ග්‍රහයකුගේ නීචය භංග වන හැටි
- නීච ග්‍රහයකු සහ උච්ච ග්‍රහයකු එකම රාශියේ තැන්පත් වෙතොත් එම නීච ග්‍රහයාගේ නීචය භංග වේ.
- යම් ග්‍රහයකු නීච වූ රාශිය අධිපතියා ලග්නය කෙරෙන් කේන්ද්‍රස්ථානගත වෙතොත් නීචය භංග වේ.
- යම් ග්‍රහයකු නීච වූ රාශිය අධිපතියා චන්ද්‍රයා කෙරෙන් කේන්ද්‍රස්ථාන ගත වෙතොත් නීචය භංග වේ.
- යම්කිසි ග්‍රහයකු නීච වූ රාශියට අධිපති ග්‍රහයා ලග්නය කෙරෙන් කේන්ද්‍රගතව උච්ච වෙතොත් නීචය භංග වේ.
- යම්කිසි ග්‍රහයකු නීච වූ රාශියට අධිපති ග්‍රහයා චන්ද්‍රයා කෙරෙන් කේන්ද්‍රගතව උච්ච වෙතොත් එවිට ද නීචය භංග වේ.
- යම්කිසි ග්‍රහයෙක් නීච වී සිටියදී එම ග්‍රහයාට අයිති රාශියක ශුභ ග්‍රහයකු උච්චව සිට නීච වූ ග්‍රහයාට දෘෂ්ටි හෙලයි නම් නීචය භංග වේ.
- නීච වූ ග්‍රහයා උච්ච ග්‍රහයකුට පෙනීමෙන් එම නීචය භංග වේ.
- නීච වූ ග්‍රහයන් දෙදෙනකු ඔවුනොවුන්ට සමසප්තම වීමෙන් නීචය බිඳේ.
- යම් නීච ග්‍රහයෙක් තැන්පත් රාශියේ උච්ච වන ග්‍රහයා ලග්නය කෙරෙන් ත්‍රිකෝණයක වේ නම් එම නීචය භංග වේ.
- යම් නීච ග්‍රහයෙක් තැන්පත් රාශියේ උච්ච වන ග්‍රහයා චන්ද්‍රයා කෙරෙන් ත්‍රිකෝණගත වේ නම් එම නීචය භංග වේ.
- ලග්න කුණ්ඩලියේ නීචව සිටින ග්‍රහයා නවාංශක කුණ්ඩලියේ උච්චව සිටියි නම් එම නීචය භංග වේ.
- නීච ග්‍රහයා තැන්පත්ව සිටින රාශියට අධිපති ග්‍රහයා උච්චව හෝ ස්වක්ක්ෂේත්‍රව සිටීමෙන් ද නීචය භංග වේ.
- නීච ග්‍රහයා උච්ච ග්‍රහයකුගේ නැකතක වෙතොත් නීචය භංග වේ.
- ලග්නයට අධිපති ග්‍රහයා කිසියම් රාශියක නීච වෙතොත් ලග්නාධිපතිකම නිසා එම ග්‍රහයාගේ නීචය භංග වේ.
- කිසියම් රාශියක ග්‍රහයකු නීච වූ විට එම රාශිය අධිපතියාගේ දෘෂ්ටිය නීච ග්‍රහයා වෙතට එල්ල වේ නම් නීචය භංග වෙයි.
බණ්ඩාරවෙල මංජුල තරුකෙම උපුටා ගැනීම දිවයින පුවත් පත