බන්ධනාගාරයේදී හමුවූ අභිසාරිකාවන්ගේ ජන්ම පත්‍ර

අභිසාරිකාවක්‌ වීමට යෝග්‍ය සිද්ධාන්ත රාශියක්‌ ජ්‍යෙdතිෂ මූල ග්‍රන්ථවල සඳහන්ව ඇත. වත්ශ්‍යනගේ කාම සූත්‍රය, හැව්ලොක්‌ එළියස්‌ගේ ලිංගික මනෝ විද්‍යාත්මක ග්‍රන්ථවල කාන්තාවන් හා පුරුෂයන් පිළිබඳ විග්‍රහ කරති. අඟහරු, සිකුරු, සඳු හා ලග්නාධිපති කාන්තාවන්ගේ හා පුරුෂයන්ගේ ආදරය හා කාමාශාව ඇති කරන ග්‍රහයෝ වෙති. ග්‍රහ මණ්‌ඩලයේ නිර්භීත ග්‍රහයා ලෙස අඟහරු සඳහන් වෙයි. කාන්තාවකගේ අඟහරු බලවත්වීම ලඡ්ජා බිය නැතිවීම හා පුරුෂ ඇසුරට ප්‍රියමනාප වීමකි. එසේ වීම බලවත් කිරීමට සිකුරු, සඳු මෙන්ම බුධ රාහුගේ සංයෝගයද තිබිය යුතුය. මෙහි සඳහන් සියලු දෙනාම ජීවතුන් අතර සිටින බන්ධනාගාරය තුළදී සාකච්ඡා කර තොරතුරු ලබාගත් කාන්තාවෝ වෙති.

සමස්‌තයක්‌ වශයෙන් සලකා බැලීමේදී බන්ධනාගාරගත වී ඇති බහුතරය, දුගී බව, අයහපත් ඇසුර හා අධ්‍යාපනයක්‌ නොලැබීම ප්‍රධාන සාධකය වී ඇති බව පෙනේ. බන්ධනාගාරගතව සිටින අභිචාරිකා කාන්තාවෝ ඉතිහාසයේ සඳහන් කර ඇති පංච කල්‍යාණියෝ හෝ රූප රාජණියෝ නොවෙති. ඇතැමෙකුගේ ස්‌ත්‍රී ලක්‍ෂණ නොපෙනේ. ගොරහැඬි කටහඬ, ගැටවර වියට පත්වන කොලුගැටටෙකුගේ මෙන් පැහැදිලිව දක්‌නට ලැබෙන දැලි රැවුල, නොබියව ඉදිරිපත්වීම, අපරාජිත බව, වශ්‍ය නොවීම මෙන්ම, සමහරු කෙසඟ සිරුරු සහිත වෙති. එසේම ශාරීරික ආබාධ සහිත කාන්තාවෝද සිටිති. විවාහක, අවිවාහක හා වැන්දඹු ස්‌ත්‍රීහු මේ අතර වෙති.

මොවුන් ලිංගික සේවය සපයා ඇත්තේ නගරයේ වැඩකරන කම්කරු ජනතාව වෙනුවෙනි. වෘත්තිය නීත්‍යනුකූල නොවන බැවින් ඔවුන්ට ඒ සඳහා නියමිත මුදලක්‌ හෝ නොගෙවා කායික සන්තර්පණයෙන් පසු සල්ලාලයන් පැනයන අවස්‌ථා සුලභ බව පවසයි. මොවුන් මෙවැනි තත්ත්වයකට පත්වීම සම්බන්ධව දීර්ඝව කරුණු දැක්‌විය යුතුවේ. පුරුෂයෙකුට වඩා ස්‌ත්‍රියකට බන්ධනාගාරය සුදුසු වේ. ජීවිතයේ හව්හරණක්‌ නැති ස්‌ත්‍රියන් බන්ධනාගාරගත වූ විට කුසට ආහාර, රෝගයට ඖෂධ මෙන්ම ජීවිතයට ආරක්‍ෂාව එහිදී ලැබෙනු ඇත. සිත අයාලේ නොයයි. සල්ලාල පිරිමින්ගෙන් එහිදී ගැහැටක්‌ නැත. එබැවින් අභිසාරිකාවකට බන්ධනාගාරය එක්‌තරා ක්‍ෂේම භූමියක්‌ විය හැකි යෑයි සිතේ.

1 ජන්ම පත්‍රය

ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ වෙළෙඳ සමාගමක අලෙවි නිලධාරිනියක්‌ ලෙස සේවය කර ඇත. විවාහක එක්‌ දරු මවකි. ගණිකා වෘත්තියේ යෙදීම හේතුවෙන් චෝදනා ලැබ විසිඑක්‌ වියේදී බන්ධනාගාරගත කර ඇත. 1969-11-15 වැනි දින උපත ලබා ඇත. එදින එම වේලාවට ග්‍රහ පිහිටීම් මෙසේය.

කුජ හැර සියලුම ග්‍රහයෝ විෂම රාශි ගතව සිටිති. ලග්නාධිපති සිකුරු ලග්නගතව සිටී. "සිකුරු ලග්නයේ කියා" කියමනක්‌ ජනවහරේ පවතී. සිකුරු ලග්නයේ වීම ආශාවන් පුබුදුවන බව කව්රුත් දනිති. නමුත් ලග්නස්‌ථානයේ සිකුරු සමඟ රවි, බුධ හා ගුරුද සිටිති. හය අධිපති ගුරු සතුරුවද, රවි නීචවද ලග්නයේ ස්‌වක්‍ෂෙත්‍ර වූ සිකුරු සමඟ සිටී. එසේම දොළහ අධිපති බුධද ලග්නගතවීම පැහැදිලිව බන්ධනාගාරගතවීම පෙන්වයි. ගුරු ලග්නයේ දික්‌බලයි. නමුත් තුලා රැසට සතුරු වී ඇත. රවි නීචවී සිටීම කාමාශාව වැඩි කිරීමකි. බුධ මෙන්ම කෝණයේ සිටින රාහු දෘෂ්ටිය සිකුරුගේ ආශාවන් තව තවත් වර්ධනය වීමට උපකාර වෙයි.

හතර වැන්නේ මකර රාශියේ කුජ උච්ච වී රුචක යෝගයෙන් සිටී. මෙම යෝගය ශුභව නොව අශුභ පලදීම සඳහා ජන්මියාගේ එඩිතර බව හා ධෛර්ය ඇතිකර ඇත. එනම් අභිචාරිකාවක්‌ වීමට අවශ්‍ය ගුණ ලැබී තිබේ. හත්වැන්නේ මේෂයේ ශනි දික්‌බල මෙන්ම නීචවී ඇත. විවාහයට බාධාවේ. හයවැන්නේ සතුරු කාරක ගුරු හා අට අධිපති මාරක ස්‌ථාන අධිපති සිකුරු යෝගම ලග්නගතවීම විවාහය තවදුරටත් අවුල්වේ. තුලා රාශිය චර රාශියක්‌ වීම කුජ හා ශනි කේන්ද්‍රගතවීම කාන්තාවන් අභිචාරිකාවක්‌ වීමේ එක්‌ යෝගයකි. ලග්නාධිපති ඇතුළු අනිකුත් ග්‍රහයන්ගේ අශුභ පිහිටීම්, ජන්මිය, එවැනි තත්ත්වයකට පත් කිරීමට හේතු වී ඇත.

2 ජන්ම පත්‍රය

විවාහක එක්‌ දරු මවකි. විවාහය බිඳ වැටීමෙන් පසු අසරණ වීම හේතුවෙන් ගණිකා වෘත්තියට පෙළඹී ඇත. බන්ධනාගාරගත වන විට තුන්මස්‌ ගැබිනියකි. 1972-12-29 වැනි දින උදැසන උපත ලැබූ ඇයගේ ග්‍රහ පිහිටීම් මෙසේ සඳහන්ව ඇත.

ලග්නාධිපති ගුරු ලග්නයට දික්‌ බලයි. ධනු ලග්නයට රවි මිත්‍ර හා රාහු සම වෙයි. නමුත් මෙම ග්‍රහයෝ සතුරු වෙති. එසේම සඳුගේ දෘෂ්ටියද ඇත. එබැවින් ලග්නාධිපති දුබල වේ. එසේම සඳු හා රාහු දැකීම, හයවැන්නාධිපති සිකුරු දොළොස්‌ වැන්නාධිපති කුජ සමඟ දොළොස්‌වෙනි භාව ගතවීම බන්ධනාගාරගත වීමේ යෝගයකි. හත්වැන්නේ කේතු විවාහය අවුල් කරයි. රාහු ලග්නයට අශුභයි. රාහුට ලග්නය ශුභ නොවේ. ජන්මියාගේ කටයුතු ලග්නයේදී අවුල් කරයි. හත්වැන්නාධිපති විවාහ අධිපති බුධ හයවැන්නාධිපති විවාහ කාරක සිකුරු සමඟ යෝගව දොළොස්‌ වැන්නේ සිටී.

දොළොස්‌වැන්නේ කුජ භෞම දොaෂයි. එබැවින් මෙම කාන්තාවගේ විවාහය අසාර්ථක වී ඇත. රවි, සඳු හා කුජ පීඩාවීම අසාර්ථක විවාහයකි. කුජ, සිකුරු හා බුධ යෝගය සරාගී හැඟීම් ඇති කරවයි. 2, 7 හා 11 කාම ත්‍රිකෝණයේ පිතුරු බුධ හා ශනි හිමිවේ. එබැවින් ජන්මියා තුළ කාමාශාව බහුල වී ඇත. එබැවින් ඇය අභිචාරිකාවක්‌ වීමේ ග්‍රහබලය ලබා ඇති බව පෙනේ.

බලන්ගොඩ කේ. කේ. එච්. දයානන්දඋපුටා ගැනීම දිවයින

Share This Article

දරුඵල ලබන්න ක්‍රමයක්‌ මෙන්න

දරු සුරතල් බැලීමට ඉතා ආශාවෙන් සිතින් දුක්‌ විඳින යුවතිපතියන් දස දහස්‌ ගණනක්‌ අප රටේ සිටින බව නොරහසකි. විවිධ වෛද්‍ය පරීක්‍ෂණවලට ලක්‌වෙමින්,...

අධි ග්‍රහයා ඔබට බලපාන අයුරු

අධි ග්‍රහයා යනු යම් කිසි ජන්ම පත්‍රයක වැඩිපුර අංශක ගණනක්‌ ගමන් කර ඇති ග්‍රහයායි. මේ ග්‍රහයාගෙන් කෙනෙකුගේ රැකියාව සහ තවත් බොහෝ...

මල්හීසර වැදෙන්නේ කවදාදෝ... කොතැනදිදෝ

ඔබේ පෙම්වතිය ඔබට කවදා, කෙසේ කිනම් ස්‌ථානයකදී මුණගැසේද? යන්න මේ ලිපිය තුළින් කරුණු ඇතුව පෙන්නුම් කර දීමට මා අදහස්‌ කරමි. තරුණ...

හතර කේන්ද්‍රය පාළුවීමෙන් ජීවිතයට අයහපතක් වෙනවාය කියන්නේ බොරු...

මේ රූප සටහනේ දැක්වෙන්නේ (රවුම් කළ) සතර කේන්ද්‍ර ස්ථානයි. සංඛ්‍යා වශයෙන් දක්වන විට ඒවා 1, 4, 7, 10 වශයෙන් හඳුනාගත යුතුවේ. “අපේ...

ගුණවත් වාසනාවන්ත පංචකල්‍යාණියක් ජන්ම පත‍්‍රය තුළින් හඳුනා ගනිමු

වචනයෙන් කියාගත නොහැකි වුවද විවාහ වීමට අපේක්‍ෂාවෙන් සිටින තරුණයන් බොහෝ දෙනකුගේ පැතුම රූමත් ගුණවත් වාසනාවනත බිරිඳක් ලැබීමය. ගුණවත් කරුණාවන්ත බිරිඳක් ලබන...

හොඳ නරක දෙකට ම හවුල් වන සෙනසුරු

විශ්ව බලපෑම මත ඕනෑම කේන්ද්‍රයක බලවත් ග්‍රහයන් තිදෙනා රවි, සඳු හා ලග්නාධිපති වුවත් කරදරකාරයා සෙනසුරුය. චණ්‌ඩියා අඟහරුය. දැනුමැත්තා බුධ සහ ගුරු...