Biz Log
Classifields
Biz Log
Classifields

රවි ග‍්‍රහයාගෙන් පීඩා විඳින්නෙක්ද? - එහෙනම් මෙය කියවන්න

රවි හෙවත් හිරුගෙන් තොර ලොවක් නැත. දොර දොර කිරි උතුරු වන්නේ හිරු දෙවියන්ටය. තණකොළ ගසේ සිට සියලූ සජීවි වස්තූන්ගේ උපත හා පැවැත්ම හිරුය. ලෝකයේ පැරණිම ආගම වූ හින්දු ධර්මයේ ආරම්භයද හිරුය. හිරුට අධිපති ශිව දෙවියන් බව හඳුනා ගත් දිනයේ සිට ‘‘ශිව ආගම’’ බවට ආදේශ විය. සූර්ය - ආදිත්‍ය - රවි - දිනකර - දිනිඳු - දිවයුරු ආදී නම් රැුසකින් හඳුන් වන හිරු ග‍්‍රහතුමා රාජ්‍යකාරක රවි ලෙස හැඳින්වීමට ජ්‍යෝතිෂවේදීන් පුරුදු වී සිටිති. ශනි - කුජ - රාහු මෙන්ම රවිද, ස්ත‍්‍රී කේන්ද්‍රයෙහි අගුණ බැව් මෙම කවියෙහි සඳහන්ය.

ඉතිරිය උපන් ලග්නෙන් සත්වන භවන

දිවයුරු සිටියේ නම් ඇගේ ‘‘හිමි’’ හෙළ වරුණ

සරොසව බලන බැල්මෙන් යුතු නෙතු අගින

මිනිසෙක් වෙයි, නිති කම්සැපතෙහි ඇලූන

දිවයුරු සත්වන භවනෙහි යෙදෙමින

රිපු ගහයකුගේ දැකුමෙන් යුතු වුණ

සෙනෙහස නොමැතිව හිමියා ඇය ගැන

දුරු කළ අගනක් වෙයි සිය නිවෙසින

දයාබර පාඨකය, හිරු දුටු ගණඳුරක් සේ හිරුගෙ අපල දුරුකර ගමු. ආරම්භය ගත යුත්තේ හිරුට අධිපති තී‍්‍රනේත‍්‍රධාරී ශිව දෙවිතුමා මිත‍්‍ර කර ගැනීමෙන්ය. ඉරු දින ඉරුගේ හෝරාව මෙන්ම - සිකුරාදා දිවා කාලයද මේ සඳහා උචිතය. කතරගම - ශිව දේවාලයෙහි දිවා කල - පූජාව හෙවත් මහා මුරුතැන් පූජාව - මධ්‍යාහ්න 12 ට දිනපතා පැවැත්වේ. ඉතා පැරැුණි හින්දු පූජක පරම්පරාවකින් පැවත එන ස්ථානයක් බව ආඩම්බරයෙන් පැවසිය යුතුය. අඛණ්ඩව පුද පූජා පැවැත්වෙන එවැනි ශිව දේවාලයකදී පූජෝපහාර පැවැත්වීම හිරුගේ අපල සමනය කර ගැනීමට මහෝපකාරී වේ. රාත‍්‍රී 12.24 පසු වී බෝමළුවක දී නැතිනම් ඉඹුල් ගසක් යටදී රවිට හිමි පූජා තැබිය යුතුය.

සුදු තිරයක් පුදසුන මත එලා, ඒ මත සහල් අතුරා බුලත් (9) නවයක් රවුමට සිටිනසේ එක ළග තබන්න. පෙරාගත් පිරිසිදු ජලය පිර වූ සෙම්බුව එම බුලත් මත තබන්න.

රත්හඳුන් - දේවධාර- සැවැන්දරා - එන්සාල්- පිනිදිය - සමන් පිච්ච, එම සෙම්බුව තුළට දමන්න. තැඹිලි මලේ ඉති සෙම්බුවේ කටට දමා පොල් ගෙඩිය මුඩුව උඩට සිටින සේ තබන්න. ඒ වටා රතු නෙළුම් මල් තබන්න. ගිතෙල් - මී පැණි උක්හකුරු - සූකිරි - ඉරිගු ඇට, මිශ‍්‍රකර පීරිසියක් තබන්න. ගිතෙල් පහන් දල්වන්න.

ඉඹුල් කොළ - ලද පස් මල් තබා හඳුන් කූරු, කපුරු දල්වා, බැදිහාල්, රත්හඳුන් කුඩුකර සාම්බ‍්‍රානි සමග මුසුකොට දුම් දෙමින් පූජාව අරඹමු. (එළකිරි බඳුනක් - උක්හකුරු මිශ‍්‍ර කිරිබතක් තබන්න)

ඕම් ශ‍්‍රී අධිත්‍ය යයාස - සෝමාය - මංගලාය

බුධා යස - ගුරු- ශුක‍්‍ර - ශනීශ්වර - රාහවේ - කේදවේ නමහ.

ජපා කුසුම සංකාශං - කාෂ්‍යපේයං මහා දසූතිම්

තමෝරිං සර්ව පාපාග්නං - ප‍්‍රණ තෝස්මි දිවා කරං

මෙසේ ගායනා කළ යුත්තේ තමන් කැමති වාර ගණනකි.

හිරු දෙවි මුලපුරා - දුම්මල් පහන් පුද කරා

රන් කවුළු දොරහැර - වඩින් හිරුදෙවි සමග පිරිවරා

හිරු ඉන්දුයෙන් එන - රන් සිරිවතද දරමින

නැගී රථ වාහන - අපට සෙත දෙන් බලා දිවැසින

ඉරු දෙවිඳු මෙම විට - වඩිනේ මෙරග මඩලට

තෙදින් දොස් දුරුකොට - වඩින් ඉරුදෙවි අප කමා කොට

රෝෂ නොව මහ මේරුවේවට සිව් කොණින් එළි වෙනතුරා

දෝෂ නොමවන් සියලූ සතහට එක ම`ගුල් ගෙය මෙන් කරා

සේෂ පිනිබිඳු - අමා බිඳු සේ ගිමන් රෝදුක් දුරු කරා

දෝෂ හැර නිති රකින් දිනිඳුගෙ කාල හෝරා දොෂ් හැරා

ගණ රං පෑයට - වාහන තුරගුට - ඉඳුරු දිසාවට ඉඹුල් විමානෙට

පිළිසුං බැල්මට - සිංහ ලග්නයට - රවි හෝරාවට හිරුගෙ දශාවට

කැති තුරුසලයට - තුරුපල් නැකතට - සිංහ ලග්නයට දශාව ලැබූ විට

සයක් වරුෂයට - සපැමිණි අපලෙට - මේ ආතුර හට සෙත් දෙන් හැමවිට

සිරි වැස ගෙන අසු නගිමින් නොලෙසා

සිරිබර ඉඹුලෙහි සුරවැස නිවෙසා

සිරි බලි කොකුමෙන් බත් ගෙන නොලෙසා

ඉරු දෙවි මෙ - ඔබට සුබසෙත් සලසා

මෙම ශාන්ති කර්මයට පෙර - ශිව දෙවියන් උදෙසා පූජා පවත්වා රවිට හිමි ස්නාන විධි කළ යුතුය. සැවැන්දරා, නෙළුම් රේණු, දේවධාර, වැල්මී, එන්සාල් මනෝසීල, කුංකුමප්පු, පලොල් මෙම ඔසු වර්ග තම්බා ස්නානය කරන්න.

උපුටා ගැනීම දිවයින

Share This Article

ධර්ම දානයේ මහිමයෙන් බුධ ගේ අපලය දුරලන්න

උපතින්ම හිමි වන විවිධ දක්‍ෂතා මෙන්ම දුර්වලකම් ද බොහෝ අයට තිබේ. එකම පලතුරු ගසක ගෙඩිවල එකම රසයක්‌ ඇත. එහෙත් එකම මව්පියන්ට...

කරගන්න කසාදේ ඇයි මේ ප්‍රමාදේ

ශිෂ්ඨ සම්පන්න විවාහය ජන සමාජයේ ඉදිරි පැවැත්ම ඇති කරන බලවත් සාධකයකි. මෙලොව උපන් සෑම ස්‌ත්‍රියකටම පුරුෂයකුටම විවාහය තම දිවිමගේ ප්‍රධානම කඩඉමක්‌...

කේන්දරේ බලන්නේ ඇයි?

"මම නම් කවදාවත් කේන්දර බලන්නෙ නෑ." අයෙක්‌ කියයි."කේන්දර බැලුවොත් තමයි සේරම අපල - අපල දැන ගන්න කේන්දර බලල වැඩක්‌ නෑ.?" මම...

නැකැතකට අවශ්‍යම සුබ හෝරාව

ජේ‍යාතිෂ විද්‍යාව තුළ සඳු ග්‍රහයාට විශේෂ තැනක් හිමි වෙයි. රාත්‍රියේ උපදින ජන්මීන්ට සඳු මවු ලෙස හඳුන්වයි. පුර පක්ෂයේ බලවත් සඳු කේන්දර...

විදෙස් ගමනට ඉඩ ලැබේවිද?

වර්තමානයේ බොහෝ දෙන උසස් අධ්‍යාපනය වෙනුවෙන් හෝ රැකියා අවස්ථා වෙනුවෙන් හෝ වෛද්‍ය ප්‍රතිකාර ආදිය සඳහා හෝ දේශපාලන රැකවරණය සඳහා හෝ වඩාත්...

සුන්දර සඳු සිකුරු යෝගය

අතීතයේ රජ කුමරෙකු සැඩොල් කුමරියකට පෙම් බැන්දේය. රජකුමරා අනාගත රජකමද ප්‍රේමය වෙනුවෙන් පරිත්‍යාග කළේය. රූපයෙන් අගපත් සැඩොල් කුමරිය රජ පෙළපතකට උරුමකම්...