බඳින්න කලින් පොරොන්දම් විතරක් නෙමෙයි ග්‍රහයොත් ගැළපෙනවද බලන්න

විවාහය හා බැඳීම අතර ඇත්තේ පැති දෙකකි. වර්තමානයේ විවාහය යනු ලියැවිල්ලකට ගොනු වූ නීතිමය රාමුවකි. බැඳීම යනු විවාහයට වඩා බලවත් දෙයකි. බැඳීම තිබෙන තාක් කල් විවාහය සාර්ථක වේ. මේ පැති දෙක අවබෝධ කර ගෙන විවාහ අපේක්ෂකයන් බඳින්න පෙර යම් දෙයක් නිවැරැදිව දැන ගත යුතුය. ජය මඟුල් ගීත ගායනා කර, මඟුල්බෙර වයා හෝටල්වලට ලක්ෂ ගණින් බිල ගෙවා, උඩරට හෝ පහත රට ඇඳුම් පැලඳුම් සඳහා ලොකු මුදලක් වැය කර සිය ගණන් නෑදෑ හිතමිතුරන් සමඟ ආසිරි මැද්දේ නීතිමය ලියකියවිලිවල අත්සන් කොට කුලියට ගත් මඟුල් පෝරු මත සිට ගෙන පටන් ගත් යුග දිවිය උසාවියේ නඩුකාරතුමා ඉදිරියේ කටු ගා කැඩී, බිඳී, සුනුවිසුනු වී යෑම අද තිබෙන සුලබ දසුනකි.

පුවත්පත්වල මංගල යෝජනා තීරුවල නිතියෙන් වෙන්වී නැවත යුග දිවිය සඳහා යෝජනා කරන දැන්වීම් එමට ඇත. මෙසේ සිදුවන්නේ විවාහය තුළ තිබෙන බැඳීම නැතිකමයි. බැඳීමකින් තොර  විවාහයක් නැත. විවාහය කියන්නේ ලිංගික අවශ්‍යතාව මත පදනම් වූවක් නොවේ. සාර්ථක විවාහ ජීවිතයක් නම් අනේ‍යාන්‍ය අවබෝධය සමඟ පවතින බැඳීමයි. මෙම අවබෝධය අෑත් වූ විට විවාහය බිඳවැටෙයි.

මෙම තත්ත්වයට පත්වී ඇත්තේ වර්තමාන තරුණ තරුණියන්ගේ පාරම්පරික විඥානය හා පොත පතේ ඇති දැනුම සීමා වීමයි. අද සමාජයේ තරුණ තරුණියන්ගේ ජීවිතය ස්මාට් ජංගම දුරකථනවලට සීමා වී ඇත. ඊට එහා ලෝකයක් ඔවුන්ට නැත. මෙවැනි නවීකරණ උපාංග නිසා විවාහය තුළ තිබෙන බැඳීම බොහෝ දුරට අෑත් වී තිබේ.

බඳිනවා කියන වචනයේ ලොකු අර්ථයක් ඇත. දිය බඳිනවා, නියර බඳිනවා, වැට බඳිනවා, ගෙවල් බඳිනවා, වද බඳිනවා, ඇප බඳිනවා, වියන් බඳිනවා, මිටි බඳිනවා, පද බඳිනවා, නූල් බඳිනවා, ලුහුබඳිනවා, දත් බඳිනවා, පොදි බඳිනවා යන විවිධ බැඳිලි ඇත. නමුත් සියලුම බැඳීම්වලට වඩා වැදගත් වන්නේ සරණ බඳිනවා හෙවත් විවාහයයි.

විවාහය විවිධ නම්වලින් හඳුන්වයි. පෙළවහක් කර ගැනීම, අවාහ විවාහ, හිරයක් ගැනීම, පති කුලයට යෑම, පවුලක් පන්සලක් වීම, දීග කෑම යන්න සරණ බන්දනයට සමාන වචන වේ. අද වැඩිපුර විවාහයට මැරි කරනවා කියයි. එය ඉංගී්‍රසියට මුල්තැන දීමකි. මොන වචන මාලාවකින් කතා කළත් අවශ්‍ය වන්නේ බැඳීමයි. බඳින්න පෙර මේ ගැන අනිවාර්යෙන්ම සිතිය යුතුය.

නිසි වයසට පැමිණි පසු විවාහ වීම සමාජය තුළ පවතින චාරිත්‍රයකි. තම වර්ගයා බෝ කිරීම තවත් අරමුණකි. එක ගෙයි දීග කෑම, අයියා – නංගි අතර විවාහය අද සමාජයෙන් බැහැර වී තිබේ. සිරිත් විරිත් කෙසේ වෙතත් ආශාව, රාගය,  ප්‍රේමය, ආලය පාලනය කර ගත නොහැකිව තරුණ තරුණියන් සීමා බිඳගෙන කටයුතු කරනු ඇත. එවැනි ගැටලුවලින් විවිධ ප්‍රශ්න මතුවෙයි. එතැනදී විවාහය හා බැඳීම අතර සම්බන්ධයක් ඇත්තෙම නැත. ඒ නිසා විවාහය බිඳවැටෙයි.

විවාහයට පෙර අපේක්ෂකයන්ගේ හඳහන් දෙක පරීක්ෂා නොකර විවාහ වන්නේ නැත. ඉතා සීමිත පිරිසක් හඳහන් නොබලා විවාහ වෙයි. හඳහන් නොබලා කරන විවාහයන් බොහෝ දුරට සාර්ථකව පවතී.  නමුත් පොරොන්දම් බලා විවාහ වන අය වැඩි කල් නොගොස් දෙන්න දෙපැත්තට වෙන්වේ. පොරොන්දම් බලා විවාහය කැඩෙනවා නම් බඳින්න පෙර යමක් සිතන්නට සුදුසු කාලයයි.

පුවත්පත්වල මංගල යෝජනා දැමීමෙන් පසු ලියුම් සිය ගණන් එවයි. එයින් ලැබුණු හඳහන් ටික තමාගේ දුරකථනයෙන් පොරොන්දම් බලයි. නැතිනම් පරිගණකයේ ඇති පොරොන්දම් මෘදුකාංගයකින් ඒවා බලයි. දෙදෙනාගේ උපන් වේලාවන් සටහන් කර බොත්තමක් එබූ පමණින් පොරොන්දම් ගළපා තිරය මත වැටෙයි. සියයට 80ට වැඩි නම් එම හඳහන තෝරාගෙන විවාහයට මුලපුරයි. එම හඳහන් දෙක නැවැත දෛවඥ මහතකුගෙන් පරීක්ෂා කරන්නේ නැත. මෙම ක්‍රමයට විවාහ වුවහොත් එය සාර්ථක විවාහයක් නොවේ. මෙය අනිවාර්යෙන්ම බඳින්න පෙර සිතා බැලිය යුතු කරුණකි. මෙම කරුණ සම්බන්ධයෙන් අවසාන අදියරට ළඟා වී ඇත.

පොරොන්දම් බලා විවාහයට අවසන් තීරණයක් ගන්නේ නම් එයද සම්පූර්ණයෙන්ම වැරැදි ක්‍රියාවලියකි. පොරොන්දම් බැලීමට පෙර දෙදෙනාගේ හඳහන් කොටු 12 ග්‍රහ ගැළපීම බැලිය යුතුය. බඳින්නට පෙර සිතන්න අවශ්‍ය වන්නේ කොටු 12 ග්‍රහ ගැළපීම බැලීමයි. එය බලා අවසන් වූ පසු දෝෂයක් තිබේ නම් එම හඳහන් දෙකේ පොරොන්දම් බැලීමෙන් ඉවත් විය යුතුය. එම ග්‍රහ දෝෂ මොනවාදැයි විමර්ශනයට ලක්කළ යුතුය. එම ග්‍රහ දෝෂ මෙසේය.

  • චන්ද්‍ර මංගල යෝග තිබේද?
  • විස කන්‍යා දෝෂ තිබේද?
  • වැන්දඹු යෝග තිබේද?
  • කුජ – ශනි යෝගය තිබේද?
  • අති ධාවන කාම යෝග තිබේද?
  • වඳ යෝග තිබේද?
  • බහු විවාහ යෝග තිබේද?
  • කේමද්‍රව යෝග තිබේද?
  • චාරිත්‍ර දෝෂ තිබේද?
  • සරාගී යෝග තිබේද?
  • සිරබන්ධන යෝග තිබේද?
  • අවිවාහක යෝග තිබේද?
  • සමලිංගික යෝග තිබේද?
  • ලේ නෑකම් තිබේද?
  • කඩ හණ්දි මාරක දෝෂ තිබේද?
  • ද්‍රරිද්‍ර යෝග තිබේද?
  • තුන් කුලුඳුල් දෝෂ තිබේද?
  • මන්ඳයුෂක යෝග තිබේද?
  • කාම චණ්ඩාල යෝග තිබේද?

යෝජිත හඳහන් දෙකේ ඉහත සඳහන් එක් දෝෂයක් තිබේ නම් එය විවාහය වෙන් කිරීමට මඟ පාදයි.  එසේ නොකළොත් දෙදෙනාගේ විවාහ ජීවිතයට කරන දරුණු අපරාධයකි. බඳින්න පෙර ග්‍රහ දෝෂ බලා දෙවැනුව පොරොන්දම් ගළපා විවාහ වන්න. එය සාර්ථක විවාහයකි. කවුරුත් බඳින්න පෙර මේ ගැන සිතන්න.

Share This Article

කේන්දර නොගැළපෙනවා නම් මොන එකකටද පොරොන්දම් බලන්නෙ?

විවාහයකදී පළමුවෙන්ම කළ යුත්තේ දෙදෙනාගේ කේන්දර සටහන් තුළ සිටින ග්‍රහයන්ගේ පිහිටීම් විවාහයකට සුදුසුද, නැතිනම් නුසුදුසුද යන්න සලකා බැලීමයි. සුදුසු නම් පමණක්...

මාසෙට දෙවතාවක් රාශි මාරු කරන බුධ ඔබේ කේන්දරේ කොතැනද ඉන්නෙ…

සූර්යයාට ආසන්නව ගමන් කරන ග්‍රහ තරුව බුධ ග්‍රහයායි. සූර්යයාගෙන් අංශක 128කට වඩා ඈත් නොවී ගමන් කරන බුධ රෑ දවල් වීමකින් තොරව...

පොරොන්දම්වලටත් වඩා වැදගත් ග්‍රහ බලය

විවාහ දිවියට පා තබන යුවතිපතියන් පළමුව කරන්නේ පොරොන්දම් 20 ත් දස පොරොන්දම - අෂ්ඨකූටය යන කරුණු ගලපා ප්‍රතිඵල බැලීමය. ඒවායේ ප්‍රමාණාත්මක...

වාසනාවන්ත කේන්දර හිමියෝ

පෙර භවයේ කරන ලද කුසලා-කුසල කර්මයන් මේ භවයට රැගෙන ආ බවට තීරණය කරනු ලබන්නේ ජන්මියා උපත ලද අවස්ථාවේ සකස් කරන ජන්ම...

කුජ දෝෂය භංග කරන ආකාරය

මනුෂ්‍ය ජීවිතයේ මූලිකම සන්ධිස්ථාන තුනකි. එනම් අප මේ ලෝකයට ජනිත වීම නැතහොත් උපත. ජීවිතයේ දෙවැනි උපත හෙවත් විවාහය හා මරණය හෙවත්...

අධි ග්‍රහයා ඔබට බලපාන අයුරු

අධි ග්‍රහයා යනු යම් කිසි ජන්ම පත්‍රයක වැඩිපුර අංශක ගණනක්‌ ගමන් කර ඇති ග්‍රහයායි. මේ ග්‍රහයාගෙන් කෙනෙකුගේ රැකියාව සහ තවත් බොහෝ...