සඳු සිටින තැනින් කියෑවෙන කාන්තා ගතිගුණ

චන්ද්‍රයා හෙවත් සඳු කාන්තා කේන්ද්‍රයක උච්චනීච වීම පිළිබඳව බොහෝ දෙනා විමසිලිමත් වෙති. කාන්තා කෙන්ද්‍ර සටහනක චන්ද්‍රයා උච්චවීම අධ්‍යාත්මික දියුණුවට, ත්‍යාගශිලීභාවයට ආලය, සතුට සහ සිතුම් පැතුම් පිවිතුරු කිරීමට ඉවහල් වෙයි. චන්ද්‍රයා කාන්තා කේන්ද්‍රයක උච්ච වීම ඇතැම් විටෙක ඇගේ යුග දිවියට බාධකයක්‌ විය හැකිය. කාන්තා අධ්‍යාත්මික දියුණුවට නැඹුරු වීම පරිත්‍යාගශීලී වීම මෙලෙව දියුණුවට බාධා පමුණුවයි. තමා සතු දේපල, වත්කම් වර්ධනය හෝ රැක ගැනීමට මැලිවීම අයහපත්ය.

එලෙසින්ම චන්ද්‍රයාගේ යහපත් ගුණාංගයන්වන ආදරය, කරුණාව, අනුකම්පා සහගතවීම සහ අධි සංවේදී බව නිසාම එවැනි කාන්තාවන් නොයෙකුත් රැවටිලිවලට හසුවීමට ඉඩ ඇත.

කාන්තා කේන්ද්‍රයක චන්ද්‍රයා සිටින ස්‌ථානය සහ සතුරු මිතුරු බව ද විසි දෙවන දෙර්කාණාධිපතිගේ දොaෂයට හෝ දර්ශනයට හසුවීම විවිධ වූ ග්‍රහබල චන්ද්‍රයා තුළින් ඇති කරයි. එලෙසින්ම කාන්තා කේන්ද්‍ර සටහනක චන්ද්‍රයා නීච වීම බොහෝ අසුබ පිහිටීමක්‌ ලෙස පිළිගැනීමක්‌ ඇත. චන්ද්‍රයා නීච වීම තුළ ප්‍රධාන කරුණ ලෙස සඳහන් වන්නේ එවන් කාන්තාවන්ගේ විවාහ ජීවිතය අසාර්ථක වීමය. සඳුගේ නීචය ලග්න අනුව විවිධ වෙයි. මේෂයේදී අටේද, වෘෂභයේදී හතේද, මිථුනයේදී හයේද, කටකයේදී පහේද, සිංහයේදී හතරේ ද, කෘන්‍යාවේදී තුනේ ද, තුලාවේදී දෙකේද, වෘශ්චිකයේදී එකේද, ධනුවේදී දොළහේදී ද, මකරයේදී එකොළහේදීද. කුම්භයේදී දහයේද, මීනයේදී නවයේදී ද චන්ද්‍රයාගේ නීචවීම සිදු වෙයි. එවැනි ස්‌ථානයක චන්ද්‍රයා නීච වීම කාන්තාවකගේ චරිතයට හානිදායකය. ඇගේ පාරිශුද්ධතාව අවදානම් යෑයි බොහෝ දෙනාගේ පිළිගැනීමයි.

කාන්තා කේන්ද්‍රයක කුජ සඳු කොතැනක හෝ එකට සංයෝගව සිටීම ද විවාහයට පෙර ඇගේ චරිතය කැළැල් කර ගැනීමට හේතුවන ග්‍රහ යෙදුම් ලෙස පිළිගැනෙයි.

මෙවැනි ග්‍රහ යෙදුම් යම් කාන්තාවකට පිහිටිය ද ඇය ඒ පිළිබඳව දැනුවත්වීම තුළින් තම බුද්ධිය මත තම ආත්ම ගරුත්වය ආරක්‍ෂා කර ගැනීමට හැකි වෙයි.

"චේතනා පාරිශුද්ධ වේ නම් පෙම් සටන් පරදින්නේ නෑ" යනු පෙම්වතුන්ට ආදරණීය වූ ගීයක පදවැලකි. "ප්‍රේමාලෝකය නිවී ගියා" යනුවෙන් ගැයෙන විරහ ගීයක අරුත මැනවින් වටහා ගන්නේ චන්ද්‍රයා නීච වූවන්ය.

ප්‍රේම සබඳතා තුළින් පරාජය වීම, රැවටිලිවලට ගොදුරුවීම, එයට නිදසුන් ය. චංචල අදහස්‌ ඇතිවීමත්, හඳුනා ගැනීමෙන් තොරව දුටු පමණින් ප්‍රේම සබඳතාවලට යොමුවන්නේත් චන්ද්‍රයා නීච වූ තරුණියන් ය. එවන් තරුණියන් පහසුවෙන් ම තරුණයන්ගේ වසඟයට පත්වීම ද ඔවුන් තම පෙම්වතුනට අසීමිතව ප්‍රේමයේ උණුසුම හිමිකර දීමෙන් ද ප්‍රේම වියෝගයන්ට බඳුන් වෙති. ප්‍රේම සබඳතාවන් කඩවීම සහ විවාහයට ලැබෙන සහකරුවන්ගේ නොගැලපෙන බව චන්ද්‍රයා නීච වූ කාන්තාවන්හට උරුම විය හැකිය. එය ජාති - කුල - ආගම් හෝ වෙනයම් නොගැලපීමක්‌ විය හැකිය. මෙම නොගැලපීම තුළ මානසිකව පීඩාවට පත්වන්නේ විවාහක පුරුෂයා නොව කාන්තාවයි.

අනියම් සබඳතා විවාහයෙන් වෙන්වීම සහකරුගේ හැරයැම හෝ තාඩන පීඩන මෙම නොගැලපෙන විවාහයන් තුළ සිදුවෙයි.

සඳු නීච වීම සඳු - ශනි සංයෝගය කාන්තාවන් දැඩි කනස්‌සල්ලකට පත් කරයි. විවාහ දිවිය තුළ අවැසි ආරක්‍ෂාව, සැනසීම අහිමි වූ විට ඇතිවන කළකිරීම දිවිතොරකර ගැනීමකට පවා හේතුවක්‌ විය හැකිය. මෙවැනි සිදුවීම් සදු නීචවීම මත සිදුවන අයහපත් ප්‍රතිඵලයක්‌ ලෙස සඳහන් වුවද, එහි යහපත් වීමක්‌ නැත්තේ ද නොවේ.

බුද්ධිමත් තරුණිය තම කේන්ද්‍ර සටහනේ සඳු නීචවීම තුළින් තමනට අනාගතයේදී සිදුවිය හැකි අනර්ථය වටහා ගනියි. එම අවබෝධය තුළින් ඇය බුද්ධිමත්ව ජීවිතයට මුහුණ දෙයි. එවන් වූ යුවතියක රැවටිලි, මායම්වලට හසු නොවීම ද විවාහයෙන් පසු සාර්ථක විවාහ ජීවිතයක්‌ ගත කිරීම ද විශේෂත්වයකි.

චන්ද්‍රයා උච්ච වූ කාන්තාව ලෝකෝත්තර හෙවත් අධ්‍යාත්මික දියුණුව පැතීම තුළින් මෙලොව දියුණුව අසාර්ථක විය හැකිය. චන්ද්‍රයා නීච වූ කාන්තාව බුද්ධිය සහ තමා අත්දැකීම් තුළින් ලෞකික ජීවිතය සැපවත් කර ගැනීමට උත්සාහ දරයි.

නීච සඳු ගුරු සමඟ සංයෝග වීම ද ගුරුගේ දැකීමට හසුවීම ද සඳුගේ නීච භංගයට හේතුය. නීච සඳු සිකුරුගේ සුබ දෘෂ්ටියකට ගොනු වීම ද එම දොස්‌ දුරුවීමට හේතුවෙයි. සදු සිකුරු සංයෝගයෙන් උපදින කාන්තාවන් කාන්තා ලාලිත්‍ය මැනවින් විදහා පාන්නවුන්ය. එවන් කාන්තාවන් කලාලොව බැබලෙන්නේ සදු සිකුරුගේ යහපත් සංයෝගය නිසාය. චන්ද්‍රයා නීච නොවූවද කාන්තා කේන්ද්‍ර සටහනක චන්ද්‍රයා පිහිටන ස්‌ථානය අනුව ඇය පිළිබඳ ගොනු වීම මෙලෙසය.

1. පමණ ඉක්‌මවා සිතුවිලි මෙහෙයවීමෙන් කටයුතු අඩාල කර ගනියි. කටයුතු අතපසු වෙයි.

2. ඉවසිලිවන්තය. විවාහයෙන් පසු සැමියාට දරුවනට සලකයි.

3. සහෝදර සහෝදරියන්ට හිතවත්ය. ඔවුනට සලකයි.

4. යහපත්ව නිවසක්‌ සාදාගෙන සැනසිල්ලේ ජීවත් වීමට සිතයි.

5. ප්‍රේම සබඳතා රැසකි. සොබා දහමට ආදරය කරයි.

6. සතුරු උවදුරු පිළිබඳ තැවෙයි.

7. නායකත්වයට ලැදිය. අමනාපව ඉක්‌මනින්ම මිතුරු වෙයි.

8. මිථ්‍යා මත පිළිගනියි. අනවශ්‍ය ලෙස රෝග පිළිබඳව තැවෙයි.

9. විදෙස්‌ගත වීමට හේතුය. දයානුකම්පිතයි.

10. චරිතය ආරක්‍ෂා කරගැනීමට මූලිකත්වය දෙයි.

11. ලැඡ්ජා බිය හඳුනයි. ස්‌වාමියාට නව ආදායම් මාර්ග ඇතිවෙයි.

12. අනවශ්‍ය වියදම් ඇත්තෙකි. මානසික පීඩනයට හේතුයි.

මෙහි සඳහස්‌ කළ කරුණු සරලය. කාන්තාවන් සුන්දරය. කාන්තාවන්ගේ සුන්දරත්වය සහ මෙම සරළ අදහස්‌ ගොනු වූ කල අර්ථ ගැන්වීම පුළුල් ය. කාන්තා කේන්ද්‍රයක චන්ද්‍රයාගේ නීචවීම වර්තමානයේ අප බුද්ධිමත්ව දැකිය යුතුය.

උච්ච සඳු ලෝකෝත්තර දියුණුවට නැඹුරුය. එවන් කාන්තාව තම ළාමක බව තුළින් අවදානමට ගොදුරු වෙයි. නීච සඳු හිමි කාන්තාව ලෝකය අවබෝධ කර ගනියි. ජය පරාජය හඳුනාගනියි. ඇය මෙලොව ජීවිතය සාර්ථක කර ගැනීමට උත්සාහ දරයි. කඳුළින් දකින හසරැල්ල සුන්දරය. එයම සාර්ථක යුග දිවියක ආරම්භය නොවන්නේද?

ජ්‍යෙතිෂවේදී මතුගම ජයනෙත්ති උපුටා ගැනීම දිවයින පුවත්පත

Share This Article

කුජ ගෙනෙන ලෙඩ

කුජ ග්‍රහයා හැඳින්වීමට නම් කිහිපයක් ම යොදා ගනී. ‍කොහොම භාවිතා කළත් කුජ කියන විට ඇඟ කිලි පොලායන ගතියක් සිතට බියක් සංකාවක්...

සුබ කටයුතු සඳහා පෙරමුණ ගන්නා ග‍්‍රහලොව සුර ගුරු

සුරගුරු යන ගෞරව නාමයෙන් පිදුම්ලබන ගුරු ග‍්‍රහයා ග‍්‍රහ වළල්ලේ විශාලතම ග‍්‍රහයාය. පෘථිවිය මෙන් 318 ගුණයක්‌ විශාල මෙම ග‍්‍රහයාගේ බලය පෘථිවියට ලබාදෙන්නේ...

මිනිස් ජීවිතය පාලනය කරන ලග්නයට අධිපති ග්‍රහයා

ඔබේ දිවිපෙවෙත පාලනය කරන ආත්ම කාරක ග්‍රහයා ගැන මෙම ලිපිය තුළින් කරුණු රැසක් ඔබට වටහා දීමට මම බලාපොරොත්තු වෙමි. ඔබේ ආත්මය...

ඔබේ රැකියාව 10 වෙනි කොටුවෙන් සොයා ගන්න

ජ්‍යෙතිෂය යනු දුටුවන් මවිත කරන මැජික්‌ ශාස්‌ත්‍රයක්‌ නොවේ. එහෙත් මැජික්‌ වලින් ඇතිදේ නැති කිරීමටත් නැතිදේ ඇති කිරීමටත් හැකියාව ඇතුවා සේම ජ්‍යෙතිෂ...

බුධ වෙනත් ග්‍රහයකු සමඟ සංයෝග වූ විට

සෞරග්‍රහ මණ්‌ඩලයේ බුද්ධිකාරක සුරතලා වශයෙන් ජ්‍යෙතිෂයේදී හඳුන්වනු ලබන බුධ ට අස්‌ලිස, දෙට, රේවතී යන නැකැත් හා මිථුන, කන්‍යා යන රාශිවලට අධිපතිව...

හොඳ නරක දෙකට ම හවුල් වන සෙනසුරු

විශ්ව බලපෑම මත ඕනෑම කේන්ද්‍රයක බලවත් ග්‍රහයන් තිදෙනා රවි, සඳු හා ලග්නාධිපති වුවත් කරදරකාරයා සෙනසුරුය. චණ්‌ඩියා අඟහරුය. දැනුමැත්තා බුධ සහ ගුරු...