වයසට නොයන කැති නැකතින් උපන්නෝ

කැති නැකතින් උපත ලද්දේ නම් ඔහුට ඕනෑම දුක් කරදරයක් විඳ දරා ගැනීමේ හැකියාව උපතින්ම පිහිටා තිබේ. ධෛර්ය සම්පන්නයි. අන් අය අභිබවා යෑමට සමත් වේ. තමා ගැන වැඩියෙන්ම සිතයි. අන් අයට වඩා තමා සෑම අංශයකින්ම බලවත් යැයිද බුද්ධිමත් යැයිද සිතයි.

මනා පාලන හැකියාවක් තිබේ. කමනාකාරිත්වයෙන් යුතුව වැඩ කරයි. හරි හෝ වැරැදි හෝ තමා ගන්නා තීරණ ක්‍රියාත්මක කරනු ඇත.

මනා සිහියෙන් මෙන්ම බුද්ධිමත්ව ක්‍රියාකර ජීවිතය ජය ගැනීමට යත්න දරයි. උසස් අධ්‍යාපනයක් ලබයි. එසේම රජයේ උසස් තනතුරු ලබන අතර, වෛද්‍ය, නීතිය, තක්සේරු විවිධ විද්‍යා විෂයන්ට සමත් වේ. ස්ථාවර අදහස් ඇත. නොපසුබට උත්සාහයකය යෙදේ. සමාජයේ කැපී පෙනෙන චරිතයකි. වෙළෙඳ ව්‍යාපාරික කටයුතු විශේෂයෙන්ම ලෝහ වර්ග, රන්, රිදී, මුතු, මැණික්, රූපලාවණ්‍ය මෙවලම්, කුළුබඩු සහ විදුලි උපකරණ, තාක්ෂණ අංශයේ නිමැයුම් අලෙවිකරණයට වඩාත් නැඹුරු වේ.

විදේශීය වෙළෙඳ සබඳතා මඟින් විශාල ලෙස ව්‍යාපාරික අවස්ථාවන් ගොඩනඟා ගැනීමෙන් ධන සම්පත් ළඟා කර ගනී. විශේෂයෙන්ම විදේශගත වීමට අවස්ථාව උදා වේ.

පරිපාලනමය කටයුතුවලදී කැපී පෙනෙන ලෙස වැඩ කරයි. සමහර විට දේශපාලනයට නැඹුරුවන අවස්ථා උදා වේ. කැති නැකත හිමි ස්ත්‍රී, පුරුෂ දෙපක්ෂයටම ඡ්‍යොතිෂමය පැත්තෙන් ගසා ඇති ලේබලය එතරම් ශුභ වාදී නොවේ. 1916 වසරේ දී දෛවඥ මර්තේලිස් අප්පු ගුරුතුමා විසින් රචිත ස්ත්‍රී චන්ද්‍රිකා නැමති ග්‍රන්ථයේ නැකත් 27 අතරින් කැති නැකත පිළිබඳව මෙසේ දක්වා තිබේ.

කැති නැකතින් උපත ලත් ගැහැනු, පිරිමි දෙපක්ෂයම සෞන්දර්යවාදීන්ය. ඔවුන් නිතරම සතුටු සිතින් පිරී ඉතිරී යන්නවුන්ය. මුළු සිරුර පුරාම දිවෙන ලේ ධාතුව ඉතා පවිත්‍රය. ව්‍යාත්ස්‍යායන්ගේ කාම සූත්‍රයේ දැක්වෙන අන්දමට ඔවුන් යුගදිවියේ රස විඳින්නවුන්ය. වයසට ගිය ද කැති නැකත හිමි දෙපක්ෂයේම තරුණ බව රැඳී පවතී. ගතින් දුර්වලත්වයට පත් නොවේ. යුගදිවියේද, උපරිම සතුට සම්පත ළඟා කර ගනී. දාරක සම්පත්වලද අඩුවක් නැත.

ගුණගරුක, සත්‍යගරුක විනීත ගති පැවතුම්වලින් හෙබි උතුම් මානව භක්තියෙන් හෙබි සැමගේම සිත් දිනා ගැනීමට සමත් වන අතර, සමහර විට කැති නැකත් හිමියා ජීවිතයේ මුල් කාලයේ නැතත් මැදිවියට පත් වන විටදී විශාල ලෙස මහා ධනයක් හිමි කරගන්නේය. හදිසි මුදල් අතට ලැබෙන බව පැහැදිලිය. වත්මන් කාලය පිළිබඳව කතා බහ කිරීමේදී විශේෂයෙන්ම කැති නැකත් හිමියන්ට සමහර අවස්ථාවලදී වැරැදි හංවඩුවක් ගසා තිබෙන බැව් පෙනේ.

ජීවිතයේ රස විඳින නැත්නම් රසවතුන්ට එරෙහි වන අයද වැඩිය. එය ස්වභාවික දෙයකි. කැති නැකත් හිමි දෙපක්ෂයම රසවතුන්ය. ඔවුන් නිතරම සතුටින් සිටිනු ඇත. කලකිරුණු චරිතවලට සතුටින් සිටින අය එතරම් නොවටී. එයයි කැති නැකත හිමි අයට උරුම කර දී ඇත්තේ.

කැති නැකත හිමි දහස් සංඛ්‍යාත දෙපක්ෂය ගැනම නිරීක්ෂණය කිරීමේදී වඩාත් කැපී පෙනෙන චරිතයකි. කැති නැකත් හිමියන් යුගදිවිය කිසිම දිනක අසාර්ථකත්වයට පත් නොවේ. නමුත් දෙදෙනාගේම කායික හා මානසික සංයුක්තිය ධනාත්මක වීමද අනිවාර්ය වන්නේය. විවාහයෙන් පසුව දාරක සම්පත් ලබා පවුලේ දියුණුව ඇතිවේ.

ධන සම්පත් ලැබීම භාග්‍යය තිබේ. උපයන ධනය නිකරුණේ නාස්ති නොවේ. ඒවා රැක බලා ගැනීමට ග්‍රහ බලය උපකාරක වේ. පෞද්ගලික ජීවිතයේදී තමා විසින් ඇතිකර ගන්නා යම් යම් වැඩ කටයුතුවලදී ඒවා හරිහැටි මනා කළමනාකාරිත්වයෙන් යුතුව කිරීමට දස්කම් තිබේ. වැඩියෙන්ම කතා බහ කිරීමට නොපෙළඹේ. හුදකලා දිවියක්ද ගෙවීමට කැමතිය.

ව්‍යාපාර කටයුතුවලදී තමාගේම ස්වයං ව්‍යාපාරික කටයුතුවලට කැමතිය. හවුල් වැඩට එතරම් සුදුසු නැත. හවුල් වැඩවලින් පාඩු අත්වේ. ශාරීරික වශයෙන් බලන විට තරමක ශාරීරික ව්‍යාධිවලටද බලපානු ඇත. වකුගඩු ආශි‍්‍රතව අම්ලගති වැඩිවීම, රක්තවාතය, තුන්දොස් කිපීම, ස්නායු ආබාධ, අක්මාව, ඇල්දිව, කාන්තාවකගේ නම් ගර්භාෂගත ව්‍යාධිවලටද ඉඩ කඩ පෑදේ. එකී රෝගවලට නිසි කල්හි ප්‍රතිකාර නොකොළොත් අසාධ්‍ය විය හැකි නිසා වහා ප්‍රතිකාර ගැනීම යහපත් වේ.

දෙස් විදෙස්හි කැති නැකත හිමි ප්‍රකට දේශපාලනඥයින්, ගත්කරුවන්, කලාකරුවන්, චිත්‍ර නාට්‍ය හා සංගීතකරුවන් සමාජයේ කැපී පෙනෙන චරිතයන්ය.

මැදි වියේදී ආරම්භ කරන ලද ඉතාම කුඩා ව්‍යාපාරික කටයුතු ක්‍රම ක්‍රමයෙන් දියුණුවට පත්කර ගැනීමට සමත් වේ.

කිසිම දිනෙක දුක්විඳින දිළින්දෙකු නොවේ. තමාගේම ආත්ම ශක්තියෙන් ජීවිතය ජය ගැනීමට හැකි වේ.

කැති නැකතින් උපත ලත් කාන්තාවන් ඉක්මනින්ම කෝපයට පත්වන සුලුය. නෑ හිතවතුන් සමඟ නිතර නිතර අසමඟිය ඇති වේ.

සමාජයෙන් තරමක් දුරට නෑ හිතවතුන් හිතවතියන්ගෙන් ඈත්වී ජීවත් වේ. බොහෝ දුරට කෙසඟ සිරුරක් හිමිය. නමුත් කාමශක්ත සිරුර නිසා යම් යම් ජීවන ගැටලු ඇති කර ගනී. තමාගේ හොඳ නම රැක ගැනීමට තරමක් අපහසු වේ. කැති නැකතින් දැරියක් මල්වර වූයේ නම් ඇගේ ශාරීරික වැඩීම අඩුය. සමහර විට දරුඵලද හීන වීම ඇති වේ. දරුවන් ලැබුණත් ඔවුන්ගේ ශරීර සෞඛ්‍ය පිරිහීමකට පත්විය හැකිය. ජීවිතයේ ප්‍රශ්න වැඩි වේ. අසහනකාරි දිවියක් ගෙවීමට පත්වන්නේ කැති නැකතේ දෝෂයක් නොව උත්පත්ති ග්‍රහ හැසිරීම් රටාව අයහපත් වුවහොත් පමණි. එම නිසා ග්‍රහ පිහිටීමද එයට අදාළ වේ.

කැති නැකතට රෙහෙණ නැකත සම්පත් වේ. අද නැකත ක්ෂේම වේ. පුෂ නැකත සාධක වේ. අස්විද නැකත මෛත්‍රී වේ. පුවපල් නැකත පරම මෛත්‍රී වේ. මුවසිරස විපත් වේ. පුනාවස ප්‍රත්‍යාරී වේ. අස්ලිස නැකත වද වන්නේය.

මේ අනුව බලන විට කැති නැකතට සීහෙන සුබ නැකත් හිමියෙකු සමඟ යුගදිවියට පත්වීමෙන් සාර්ථක විවාහයක් ගත කිරීමට හැකිවනු ඇත.

උපුටා ගැනීම සුභසෙත පුවත්පත

Share This Article

කේන්දරේ බුධ කොතැනද? ලැබෙන පල අපල මෙසේයි

ග්‍රහ තරු අතුරෙන් කුඩාම තරුව බුධය. සූර්යයාට ඉතාම ළංව පිහිටියේද එයයි. ප්‍රමාණයෙන් චන්ද්‍රයාගෙන් භාගයක්‌ පමණ වන බුධ කිසිම විටක අංශක 28...

හතර කේන්දරේ පාළු වුණොත් ජීවිතයත් පාළු වෙනවාද?

"අපෝ මේ ළමයාගේ හතර කේන්දරේ පාළුවෙලා නේ තියෙන්නේ. මේ ළමයාව මහණ කරන්න." මේ වැකිය අලුත උපන් දරුවකුගේ ජන්ම පත්‍රයක් පරීක්ෂා කිරීමෙන්...

අටවෙනි කොටුවෙන් කියවෙන අපේ ජීවිතේ

ඉපදීම මෙන්ම මරණයද කාටත් පොදු දෙයකි. උප්පැන්නය සිදුවීම හා මරණය ඇතිවීම පිළිබඳ ග්‍රහ බලපෑම සිදුවන්නේ කර්මානු රූපවයි. කේන්ද්‍ර සටහනේ 08 වැනි...

ග්‍රහයෝත් රාශිත් එකතු වෙලා ඔබට දමන ලෙඩ

මෙම චිත්‍ර සටහනේ දැක්වෙන අයුරින් රාශි 12 සිරුරේ ඒ ඒ ස්ථානයට අයත්වේ. මේෂ රාශිය - හිස, වෘෂභ - මුහුණ, මිථුන - පපුව,...

ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සුබ මූහුර්තයක්

ජන්මියාගේ ජන්ම පත්‍රය හොඳින් පරීක්ෂා කොටය. ව්‍යාපාරයන්ට ගැලපෙන නැකත් ඇත අස්විද, රෙහෙන, මුවසිරස, අද, පුනාවස, පුෂ, මා, පුවපල්, හත, විසා, මූල,...

මිනිස් ජීවිතය පාලනය කරන ලග්නයට අධිපති ග්‍රහයා

ඔබේ දිවිපෙවෙත පාලනය කරන ආත්ම කාරක ග්‍රහයා ගැන මෙම ලිපිය තුළින් කරුණු රැසක් ඔබට වටහා දීමට මම බලාපොරොත්තු වෙමි. ඔබේ ආත්මය...