ගැහැනු කාමුකද? එතකොට පිරිමි...?

sexy woman

විවාහයට පොරොන්දම් ගැළපුණත් කාන්තා කේන්දරය විමසුම් කිරීම විවාහයේ සුබ අසුබ තීරණය කිරීමට මූලික වෙයි. බෝසත් උපතකට මූලික වන්නේද තවුසන්ගේ දැහැන් බිඳින්නේද ගැහැනියකි. රාගය නිසා පර පුරුෂයන් ඇසුරට ලොල්ව තම හිමි රජුට වස දී මරා දැමූ කාමිනියක් පිළිබඳවද ඉතිහාසයේ අපූරු මතක සටහන් ඇත. මුදලිවරයකුගේ දියණියක වන ගජමන් නෝනාද සැමියාගේ වියෝවෙන් පසුව විශේෂිත පුරුෂයන් ඇසුරු කළ කලාකාමී කාන්තාවකි. ප්‍රමිලා දේවියද ඉතිහාසයට එක්වී ඇත්තේ කාමයට ළැදිවූ පර පුරුෂ පහස පැතූ කාන්තාවක ලෙසය. විවාහයෙන් සෑහීමකට පත් නොවන කාන්තාවන් මෙන්ම පුරුෂයන් පිළිබඳවද නොයෙක් විට අසන්නට ලැබෙයි. එය අතීතයට පමණක් සීමාවී නැත. වර්තමානයේදී පමණක් නොව අනාගතයටද වලංගු වන මෙම ස්ත්‍රී - පුරුෂ නොමනා අනියම් බැඳීම් ජන්මියකුගේ කේන්ද්‍ර සටහන මඟින් නිවැරැදිව දැකිය හැකිය. තම විවාහක පුරුෂයාගෙන් සෑහීමකට පත් නොවන ස්ත්‍රියත් තම විවාහක ස්ත්‍රියගෙන් සෑහීමකට පත් නොවන පුරුෂයාත් කේන්දර සටහන මඟින් හඳුනාගත හැකිය. එවන් කාන්තාවක් හෝ පුරුෂයා දඩාවතේ යන්නන් ලෙස සමාජය මඟින් පිළිගැනෙයි. ජේ‍යාතිෂයෙහි සත්‍යමය සිද්ධාන්තයන් කිසිවකුට ප්‍රතික්ෂේප කළ නොහැකිය. 

වෘශ්චික ලග්නය හිමි කාන්තාවක රවි හය වැන්නට යෝග වීමත්, මීන ලග්න හිමි කාන්තාවකගේ රවි යෝග වීමත් ඇගේ හිතුවක්කාර ගති ලක්‍ෂණ ප්‍රකට කරවයි. අති ධාවන කාම යෝග පිහිටන්නේ දූෂිත චරිතයන්ගේ පෙර කරන ලද අකුසල් ශක්තිය අනුවයි. සුබ පල විපරිත කරන මෙම ග්‍රහ යෝගයන් හඳුනා ගැනීම වැදගත්ය. කුජ - බුධ - සිකුරු අති ධාවන කාම යෝගයන් බිහිකිරීමට ප්‍රධාන වන ග්‍රහයන්ය. කාන්තාවකගේ කුජගෙන්ද, පුරුෂයකුගේ සිකුරුගෙන්ද විවාහයේ බල දුබලකම් කියැවෙයි. විවාහය ගැන කියැවෙන හත්වැන්නේ රවි පිහිටා සිවුවැන්නේ හෝ කුජ පිහිටීම ජන්මියා ලබන කායික ශක්තිය අනුව පර ස්ත්‍රී හෝ පුරුෂ ඇසුරෙන් කායික අවශ්‍යතා සපුරා ගැනීමයි. ලග්නය තුලාව වී එහි හත්වැන්න වූ මේෂ රාශියේ සෙනසුරු නීචවී හතර වැන්නේ හෝ කුජගේ දැකීමට හසුවීම වියපත් වූවන් හා වැන්දඹු පුරුෂයන් සමඟ අනාචාරයේ හැසිරීමකි. උපතේදී සඳු, ශනි හත්වැන්නට සංයෝග වී පාප දෘෂ්ටියකට හසුවීමද අයහපත් ග්‍රහ බලපෑමකි. විවාහයට පත්ව සැමියාගේ අනුදැනුම මත හෝ විරුද්ධත්වය හමුවේ අන් ඇසුරට යොමුවන ස්ත්‍රිය විවාහය නමැති ප්‍රේමණීය බන්ධනය විනාශ කර දමති. කේන්දර සටහනක නොයෙදිය යුතු යෝග රැසකි.

විවාහයක් අසාර්ථක වීම යනු විවාහක දෙදෙනාගේ නොගැළපීම පමණක් නොවේ. ඔවුන්ගේ දරුවන්ද අසරණ කිරීමකි. දූ දරුවන් නොමඟට යොමුවීම මවුපියන්ගේ නොගැළපෙන විවාහයන් අනුව සිදුවීම කනගාටුවකි. පස්වැන්නේ කුජ සතුරු ගතවීම ක්‍ෂණික තීන්දු තීරණ සහ එයින් අසාර්ථක විසඳුම් පෙන්වන අතර පස්වැන්න පුත්‍ර ස්ථානය වීම දරුවන් හටද අපලකාරී බව උරුම වීමකි. අයහපත් ග්‍රහ යෙදුම් මත ගුරු සතුරුව සයවැන්නට යෝග වීම තම යහපත පතා තාවකාලිකව හෝ අයුතුව අනෙකා අවනත කර ගැනීමකි. කාන්තාවක හට බාල, තරුණ, මහලු යන තුන් කාලයටම මවුපිය, ස්වාමි, දූ දරු රැකවරණය ඇවැසි වෙයි. එම කාල නියමයනට අනුගත රැකවරණය අහිමි වීම කාන්තාවකට අසුබයකි. විවාහයෙන් දරුපල අහිමිවීමත් විවාහය පමා වීමත් ග්‍රහයෝග අනුව සිදුවන්නකි. කේන්ද්‍ර සටහනක දෙවැන්න සිවුවැන්න, හත්වැන්න යන භාවයන් දුර්වල වීම විවාහය පමාවට සහ අවාසනාවන්ත විවාහයකට කරුණු ගොනු කරවයි. කාම අපරාධයකට පොලඹවන නොදැමුණු රාග චේතනාව උපතින්ම හිමිවන ග්‍රහ බලපෑම සහ කර්ම ශක්තිය මත ගොඩනැඟුණකි. ලග්නයෙන් හත්වැන්නේ රාහු හෝ කේතු සමඟ සෙනසුරු පිහිටීම දූෂිත පිහිටීමකි. වැඩිවිය පත්වීමට පෙර බාලිකාවන් අපයෝජනයට ලක්වන්නේද බලහත්කාරයෙන් රවටා ගැනීමෙන් තරුණියන් දූෂණය කරන්නේද එම ග්‍රහ බලපෑම් අයහපත්ව පිහිටි විටදීය. වෘෂභ ලග්නයට සඳු හත්වැන්නේ පිහිටීම සඳු නීච වීමකි. ලග්නයේ හතර වැන්නේ හෝ සිටින කුජ සඳු දැකීම යනු විවාහයට පෙර තරුණියකගේ චරිතය දූෂණය වීමකි. කවර ලග්නයක කාන්තාවකට වුවද කුජ සඳු යෝගය අයහපත් චරිතයකට උරුමකම් ලබාදෙන ග්‍රහ පිහිටීමක් බව කියැවෙයි. නීච සඳු පිහිටීමද කාන්තාවන් අනියම් ඇසුරට යොමුවන යෝගයකි. මංගල යහනේ සුවය පැවසෙන්නේ කේන්දර සටහනේ. නීච සඳු සිටීම හෙවත් ධනු ලග්න හිමියන්ගේ රාශියේ සඳු පිහිටීම අතෘප්තිමත් කාම යෝගයකි. එවන් කාන්තාව අනියම් ඇසුරට පහසුවෙන් යොමුවන බව පැවැසෙයි. මෙහි සඳහන් කර ඇත්තේ ස්වල්ප වූ අයහපත් ග්‍රහ පිහිටීම් විවරණයකි. මෙම ග්‍රහ පිහිටීම් විසිදෙවැනි දෙර්කාණාධිපතිගෙන් තවත් බලවත් වන අතර යෝග කාරක ග්‍රහයාගෙන්ද ගුරුගේ දැකීමෙන්ද අයහපත අවම වෙයි. ඇතැම් ස්ත්‍රී කේන්දරයක අයහපත් ග්‍රහ පිහිටීම් පුරුෂ කේන්දරය මඟින් දෝෂ භංග කරවනු ඇත. කේන්දර සටහනක් දුටු පමණින් කාන්තාවකට අසුබත්වයක් ආරෝපණය කිරීම යුක්ති සහගත නොවේ. 

ජේ‍යාතිෂවේදී මතුගම ජයනෙත්ති 071 6954868

මව්බිම

Share This Article

දීප්ත ග්‍රහයෝ පුද්ගලයන් බබළවති

ග්‍රහයන්ගේ එක තත්ත්වයක්‌ තමයි ග්‍රහ අවස්‌ථා කියන්නේ. ඒ වගේ අවස්‌ථා 10 ක්‌ හැම ග්‍රහයෙකුටම තිබෙනවා. මේ අවස්‌ථා අනුව ග්‍රහයන්ගේ ඵල දෙන...

පෙම්වතාගේ පෙම්වතියගේ ලග්නය ඔබේ ලග්නයට ගැළපේද

මිනිස් වර්ගයාගේ පැවැත්ම සඳහා විවාහය නැතහොත් ස්ත්‍රී -පුරුෂ සම්බන්ධතාව අත්‍යවශ්‍යම දෙයකි.  එහෙත් එය සමාජ සම්මත නීතිරීති අනුව සිදුවිය යුතුය. මිනිසා ශිෂ්ටත්වයට පත්වීමත් සමඟම...

ඉන්ජිනේරුවෙක් බඳින්න වාසනාව

යෞවනයේ පසුවන සියලු දෙනාගේම එකම අපේක්ෂාව යහපත් විවාහයක් කරගැනීමයි. සමහර තරුණ තරුණියන්ගේ විවාහය ඔවුනොවුන්ගේ හඳුනා ගැනීම මත සිදුවන අතර ඇතැම් අයගේ...

ප්‍රේමය තීන්දු කරන සිකුරුගෙ තැන…

සිකුරු ග්‍රහයා ආදරයට ප්‍රේමයට ප්‍රධානත්වයක් දරන ඊට ප්‍රබල බලපෑමක් කරන්නට හැකි ග්‍රහයෙකි. ඒ අනුව ඔබේ කේන්දරයේ සිකුරු ග්‍රහයා සිටින රාශිය කුමක්ද...

ටක්කෙටම හරියන්න පොරොන්දම් බලන හැටි

විවාහයෙන් පසු ජීවිතය පිළිබඳ මූලික අරමුණු සහ එහි හොඳ නරක පොරොන්දම් බැලීම තුළින් විද්‍යමාන වේ. පාරම්පරිකව පැවැත එන ආකාරයට නම් අට...

ජීවන මඟ සොයා ගැනීමට ඔබේ ජන්ම පත්‍රය මෙවලමක්‌ යෑයි සිතන්න

සිංහල භාෂාවෙන් ජන්ම පත්‍රය, කේන්දරය, කේන්ද්‍රය සහ හඳහන ලෙස හඳුන්වන උපන් නැකතේ ග්‍රහ පිහිටීම ඉංග්‍රීසියෙන් "හොරස්‌කෝප්" යනුවෙන් හඳුන්වනු ලබයි. ග්‍රීක භාෂාවෙන්...