Biz Log
Classifields
Biz Log
Classifields

මල්වරයෙන් හෙළිවන සැඟවුණු රහස්

මල්වර වූ තැනැත්තියගේ ස්නානය උදෙසා නැකැත් සෑදීමේදී මල්වර වූ දිනයේ සිට හතරවැනි හෝ පස්වැනි දිනය යොදාගනියි. සඳුදා, බඳදා, බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා දිනයක් වීම සුදුසුය. දියවක තියවක විශේණිය, සතවක, දසවක, එකොළොස්වක හෝ තෙළෙස්වක යන තිථියක් විය යුතු අතර සුබ ලග්නයක් හෝරාවක් යොදාගෙන නැකැත යොදාගැනීම පුරාණ නියමයක් වුවද අද සමාජයේ මෙම දින ගණන් වෙනස් වෙමින් සුබ නැකැත් යොදාගන්නා අයුරු දක්නට ලැබේ. තවත් සිරිතක් වන්නේ මල්වර වූ බව දැනගත් විගස මව විසින් මල්වර වූ දැරිය හොඳින් ස්නානය කරවා ගැනීමයි. එහිදී නැකැත් යොදා ගන්නේ නැත. සුබ නැකැතින් ස්නානය කරවීමේදී ස්නානය කරන ස්ථානය වටා ආවරණ යොදන්නේ බාහිර පුද්ගලයන් දකින බැවින්ය. සඳුන්, අමුකහ, වෙනිවැල් ගැට ආදී ඔෟෂධීය ද්‍රව්‍ය යෙදූ ජලයෙන් ස්නානය කරවනු ලබන්නේ නැන්දණියක් විසිනි. පැරැණි සමාජයේ මෙම චාරිත්‍රය රජක ළඳක් විසින් ඉටු කරයි. ස්නානයෙන් පසු ඒ අසල ඇති හෝ සිටුවන ලද කිරි ගසකට මුවහත් පිහියකින් කෙටීම මල්වර වූ තැනැත්තිය විසින් ඉටු කරනු ලැබේ. කිරි ගසෙන් කිරි වෑස්සීම සුබ නිමිත්තක් ලෙස සැලකේ.

දෙවියන් බුදුන් පිදීමෙන් අනතුරුව නිවෙසේහි කුල්ලක තබන ලද ආහාර රෙදි ආදී ත්‍යාගයන් මල්වර වූ තැනැත්තිය විසින් ඇය ස්නානය කරවූ තැනැත්තියට ලබාදීම සිදුවෙයි. ඉන්පසු වැඩිහිටි ඥාතීන්ගේ ආශීර්වාද හිත මිතුරියන්ගේ ආශීර්වාද මධ්‍යයේ රසමසවුළු වැළඳීම සිරිතකි. මෙම භෝජන සංග්‍රහයට සැවොම එක්වෙයි. මෙම චාරිත්‍ර ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වන අයුරු පෙනී ගියද නැකැත් බැලීම පලාපල දැනගැනීම පොදුවේ සිදුවන බව දැකගත හැකිය.මල් කුමාරියක් ලෙස සැරසුණු මල්වර වූ තැනැත්තිය සැබෑවින්ම මාතෘත්වයට සුදුසුකම් ලැබීම හෙවත් පරිණතභාවයට පත්වීම උරුම කර ගැනීම මෙහිදී සිදුවෙයි. එය පවතින ලෝක ධර්මතාවයි. ජෛව විද්‍යාත්මක සංසිද්ධියයි. මල්වර වූ යුවතිය පිළිබඳ ජේ‍යාතිෂ්‍යවේදීන් විවිධ අවස්ථා උපයෝගි කර ගෙන පලාපල කථනය කරයි. විශේණිය දින තිථි ලග්න, නැකැත්, වස්ත්‍ර, රුධිර, දුක ආදී ලෙසින් මෙම පලාපල කථනය සිදුවෙයි.

නැකැත අනුව පලාපල

අස්විද - පින්වන්තියකිබෙරණ - නරක ගති සිරිත්වලින් හෙබියකැති - දරුපල හීනයිරෙහෙණ - ගතිපැවැතුම්වලින් උසස්යමුවසිරස - දැහැමි ගතිගුණවලින් යුක්තයඅද - පති භක්තිය හීනයි අකාරුණිකයපුනාවස - සැප සම්පත් ලාභී තැනැත්තියකිපුෂ - නැණවත් දරුසම්පත් ලබයිඅස්ලිස - සැමියා අකලට මියයෑමට හැකියිමා - පිය පාර්ශ්වයේ උපකාර ලබයිපුවපල් - බුද්ධියෙන් හීනයිඋත්‍රපල් - නැණ ගුණයෙන් සම්පූර්ණ තැනැත්තියකිහත - දරු සම්පත් බහුලය.සිත - කලාවට ළැදි අයෙකිසා - ගුණවත් තැනැත්තියකිවිසා - ස්වාමි භක්තිය ඇති තැනැත්තියකිඅනුර - නැණවත් ගුණවත් දරුවන් ලබන්නීයදෙට - කටුක ගති පැවතුම් ඇති අයෙකි. මුල - ගෘහ කර්මාන්තයේ දක්‍ෂයපුවසල - දුක් කරදර හිමිවෙයිඋත්‍රසල - සමාජයේ සැලකිලි ගෞරව ලැබේසුවන - ධන සම්පත්වලින් පරිපූර්ණයදෙනට - සම්පත් ලබන්නීයසියාවස - දරුවන්ගෙන් සැප ලබන්නීය. පුවපුටුප - නැණවත් කමින් හීනයඋත්‍ර පුටුප - උද්ධච්ච මානයෙන් යුක්තයරේවතී - ගුණධර්මවලින් හෙබි අයෙකි

ලග්නය අනුව පලාපල

මේෂ - ආදායම් හීන වෙයිවෘෂභ - යස ඉසුරු සම්පත් ලැබේමිථුන - කාමුකය. ධනවත් බව ලබයිකටක - කුලගරුත්වය නැසෙයිසිංහ - යහපත් දරුවන් ලබන්නීයකන්‍යා - ඉසුරු බර තැනැත්තියක් වෙයිතුලා - ධනවත් තැනැත්තියක් වෙයිවෘශ්චික - දැඩිගති පැවතුම් ඇත්තියකිධනු - පූර්වාර්ධය නරක ගති ගුණ ඇත්තියකි. අපරාර්ධය යහපත් තැනැත්තියකිමකර - නොගැළපෙන ක්‍රියාවන්හි යෙදෙයිකුම්භ - අහංකාර තැනැත්තියකිමීන - රූමත් තැනැත්තියක් නොවන්නී

තිථිය අනුව පලාපල

පෑළවිය - රළුගති පැවතුම් ඇතිවෙයිදියවක - ස්වාමි භක්තියෙන් යුක්තයතියවක - යස ඉසුරුවල හිමිකම් ඇතජලවක - හිතුවක්කාරී ගති පැවැතුම් ඇතවිශේණිය - බුද්ධිමත් දරුවන් ලබන්නීයසැටවක - දරු සුරතල් අහිමි විය හැකියසතවක - නැණ ගුණ පිරි දරු සම්පත් හිමියඅටවක - දරුවන් ලෙඩ රෝගවලට ගොදුරු වෙයිනවවක - දුක කඳුළු උරුම අයෙක් වෙයිදසවක - දැහැමි ගති පැවැතුම්වලින් හෙබියඑකොළොස්වක - දැහැමි ගතිගුණවලින් හෙබියදොළොස්වන - දුක් කරදරවලින් පිරි අයෙකිතෙළොස්වක - යස ඉසුරු ඇති අයෙකිතුදුස්වක - ගුණවත්තියක් නොවේ. පසළොස්වක - යස ඉසුරු ඇත්තියකි.අමාවක - දිළිඳු කතක් වෙයි.

ඉහත සටහන අනුව මල්වර වූ නැකැත ලග්නය තිථිය අනුව පලාපල දැක්වෙයි. තවදුරටත් මේ පිළිබඳ විමසිලිමත් වීමේදී සතියේ දිනවලදී නම් මල්වර පලාපල මෙලෙස දැක්වෙයි.

රිවි දින දැඩි ගති සිරිත්වලින් යුක්ත තැනැත්තියක් වීමද සඳු දින මල්වර වීමෙන් යහපත් ගතිගුණවලින් හෙබි විවාහයෙන් පසු සැමියාට භක්තිමත්ව ජීවත්වන්නියක් වීමද කුජ දින මල්වර වීමෙන් රෝගී තැනැත්තියක් බවට පත්වන බවද දැක්වේ. බුධ දිනයෙදී මල්වර වීමෙන් කුසල් පිරි තැනැත්තියක් වීමද ගුරුදින මල්වර වීමෙන් යස ඉසුරු පිරි තැනැත්තියක් වීමද කිවි දිනයෙහි මල්වර වීමෙන් සැප සම්පත් ලැබීමද ශනි දින මල්වරවීම නිසා සම්පත් හා ඉසුරු හීනවීම සිදුවීමද පැරැණි පඩිවරුන්ගේ මතයයි.

මල්වර වූ ස්ථානයද ජේ‍යාතිෂ්‍ය අනුව පැහැදිලි කිරීමේ හැකියාව ඇත. 1,2,5,9,13,17,21,25 නැකැතකින් නම් මල්වර වීම පදිංචි ඉඩමෙන් පිටතදී සිදුවන බවත් 3,7,11,15,19,23, 27 නැකැත්වලින් මල්වර වීම පදිංචි නිවෙසේදී සිදුවන බවද 4,8,12,16,20,24 නැකැත්වලින් මල්වරවීම ගබඩා කාමරයක හෝ අතිරේකව නිවෙසට සම්බන්ධව සකස් කළ ගොඩනැඟිල්ලකදීද සිදුවන බව දැක්වෙයි. 3,14,10,18,22,26 නැකැත්වලින් මල්වරවීම වාහනයකින් හෝ පයින් ගමන් කිරීමේදී සිදුවන බවද දැක්වෙයි.

මල්වර වීම පිළිබඳ දැනගැනීම දිශාව අනුව මෙලෙස දක්වා ඇත.

 

  • නැඟෙනහිර දිශාවේදී දැනගැනීම සිදු වුවහොත් පැරැණි ඇඳුමක් ඇඳ සිටියදී මල්වර වී ඇත. ලේ බිඳු 03ක් සැලී ඇති අතර ඇය දබර කිරීම සාමයට අකැමැති වීමේ ස්වභාවය ඇත්තියකි. 
  • බටහිර දිශාව අනුව කිලිටි ඇඳුමක් ඇඳ සිටියදී මල්වර වී ඇත. ලේ බිඳු 04ක් සැලී ඇත. ඇය දිළිඳු භාවයට පත්වන බව කියැවෙයි. 
  • උතුරු දිශාව අනුව වර්ණ ඇඳුමක් ඇඳ සිටි අතර ලේ බිඳු 02කි. ඇයගේ අනාගතය යස ඉසුරින් හීනවන බව දැක්වෙයි.
  • දකුණු දිශාවේදී දැනගැනීම සිදු වුවහොත් ඇය රත ඇඳුමක් ඇද සිටියදී මල්වර වී ඇත. ලේ බිඳු 04කි. ඇය දරුපල ඇති අයෙක් බව දක්වා ඇත. 

මෙම ලේ බිඳු ගණන ඔත්තේ සංඛ්‍යාවක් නම් පුතුන් ලබන අතර ඉරට්ටේ සංඛ්‍යාවක් නම් දියණියන් ලබන බවද ජේ‍යාතිෂ්‍ය පලාපලයෙහි දක්වා ඇත.

ජේ‍යාතිෂවේදී ගාමිණි ජයතිලක බණ්ඩාර පරාක්‍රම සමුද්‍රයමව්බිම

Share This Article