Biz Log
Classifields
Biz Log
Classifields

රාගික-කාමුක හැඟුම් පුබුදුවන ග්‍රහබල ඔබටත් ඇත්ද?


අතීතයේ පෙර රජ දවසහි විසූ මහා රාජවරුන් හා බිසෝවරුන් හොර රහසින් තම කම් සැප ඉටු කරගත් බව ඉතිහාසයේ ප්‍රකාශිතයි. එකල එංගලන්තයේ විසූ ඩයනා කුමරිය ද ඒ ගණයට අයත් කාමයෙන් මත්වූ රාගාධික කුමරියකි. එසේ සිදුවන්නේ ඔවුන්ගේ උපන් ජන්ම කේන්ද්‍රයේ පිහිටා ඇති රාගාධික කාමාධික ග්‍රහ බල අනුව බව ජ්‍යොතිෂ්‍යයෙන් මනාව පැහැදිලි කරගත හැක. එය ඩයනා කුමරියටම පමණක් නොව එවැනි ග්‍රහබල ඇති අනෙකුත් කාන්තාවන්ට ද බලපාන බව සත්‍යයි. එය මෙසේ පෙන්විය හැකිය.

සුබදායක දෘෂ්ටියකින් තොරව 9 වැන්න අධිපතියා රාහු ග්‍රහයා සමග ත්‍රිකස්ථාන වන 6,8,12 යන ස්ථානයක සිටින විට 9 අධිපතියා ශනි සමග 6, 8, 12 හෝ සිටීම පරපුරුෂ යෝගයකි. රහසින් පුරුෂයන් සමග හැසිරී තම කාමාශාවන් මනාව ඉටු කරගනී. කුජ, සිකුරු හා චන්ද්‍රයා 7 වැන්නේ සංයෝග වීමෙන් පතිවත නොරකින්නියකි. ශනි හා රාහු නැතිනම් කේතු 10 වැන්නේ යෙදී ඇත්නම් ඇය කාමධේනුවක් වී ගණිකා වෘත්තියේ අනිවාර්යයෙන්ම යෙදෙන්නේ වයස් නොබලාය. සමහරවිට එය තමාගේ වෘත්තියක් වශයෙන් කරගෙන යයි.

පාප ග්‍රහයන් වන ශනි, කුජ හෝ රවි 9 වැන්නේ අධිපතිකම ලබා රාහු හෝ කේතු හෝ සමග සංයෝග වුවහොත් තම ස්වාමියා ද ජීවත්වන්නේ ඇගේ ගණිකා වෘත්තියට සහාය දෙමින්ය. ඔහු ඇයට පුරුෂයන් සොයාදීමට ද පෙලඹේ. පාප පීඩිතව සඳු, සිකුරු යෝගය කුජගේ හෝ ශනි හෝ රාශියක පිහිටියහොත් තම මව හා දුව ද ගණිකා වෘත්තියෙන් ජීවිතය ගෙනයන්නියන්ය. දිවා කාලයේ උපතලත් අයගේ සිකුරු ද රාත්‍රි උපන් අයගේ චන්ද්‍රයා ද මේ දෙදෙනාගෙන් එක් ග්‍රහයකු වුවද ඉහත සඳහන් රාශිවල තැන්පත්ව ඇත්නම් ඉහත තත්ත්වයම උදාවිය හැකිය.

කේන්ද්‍රවල කාමුක රාගික හැඟීම් පුබුදුවන හා පොලඹවන ග්‍රහයන් බොහෝ ඇතත් එයින් කිහිපයක් මෙසේ පෙන්විය හැකිය.

  • ශනිගේ හා සිකුරුගේ සප්තම දෘෂ්ටිය
  • නවාංශකයේදී ශනි හා ශුක්‍ර ස්ථාන මාරු කරගෙන සිටීම
  • ශනිගේ හෝ සිකුරුගේ සංයෝගය ශනිගේ රාශියක වුවහොත් එම යෝගය නවාංශකයේ තිර රාශියක් වන වෘෂභයේ ද තිබිය යුතුය
  • ශනි සිකුරු යෝගය සිකුරුගේ රාශියක නම් නවාංශකයේ තිර රාශියක් වන කුම්භයේ යෙදී තිබීම

ශනි සිකුරු යෝගය ඇති ස්ත්‍රියකට පතිදම් රැකීමට හැකිවන්නේ වෙනත් බලවත් ග්‍රහ දෘෂ්ටියකින් මෙම යෝගය දුර්වලව ඇත්නම් පමණකි.

කේන්ද්‍රයක 7 වැන්නෙන් කාමුක ආශාවන් හා විවාහය ගැන පෙන්වයි. ස්ත්‍රියකගේ කේන්ද්‍රයක හිත නියෝජනය කරන චන්ද්‍රයාත් ශරීරය නියෝජනය කරන ලග්න භාවයත් යන ස්ථාන දෙක පාපකාරීව පීඩාවී සිටී නම් සරාගී රාගික හැඟීම් පුබුදුවයි. චරිතය ද යහපත් නොවේ.

කාන්තාවකගේ මකරය ලග්නය වී රවි, කුජ 7 වැන්නේ කටකයේ සිටියොත් ඇය ගණිකාවක් වන්නීය. මෙහි රවි 8 අධිපතියා වී කටකය ද ජල රාශියක් නිසා කාමය උද්දීපනය කෙරෙයි. කටකයේ දී කුජ නීච වුවද නීචය භංගවී සිටියත් එම භාවයේ පල විනාශ කරන නිසා කාන්තාවකගේ අවාසනාවන්ත පිහිටීමක් ලෙස සැලකිය හැකිය.

ලෞකික සැප දෙන්නේ සිකුරුය. සරාගී හැඟුම් කාමය උපදවන ඉන්ද්‍රියන් ද පාලනය කරයි. ස්වභාවයෙන්ම මෙම ග්‍රහයා සුබයි. සිකුරු ශක්තිය ඇති කිරීමට හා නැති කිරීමට ඉවහල්වේ. සිකුරුගේ ශුභ දෘෂ්ටි කුජට වැටේ නම් යහපත් වේ. කුජගේ දරුණුකම එයින් දුර්වල කරයි. එහෙත් ඇගේ ලෞකික ආශාවන් දැඟලිලි, විසේකාරකම් හා විනෝදය අඩු නොවේ. සමහර විටක ස්ත්‍රිය වැඩිවියට පත් නොවී සිටියත් ඇයගේ කාම ඉන්ද්‍රියන් අවදිවීමෙන් ඇය රහසින් හෝ විවාහවී හෝ ඒ රාගික සතුට ලබාගනී.

කුජගෙන් සිකුරු පීඩාවීම කම්සැපය හා රාගාධික කාමුක ආශාවන් ඇති කරයි. එවිට විවිධ ක්‍රමවලින් තම කාමාශාවන් ඉටුකර ගනී. මේ අශුභ පිහිටීම නිසි අයුරින් ක්‍රියාත්මක වීමට කුජ හා සිකුරු නවාංශකයේ ද ස්ථාන මාරු කරගත යුතුයි. මේ පිහිටීම ඇති නිසා ස්වාමිපුරුෂයාගේ අවසරය මත හෝ අනුදැනුම ඇතිව කම් සැපය ලබාගනී. එමෙන්ම සහෝදරකම්, නෑදෑකම් ආදිය පසකලා රති සුවයට පෙලඹේ. බාල, මහලු, තරුණ, ආබාධිත යැයි නොසිතා කාම උමතුවෙන් හැසිරී ආශාවන් පිරිමසා ගනී. එසේ සිදුවන්නේ මේ යෝගය 7 වැන්නේ යෙදුණොත් පමණි. මේ සඳුගේ දෘෂ්ටිය ද සංයෝගය ද ඇති වුවහොත් ස්වාමියා මරා දැම්මේ කුමන්ත්‍රණ හා ඇයට මරණය ද සියදිවි හානි කර ගැනීම් වැනි භයානක ප්‍රතිඵල උදාකරයි. ස්වාමියා රෝගියකු වූවොත් ඉහත පල ලැබේ. එබැවින් ඩයනා කුමරියගේ ද ඇගේ කේන්ද්‍රයේ මේ ග්‍රහ බල තිබීම නිසා ඇයට අත්වූ ඉරණම මරණයයි.

රඹුක්කන ජිනදාස එදිරිසිංහ
පොලිසිය අසල – 0770730062

උපුටා ගැනීම දිවයින

Share This Article