යාන වාහන හිමිවන යෝග
ජ්‍යෝතිෂයේදී වාහන කාරකයා ලෙස හඳුන්වනුයේ සිකුරු ග්‍රහයාය.යාන වාහන පිළිබඳව ප්‍රධාන වශයෙන් කියැවෙන ස්ථානය වන්නේ කේන්ද්‍ර සටහනක හතර වන භාවයෙනි.හතර වැන්න සිකුරුගේ දිග්බල ස්ථානය වන අතර එහිදී සිකුරුගේ බලය වර්ධනය වෙයි.
යාන වාහන හිමිවන යෝග කිහිපයක් පහතින් දැක්වේ.
- සිකුරු ග්‍රහයා හෝ හතරවැන්න අධිපතියා නවවැන්නේ හෝ එකොළොස්වැන්නේ තැන්පත් වුවහොත් අනිවාර්යයෙන්ම වාහන රැසක හිමිකරුවෙක් විය හැකිය.
- සිකුරු ග්‍රහයා සිවුවැන්නාධිපති සමඟ සිවුවැන්නේම යෝගවී පිහිටා තිබීම.
- සිවුවැන්නාධිපතියා සිවුවැන්නේම පිහිටීම
- සිවුවැන්නාධිපතියා චන්ද්‍රයා හෙවත් සඳු සමඟ යෝගවීම
- ලග්නාධිපතියා සිව්වැන්නේ / නවවැන්නේ හෝ එකොළොස්වැන්නේ පිහිටීම
- එකොළහ අධිපතියා දෙවැන්නේද, දෙවැන්න අධිපතියා ලග්නයේ ද ගුරු ග්‍රහයා එකොළොස්වැන්නේ ද පිහිටීම
- ලග්නාධිපතියා නව වැන්නේ පිහිටා නවවැන්න අධිපතියා ලග්නයේ සිටින අවස්ථාවේදී ගුරු හත්වැන්නේ පිහිටීම
- නවය අධිපති දෙවැන්නේ සිට දෙවැන්න අධිපතියා නවයේ සිටීම
- හතර අධිපති එකොළොස්වැන්නෙත්, එකොළහ අධිපති හතර වැන්නේත් පරිවර්තන යෝගයක් ලෙස පිහිටීම
- හතර අධිපතියා උච්චව සිට, එකී උච්ච රාශියේ අධිපතියා කේන්ද්‍ර හෝ ත්‍රිකෝණස්ථානයක තැන්පත්වීම
- හතර අධිපතියා සුබ භාවයක බලවත්ව එකොළොස්වැන්නාධිපතිගේ දෘෂ්ටියට ලක්වීම
- හතරවැන්නේ ගුරු ග්‍රහයා සිටින අතරේ හතර වැන්නාධිපතියාට හතර පෙනීම
- එකොළොස්වැන්නේ හා හත්වැන්නේ සිකුරු ග්‍රහයා බලවත්ව යෙදීම
- ගුරු, සිකුරු හා හතර අධිපතියා යන තිදෙනා යෝගව කේන්ද්‍ර ත්රිකෝණභාවයක හෝ එකොළොස්වැන්නේ සිටීම
- නවය, හතර, එකොළොහ යන භාවයක ගුරු, සිකුරු හා නවය අධිපති සංයෝගවීම
- හතර වන භාවයේ, නවය, දහය සහ එකොළොස්වැන්නාධිපතීන් සංයෝගවීම
- හතරවැන්න අධිපතියා ගුරු සමඟ යෝගව ලග්න ගතවීම
- හතරවැන්න අධිපතියා සිකුරු සමඟ යෝගව ලග්න ගතවීම
ඉහත කී යෝග බොහොමයක් උදාවන්නේ ලග්නය / හතර වැන්න / නවවැන්න සහ එකොළොස් වැන්න මූලික කොටගෙනයි.මෙමඟින් නිතැතින්ම ධනයෝගයන් ද උදාවන අතර රාජ යෝගයන් සඳහා ද මඟ පෙන්වයි.ධනය නොමැතිව ඒ කිසිවක් කළ නොහැකි බවද මේ සියල්ල අතර මනා සබඳතාවයක් ඇති බවද මෙයින් අපට පැහැදිළිවේ.ඉහත කී ග්‍රහ පිහිටීම් වල බල දුබලතාවයන් ග්‍රහයන් යෙදී ඇති ආකාරය අනුවත් අනෙකුත් බලපෑම් මතත් වෙනස් වන අතර නිවැරදි ජන්ම පත්‍ර පරීක්ෂාවක් තුළින් හඳුනාගත හැකිවනු ඇත.
"අපෝ මේ ළමයාගේ හතර කේන්දරේ පාළුවෙලා නේ තියෙන්නේ. මේ ළමයාව මහණ කරන්න." මේ වැකිය අලුත උපන් දරුවකුගේ ජන්ම පත්‍රයක් පරීක්ෂා කිරීමෙන්...
උඳුවප් මස පුර අටවක තිථිය ලත් සඳුදා දිනක මධ්‍යම රාත්‍රි 12.00ට පමණ බෙත්ලෙහෙමේ ගව මඩුවකදී ලොවටම අසිරිමත් වූ සුවිශේෂී උපතක් සිදුවිය....
විවාහය බොහෝ විට සිදුවන්නේ පෙම් සබඳතා තුළිනි. එසේම යෝජනා, කපුකම්, පුවත්පත්, ඇසුරින්ද විවාහ මංගල කටයුතු සිදුවේ. යුග දිවියට පත්වීමේදී තම අනාගත...
මෙලොව උපන් බහුතරයක් ජන්මීන් උත්සාහ කරන්නේ කෙසේ හෝ වෙර වීරියෙන් හොඳ උසස් අධ්‍යාපනයක් ලබා ඉහළ වෘත්තියක හෝ සාර්ථක ව්‍යාපාරයක නිරත වී...
ජන්මීන්ගේ ජීවිතවලට ආලෝකය ලබාදෙන්නාවූ බුදු, පසේ බුදු. මහ රහත් ආදී උතුමන්ටත් දෙමවුපියන් හා සත් පුරුෂයන්ටත් පෙර ආත්මභවයන්හි නින්දා අපහාස, සතුරු පීඩා,...
විවාහයෙන් පසු ජීවිතය පිළිබඳ මූලික අරමුණු සහ එහි හොඳ නරක පොරොන්දම් බැලීම තුළින් විද්‍යමාන වේ. පාරම්පරිකව පැවැත එන ආකාරයට නම් අට...