සැඳෑ සමය ගෙවෙන හැටි දැන්ම තියා කේන්දරයෙන් බලාගනිමු


මිනිස් සත්ත්වයාගේ සැඳෑ සමය යනු මහලු වීමයි. මහලු විය යනු දවසින් දවස කාලය ගෙවී යෑමෙන් ආයුෂ අඩුවී ගෙවී යන පදවියයි. මෙය ස්ත්‍රී-පුරුෂ සැමටම පොදු වුවද ජේ‍යාතිෂය අනුව ඔවුන්ගේ ක්‍රියාකාරකම් නම් විවිධාකාරව වෙනස් වේ. 

කිසියම් ජන්මියකුගේ කේන්දරයේ, 3,6,7 යන ස්ථාන පරීක්‍ෂා කිරීමේදී එම ජන්මියා කෙරෙහි බලපා ඇති අකල් ජරා බවට පත්ව මහලු බවට පත්වීමට හේතු කාරණා මැනවින් වටහාගත  හැකිය. එය මෙසේ දැක්විය හැකිය. ශනි, රාහු, කේතු යන ග්‍රහයන් ලග්නගත වීමෙන් මානසික පීඩාවක් ඇති කිරීමට සමත් වේ. එවිට අකලට  හිසකෙස් සුදුවීම මෙන්ම සමහරවිට ඉහත කී ග්‍රහයන් තිදෙනාගෙන් දෙදෙනකු හෝ එක් අයකු හෝ ලග්නගතව සිටී නම් එම ජන්මියාගේ හිසකෙස් අකලට ගැලවී යෑමද සිදුවේ.

එපමණක් නොව එකී ග්‍රහයන්ගේ මහ දශාවකින් ජන්ම ලාභය ලැබීමත් අකලට හිසකෙස් පැහීම මෙන්ම ජරා මහලු බවටද පත්වීමට හේතුවේ. තුන් පැත්තේ ශනි, රාහු, කේතු, කුජ, රවි, වැනි පාපී ග්‍රහයන් යෙදීම වගේම ඔවුන්ගේ දෘෂ්ටි තුන්වැන්නට ලැබීමද ජන්මියකුගේ අකල් මහලු බවට පත්වීමට හේතු වේ.

රෝග කාරක ස්ථානය වූ 6 වැන්නට සතුරු ග්‍රහ දෘෂ්ටි එල්ල වේ නම් එම ග්‍රහයන් සුබ ග්‍රහයන් වුවද ජන්මියා රෝගියකු කරයි. 6 වැන්න වෘෂභ, තුලා, ධනු, මීන යන රාශියකට අයත්ව ගුරු, ශුක්‍ර යන ග්‍රහයන් එහි යෙදී ඇත්නම් ජන්මියා ඉතා අවාසනාවන්ත අයුරින් රෝගියකු වේ. එමෙන්ම යම් ආකාරයකින් රවි, ශනි එහි යෝග වී ඇත්නම් එම ජන්මියා පිළිකුල් සහගත වේ. එසේ නොවන්නේ කලාතුරකින්ය. 6 වැන්නේ කේතුගේ බලපෑමෙන් ජන්මියා අකල් ජරාවට පත්ව මහලු වීමට හේතු වේ.

හත්වැන්නේ යෙදෙන ග්‍රහ යෝග අනුවද ජන්මියකු අකල් මහලු වීමෙන් ජරාවට පත්වේ. කුජ, චන්ද්‍ර, ශුක්‍ර ආදී ග්‍රහයන් තිදෙනා යෙදුණහොත් ජන්මියා අයථා ලිංගික තෘප්තිය ලැබීමෙන් ශරීර ශක්තියෙහි පිනවීම නිසා අකාලයේ ජරාවට පත්වේ. එමෙන්ම වයස් සීමාව අඩුවෙන් විවාහ වීමට එවන් ග්‍රහයන් බලපාන බවත් එවන් විවාහ නිසා ජන්මියා අඩු වයසින් මහලු බවට පත් වීම ද සිදුවේ.

කුජ හතේ සිටීම අඩු වයස් විවාහ සඳහා බලපාන අතර විවාහ වීමට නොහැකි වුවොත් හොර රහසින් හෝ ලොකු, කුඩා මහලු, සම, ලක්‍ෂණ නොබලා අධික කාමයෙන් මත්ව රාගයෙන් දෙනෙත් නොපෙනී අඹු සැමියන් ලෙස හොර රහසේ ස්ත්‍රී පුරුෂයෝ සමඟ ලිංගිකව හැසිරෙති. සඳු, සිකුරු, පාප සංයෝග එක, හත, අට භාවයන්හි යෙදීමෙන් කුජ එක, හත භාව ගත වීමෙන් ජන්මියා අධික රාගාධිකයකු කාමුකයකු කරයි.  කෙසේ වුවද මෙම ග්‍රහ බලයන් යෙදුණු විට අකාලයේ මහලු වුවද, ස්වාභාවිකව මහලු වුවද ඔවුන්ගේ කාම නිලයන් පිබිදීමෙන් ඇවිස්සීමෙන් අධික රාගයෙන් මත්වී ලැජ්ජා බිය නැතිව, තැන නොතැනද, ලොකු, කුඩා, තරුණ, මහලු, බව නොසලකා ලක්‍ෂණ, අවලක්‍ෂණ, කුල,මල, නොතකා ඕනෑම ස්ත්‍රියක හෝ පුරුෂයකු ඇස් පෙනුණද, අධි කාමුකත්වය ඉහවහ ගොස් විවිධාකාරව අවයව හසුරුවමින් ඔවුහූ ලිංගික තෘප්තිය සොයා යති. එය දකින්නෝ, අහන්නෝ ඔවුන්ට නාකි විසේ ගෙටත් උසයි කියා අපවාද නඟති. මේ හේතූන් ස්ත්‍රී – පුරුෂ දෙපක්‍ෂයටම සමවේ. 

ජිනදාස එදිරිසිංහ 
උපුටා ගැනීම මව්බිම

Share This Article

කුජ තවත් ග්‍රහයෙකු හා එක්‌වුනොත් ප්‍රතිඵල මෙහෙමයි?

කුජ හෙවත් අඟහරු සෞග්‍රහ මණ්‌ඩලයේ සෙන්පති ග්‍රහයා වශයෙන්ද ජ්‍යෙdතිෂ්‍යයේ හඳුන්වනු ලබන අතර මෙම ග්‍රහයාගේ මහදසා කාලය වසර 7 ක්‌ වන බැවින්ද...

සඳු බලවත් කාන්තාවන්ට සුබ ආරංචියක්

සඳු යනු හඳහනක සඳහන් චන්ද‍්‍රයාය. රවි පීතෘකාරක ග‍්‍රහයා වන අතර සඳු මාතෘකාරක ග‍්‍රහයාය. සඳු උච්ච වීම, ස්වක්‍ෂේත‍්‍ර වීම, මිත‍්‍ර රාශි ගතවීම...

උපන් නැකතින කියන ගතිගුණ

අස්විදපින් ඇත්තියකි. ධන ධාන්‍යාදිය සහිත වූද යහපත් විවාහ ජීවිතයක් ද ගත කරන්නට ලැබෙයි. සිය ස්වාමිපුරුෂයාට සෙනෙහෙවන්තය.බෙරණඅයහපත්ය. නොයෙක් කරදර ඇති කර ගනියි....

කිත් පැසසුම් සහ ජයග්‍රහණ ලැබෙන චාමර යෝගය

වසර හැත්තෑවකට ආසන්න වශයෙන් ජීවත් වීමට වරම් ලැබූ අය මේ යෝගයෙන් උත්පත්තිය හෙවත් ජන්ම දායාදය ලබති. මොවුන් බමුණන් මෙන් වේද ශාස්තෘයන්ගේ...

විවාහ ජීවිතය ට ග්‍රහයෝ එබිකම් කරන හැටි

විවාහය ජීවිතයේ සුන්දර තම සන්ධිස්‌ථානයකි. යම් අයකුගේ හඳහන නොහොත් ජන්ම පත්‍රයට අනුව ඔහුට හෝ ඇයට ලැබෙන සාහකාරිය හෝ සහකාරයාගේ රූප ශෝභා...

ජන්ම පත්‍රයෙන් පෙන්වන දෙවැනි විවාහය

කාන්තාවක් සහ පිරිමියකු අතර ඇතිවන ආදරය හෝ ප්‍රේමය මෙන්ම වෙනත් දැන හැඳින ගැනීම් මුල්කොට ගෙන ජීවිතාන්තය දක්වා එක්ව සිටීමේ අරමුණින් විවාහයක් සිදුවන...