා ගත් රතු මල්මාලයක් බෝධියේ නැගෙනහිර දිසාවේ එල්ලන්න. පිරිසිදු පැන් කළයක් ගෙන සූරිය පිරිතෙන් පිරිත්කර බෝධිය වටා තුන් වරක් ගමන් කොට "රවි අපලය" දුරුවේවායි ප්‍රාර්ථනා කොට බෝධිය නාවන්න. රවි පීඩාහර ස්තෝත්‍රය 9 වරක් ගායනා කර රවි අධිපති ඊෂ්වර දෙවියන්ටද විෂ්ණු දෙවියන්ටද ඉෂ්ට දේවතාවන්ටද පිං අනුමෝදන් කරන්න.
රවි පීඩාහර ස්තෝත්රයආදිත්යඃස විනා සූර්යඃ- පූෂාර්කඃ ශිඝ්රගො රවිඃ භගස්තවෂ්ටාරර්ය මාහංසො- හෙලිස්තෙජෝ නිටිර්භරිඃ දිනනාථො දිනකරඃ - සප්ත සප්තිඃ ප්රභාකරඃ විභාවසුර්වේද කර්තෘ- වේදා ගො වේද වාහනඃ හරිදශ්වඃ කාලවන්ත්රඃ -කර්මසාක්ෂි ජගත්පතිඃ පද්මිනී බොධතො භානු - භාර්ස්කරඃ කරුණාකරඃ ද්වාදශාත්මා විශ්වකර්මඃ - ලොහිතා ගඃ තමොනුදඃ ජගන්නාථො රවින්ද්රක්ෂඃ- කාලාත්මා කශ්යපාත්මජඃ භුතාශ්රයො ග්රහපතිඃ - සර්වලෝක නමස්කෘතඃ ජපාකුසුම සංකාශො - භාස්වාන දිති නන්දනඃ ධවාන්නෙභසිංහඃ සර්වත්මා - ලෝක නේත්රො විකර්නනඃ මාර්තණ්ඩො මිහිරඃ සූරස් - තපතෝ ලෝක තාපනඃ ජගත් කර්තෘ ජගත් සාක්ෂි - ශනෛශ්වර පිතාජයඃ සහශ්‍ර රශ්මීස්තරණී- භර්ගවාන් භත්ත වත්සලා විවස්වතාදි දේවශ්ව - දේව දේවෝ දිවාකරඃ ධන්වන්තරීව්යාධිහර්තෘ - දාදෘතුෂ්ඨ විනාශනඃ වරා වරාත්මා වෛත්රෙයො- මිතො විෂ්ණුර්විකර්තනඃ කෝපශෝකා පහර්තාච - කමලාතර ආත්මභූඃ නාරායනෝ මහා දේවෝ - රුද්රඃ පුරුෂ ඊශ්වරඃ ජීවාත්මා පරමාත්මාච - සූක්ෂ්මාර්ත්මා සර්වතෝමුඛඃ ඉෙන්ද්ර නලො යමශ්චෛච - නෛර්සෘතො වරුණො නිලඃ ශ්රීද ඊශාණ ඉන්ද්රශ්ව - භෛdමඃ සෞෙම්යා ගුරුඃ නමඃ සෞරිර් විධුන්තුදඃකේතුඃ - කාලඃ කලාත්මකො විභූඃ සර්ව දේවමයො දේවඃ - කෘෂ්ණනාම ප්රදායනඃ නවාග්රහානං සර්වේෂාං- සූර්යාදිනං පෘථත් පෘථත් පීඩාව දුඃසභා රාජන් - ඡායතෙ සතනං නෘණාම්
දිනපතා රාත්‍රි නින්දට පෙර ආගමික වතාවත් වලින් අනතුරුව පහත සඳහන් රවි ස්තෝත්‍රය හා සෙත් කවිය නව වර බැගින් ගායනා කරන්න.
ස්තෝත්රයග්රහණ මාදිරා දිෙන්ය ලෝක රක්ෂණ කාරකං විෂම ස්ථාන සම්භුතං පීඩා හරතු මේ රවිං සෙත් කවිය
ආශාවන් හැම දුරුකළ මුනි¹ සුදුසුය පූජා ලැබුමට නිබ¹ භගවත් අරහං ගුණ බල විහිදා හිරු ග්‍රහ අපලය දුරලන් සැමදා මැණික් හා යන්ත්‍ර පැළඳීම
රනින් සැදූ මුදුවක රතු මැණිකක් අල්ලා දකුණු අතේ වෙඳගිල්ලේ පළඳින්න. නැතහොත් රනින් සෑදූ ඉඹුල් කොළයේ ආකෘතියකට සවිකර ගෙල පළඳින්න. නිසිලෙස සකසා ගත් අභිසම්භිධාන යන්ත්‍රය අභිසම්භිධාන පිරිතෙන් 108 වරක් පිරිත් කර පළඳින්න.
ඖෂධ පැන් ස්නානයට
කොකුම්පොතු, වැල් මී, නෙළුම් අල, එනසාල්, මනෝසීල, සැවැන්න මුල්, පළොල්, දේවදාර යන ඖෂධ වර්ග සෙනසුරුදු රාත්‍රියේ කළයකට දමා පෙරන ලද පැන් එයට වත්කොට පැය 12 ක් ගතවූවාට පසු ඉරිදා දින උදෑසන සාමාන්‍ය ස්නානයෙන් පසු ඖෂධ පැන් පෙරා ස්නානය කරන්න.
ගෙවත්තේ නැගෙනහිර දිසාවේ ඉඹුල් පැළයක් රෝපණය කර නිතර ස්පර්ශ කරමින් සාත්තු කරන්න.
බුදු, පසේ බුදු, මහරහතන් ආදි උතුමන්ට ගෞරව කරන්න. දෙමවුපියන්ට සලකන්න ගිලනුන්ට සිල්වතුන්ට උපස්ථාන කරන්න.
ඉහත කටයුතු සමග හැකි සෑම අවස්ථාවකම බුද්ධ පුජා බෝධි පුජා තබා සූරිය පිරිත සජ්ජායනා කර ශක්‍ර දෙවියන් ඇතුළු දේවතා මණ්ඩලයට පිං දීම මගින් රවි අපලය දුරුකර ගැනීමට හැකිවේ.
ජ්‍යෙතිෂ්‍යවේදී රංජන් සිසිර කුමාර
සටහන - ධම්මික හේවාවසම්
උපුටා ගැනීම දිවයින පුවත්පත
ජන්ම පත්‍රයක නව ග්‍රහයන් අතරින් රවි හා සඳු ප්‍රධානම හා වැදගත්ම ආලෝක ග්‍රහයන් දෙපළ ලෙස අප ජේයාතිෂයේදී හඳුන්වනු ලබනවා. මේ අතරින්...
සෙනසුරු තරුව ප්‍රමාණයෙන් බ්රහස්පතීට වඩා ටිකක් කුඩාය. බරින් හා ඝන ප්‍රමාණයෙන් ද අඩුයි. ශනි ග්‍රහයාට හිරු වටා යැමට වසර 29 මාස...
මෙම චිත්‍ර සටහනේ දැක්වෙන අයුරින් රාශි 12 සිරුරේ ඒ ඒ ස්ථානයට අයත්වේ. මේෂ රාශිය - හිස, වෘෂභ - මුහුණ, මිථුන - පපුව,...
ඉතා සැහැල්ලුවෙන්. සිනාසෙමින් මහ මග යන එන තරුණ තරුණියන් දැකීමද සිතට සහනයක් ගෙන දෙන්නක්. නොයෙක් ප්‍රශ්නවලින් හෙම්බත්වුණු මුහුණු අතර මෙම සිනහමුසු...
වසර හැත්තෑවකට ආසන්න වශයෙන් ජීවත් වීමට වරම් ලැබූ අය මේ යෝගයෙන් උත්පත්තිය හෙවත් ජන්ම දායාදය ලබති. මොවුන් බමුණන් මෙන් වේද ශාස්තෘයන්ගේ...
ඔබගේ ලග්නය සහ නවාංශකය ඉහත පරිදි වේ නම් ඔබට අයත් (22) විසි දෙවන දෙර්කාණාධිපතියා සිකුරු වේ. එසේම ලග්න සහ නවාංශක ගණනින්...