ඔබේ හඳහනේ සිකුරු නීච වුණොත් මොකද වෙන්නේ?

ග්‍රහ ලොවේ සුන්දර සුකුමාල තරුණියක ලෙස හැඳින්වෙන සිකුරු ග්‍රහයා සමානත්වය හා ප්‍රමාණය අතින් බොහෝ දුරට පෘථිවියට සමානය. සාමාන්‍ය ව්‍යවහාරයේදී ඉරබටු තරුව හෝ පහන් තරුව ලෙස හඳුන්වන්නේ මෙයයි. හිරු නැඟීමට පැය කිහිපයකට පෙර හෝ ඉර බැස යෑමට පැය කිහිපයකට පෙර පැහැදිලිව දැකගත හැකි නිසා පැරැන්නන් එසේ කියන්නට ඇත. ජේ‍යාතිෂයේදී ශුභ ග්‍රහයකු වශයෙන් හඳුන්වන සිකුරු අනෙක ශුභ ග්‍රහයන් සමඟ සංයෝගව සිටීමේදී ඉතා යහපත් ඵල ලබා දෙයි. බ්‍රහස්පතිගේ දරුවකු වශයෙන් කීවත් දෙදෙනා සතුරු ග්‍රහයන් සේ සැලකේ. විවාහයට බලපාන නිසා මේ දෙන්නා එකට සිටින්නේ නම් යහපත් විවාහයක් සිදුවන බව ජේ‍යාතිෂයෙහි කියැවේ.

මාලවී යෝගය යෙදෙන්නේ සිකුරුගෙනි. ස්වක්‍ෂේත්‍රගතව හෝ උච්ච බලයෙන් කේන්ද්‍රස්ථානයක පිහිටි සිකුරු මාලවී යෝගය සාදයි. මෙම යෝගය ඇති ජන්මියා සංගීතය, චිත්‍ර හෝ නෘත්‍ය හෝ වෙනත් සෞන්දර්ය විෂයයක් කෙරෙහි ඇල්මක් දක්වන අත බොහෝ විට දක්‍ෂතාවද පෙන්වයි. බොහෝ ගායක ගායිකාවන්ගේත්, නළු නිළියන්ගේත් නැටුම් ශිල්පීන් හා ශිල්පිනියන්ගේත් චිත්‍ර ශිල්පීන්ගේත් හඳහන්වල මෙම යෝගය පවතියි. වෘෂභ සහ තුලා රාශිවලදී ස්වක්‍ෂේත්‍රගත වන අතර කන්‍යාවෙහි නීච වෙයි. උච්ච බලයෙන් යුක්ත වන්නේ මීන රාශියේදීය. මීනයේ 27 වැනි අංශකයේදී අති උච්ච තත්ත්වයට පත්වන අතර කන්‍යාවේදී 27 වැනි අංශකයේදී අති නීච වේ. මූල ත්‍රිකෝණ බලයට පත්වෙන්නේ තුලා රාශියේ මුල් අංශක 15දීය.

සිකුරු නීච වූ විට නෛසර්ගික වශයෙන් පිහිටන විනෝදයෙන් සිටීම නෘත්‍ය ගී ප්‍රිය කිරීම ලක්‍ෂණ වයිවාරණ ඇඳුම් පැලඳුම් කෙරෙහි ඇති ඇල්ම නිවෙසේ වැඩට උනන්දුවක් දැක්වීම වැනි තත්ත්වයන් අනෙක් පිටට පෙරළෙයි. ගෙදර ‍ෙදාරේ වැඩපළ කරගෙන යමක් ඉතිරි කරගන්නට සිතයි. විනෝදයට බර නැත. සියුම් සිතිවිලි අඩුවක් ඇති කරයි. මිතුරන් 

කිහිපදෙනකු පමණක් ඇසුරු කරන්නේ සමාජශීලී ගතිය අඩු නිසාය. අසල්වැසියන්ගේ දුක් කරදරවලදී ගුරුහරුකම් කියාදී සිත සනසයි. අන් අයට පිහිට වීමට කැමතිය. බාහිර ඔපයට වියදම් නොකරන නිසාත් සකසුරුවම්කම ඇති නිසාත් සිකුරු නීච වීම මෙලොව ජීවිතයට යහපත්ය. විවාහ ජීවිතය කිළිටි කරගන්නේ නැත. විවාහයට අකැමැති ශනි කේතු වැනි ග්‍රහයන් සමඟ සංයෝග වීමෙන් විවාහය ප්‍රමාද කරන්නේ ඒ සඳහා වැඩි උනන්දුවක් නොදක්වන නිසාය.

මීන රාශියේ උච්ච බලයෙන් පිහිටා ඇති ජන්මියා ඉහත කී ගතිගුණවලට විරුද්ධ ගතිගුණ පෙන්වයි. නිතර විනෝදයෙන් විහිළුවෙන් සිටීමටත් ගීත ඇසීමට මෙන්ම නාට්‍ය නැරඹීමටත් කැමතියි. සියල්ලක්ම සැහැල්ලුවෙන් සලකයි. විවාහය වුවත් බරපතළ ලෙස සිතන්නේ නැත. එහෙත් කාරුණික හා ත්‍යාගිවන්ත වේ. ගෘහ ජීවිතය වාසනාවන්ත වූවකි. ධනවත් වීමේ වාසනාව පවතියි. සිකුරු උච්චව ස්වක්‍ෂේත්‍රව හෝ මූල ත්‍රිකෝණ බලයෙන් ලග්නයේ පිහිටි කාන්තාව ඉතාම වාසනාවන්තය.

සිකුරුගේ ගුණාගුණ කීමේදී ද පිහිටි ස්ථානය, අවස්ථාවන් හා සංයෝග ආදිය පිළිබඳව සැලකිලිමත් නොවුණහොත් අසත්‍ය වේ.

උපුටා ගැනීම මව්බිම

Share This Article

ග්‍රහ පිහිටීම අනුව යුග දිවිය කටුක කරන ලිංගික දුබලතා ගැන ඔබ දැනුවත්ද?

ලිංගික බෙලහීනතාවයන් හෝ කාම උදාසීනත්වය ඇතිවීමට හේතු... ලිංගික තෘප්තියට බාධා ඇති කරන ග්‍රහ පිහිටීම...විවාහයට පෙර ඔබ තෝර ගන්නා සහකරු හෝ සහකාරියගේ...

සඳු නීච වීම විවාහයට බලපාන අයුරු

පුරුෂයකුගේ ජන්ම පත්‍රයක සඳු නීච වීමට වඩා’ කාන්තාවකගේ ජන්ම පත්‍රයේ සඳු නීච වීම විවාහය සඳහා ඍණාත්මකව බලපෑමට ඉඩ ඇත. එනම් නීච...

පමාවන විවාහය ඉක්‌මනින් කරගන්න අත්දුටුම පිළියමක්‌

අධ්‍යාපන කටයුතු හමාර කර රැකියාවකට යොමුවී විවාහ වීමට සුදුසු වයසට පැමිණි තම දරුවන්ට යහපත් විවාහයක්‌ කරදී තමන්ගෙන් දරුවන්ට සිදුවිය යුතු යුතුකම්...

රවිගේ අපල දුරුකර ගැනීමට නොවරදින පිළිවෙතක්‌

ජන්මීන්ගේ ජීවිතවලට ආලෝකය ලබාදෙන්නාවූ බුදු, පසේ බුදු. මහ රහත් ආදී උතුමන්ටත් දෙමවුපියන් හා සත් පුරුෂයන්ටත් පෙර ආත්මභවයන්හි නින්දා අපහාස, සතුරු පීඩා,...

කටක ලග්නයට හිමි රැකියාව

කටක ලග්නය හිමි ඔබගේ ලග්න අධිපතියා සඳු ග්‍රහයා වන අතර දහවැන්න වන කර්මස්ථානය නියෝජනය කරන ග්‍රහයා අඟහරුයි. මේෂ රාශිය දහවැන්න වන...

සඵල වුවොත් නිර්භීත නායකයන් බිහි කරන, අපල වුවොත් තනිකඩ කරන කුජ

ඔබ ධෛර්යවත් කෙනෙක්‌ද? නොපසුබටද? තම ඉලක්‌කය කරා යන ගමනේදී බාධක කොතරම් පැමිණියත් ඒවා මැඬගෙන ඉදිරියටම යනවාද? වීර්යය, උත්සාහය තිබේද. එසේ නම්...