හතේ අටේ පාප ග්‍රහයන් හිටි පමණින් විවාහයට බිය නොවන්න.

විවාහයට පෙර පොරොන්දම් ගැලපීම පෙරදිගවාසීන් විසින් දැනටත් කරනු ලබයි. මෙහි අන්තර්ගතය වන්නේ විවාහයට පත්වෙන දෙදෙනාට යහපත් විවාහ ජීවිතයක්‌ ගත කිරීමට හිමිකම් තිබේද යන්න දැන ගැනීමයි. දෙදෙනාගේ අදහස්‌ ගැලපේද නැද්ද යන්න මෙහිදී දැන ගැනීමට පුළුවන්. එපමණක්‌ නොව දරු සම්පත් ලැබේද නොලැබේද, ධනය ලැබේද නොලැබේද, සමගිය තිබේද නැද්ද යන්නත් පොරොන්දම් පරික්‍ෂාවෙන් දැන ගැනීමට හැකි වේ. තවද වැදගත් වන්නේ දෙදෙනාගේ කායික ගැලපීම්ය. පැරැණි ගැමියෝ මේ සම්බන්ධව එදා ප්‍රසිද්ධියෙහි කතා කිරීමට මැළි වූයේ ලැඡ්ජා බය නිසාමය.

පොරොන්දම් ගැලපීම ගැන විශ්වාසය තබා විවාහ වූ ඇතැම් අයගේ විවාහයන් සමහර අවස්‌ථාවල අසාර්ථක වී ඇති අයුරු දක්‌නට ලැබේ. පොරොන්දම් විස්‌සෙන් දහඅටක්‌ සුබ වී විවාහය අසාර්ථක වූ අයත් අද අප අතර සිටිති. පෙර දවස දෛවඥයන් පොරොන්දම් 20 ඉතා ඉහළින් වර්ණනා කර ජනතාවට පෙන්වීය. ග්‍රහ ගැලපීම් ගැන ඔවුන් පරීක්‍ෂා කරන්නට පෙළඹුණේ නැත. හේතුව ඒ ගැන නොදන්නා නිසාද, එසේත් නැත්නම් පංචාංග ලිතේ සඳහන් පොරොන්දම් විස්‌ස පමණක්‌ ඇඟිලි ගැන ගැන බලන්න හුරු පුරුදු වූ නිසාද? සමහර දෛවඥයන් දන්නේ පොරොන්දම් විස්‌ස ලිත දිහා බලාගෙන ගනින්නටයි.

අද බොහෝ දෙනා දැන හැඳින ගැනීම් මතින්ම විවාහ වෙති. නව පරපුර පොරොන්දම් කෙරෙහි එතරම්ම විශ්වාසයක්‌ තබන්නේ නැත. හේතුව නොගැලපුනොත් ප්‍රේමයට තිත තබන්න සිදුවීමයි. එහෙත් පොරොන්දම් ගැලපීම සියයට සියයක්‌ ම සුබ වී විවාහ ජීවිත ඉතාම සුළු කාලයකදී දික්‌කසාද සොයා උසාවියට යන්න සිදුවීම නම් ඉතා ශෝකීජනක සිදුවීමක්‌ වේ. පොරොන්දම් පරීක්‍ෂාවකින් පමණක්‌ ම විවාහ ජීවිත සාර්ථක නොවන බව තවත් විද්වතුන්ගේ මතයක්‌ වී ඇත. නූතන බුද්ධිමතා නම් එතරම් පොරොන්දම් ගැන විශ්වාසයක්‌ තබන්නේ නැත.

සංසාර පුරුද්දට එකතුවෙන අය ගැනත් කථාවක්‌ පවතී. එසේ සංසාර ගතව පතාගෙන ආපු දෙදෙනා දුටු සැනින් ආල හිත් පහළ වේ. ඒ මුල් දිනේ සිත ඇදී යැම සැමදාමත් එලෙස පවතී. දෙදෙනා අතර එක සමාන අදහස්‌ පවතී. සමගියෙන් පෙමින් බැඳී ජීවිතය පුරාවට කල් ගෙවයි.

සංසාරයෙහි පතාගෙන එන වෛරක්‌කාරයෝ ද වෙති. එම වෛරක්‌කාරයා එන්නේ පලි ගැනීමටයි. විවාහ වූ දින සිට දෙදෙනා අතර ගැටුම් ඇතිවේ. පිරිමි අය වෛරකාරයකු නම් කාන්තාව සමඟ නිතර නිතර අඬ දබර ඇතිකර ගනී. කාන්තාව මොන තරම් හොඳක්‌ කළත් එය වරදක්‌ ලෙස සැමියාට පෙනේ. අඬදබර ඇති කර ගනී, ස්‌ත්‍රී වෛරක්‌කාරිය නම් සැමියාට යන එන මං නැති කරයි.

මේ අතර තවත් ඛේදවාචකයක්‌ ඇත. එනම් කුජ හතේ නිසා විවාහ සැපත අහිමි වූවන් ගැනයි. කියන්නත් දුකයි. කුජ හතේ වසර 30 ක්‌ තිස්‌සේත් කේන්ද්‍ර ගලපලා බලල විවාහයක්‌ නොකෙරුණු අය කීදෙනෙක්‌ සිටීද? දෛවඥයන් සමහර අවස්‌ථාවලදී මෙම ඛේදවාචකයට වගකිව යුතුයි. මම දන්නා පරිදි ගණ පොරොන්දම අශුභ කියා විවාහ පමා අයත් අප අතර අදත් විවාහ වීමට නොහැකිව සෝසුසුම් හෙළනවා.

අපට කේන්ද්‍රයක කුජ අට හෝ හත යෙදුණ පමණින් එසේ නැතිනම් කුජ 2, 4, 7, 8, 12, 1 යෙදීම කුජ දෝෂ හෙවත් භෞව දෝෂ ලෙස පිළිගැනේ. ඉතින් මෙම දෝෂ භංග වන (කරුණු) ග්‍රහ යෝග ඕනෑතරම් ඇත. එසේ තිබියදී විවාහ වීමට නොහැකිව ළතැවෙන අය කොතරම් සිටීද? කුජ හත හෝ අට නම් එම කාන්තාවට විවාහ වීම අකැප ද? කුජ ශනි කේතු රාහු වැනි පාප ග්‍රහයන් හත අට යෙදීම විවාහයට ඉතා අහිතකර ග්‍රහ පිහිටීමක්‌ බව පුරාණ කාලයෙහි සිට මිනිස්‌ මනසට ඇතුළු කර භීතියක්‌ පතුරා ඇත. එය වැරදි සංකල්පයකි. කුජ, කේතු, රාහු ශනි පාප ග්‍රහයන් හත අට යෙදීම අශුභ කරන අවස්‌ථා ඇත. එසේ වන්නේ කලාතුරකිනි. ඒ බව දක්‍ෂ දෛවඥයා දනී. කුජ 22 දෙර්කානාධිපති හෝ බාධක ග්‍රහයා හෝ ලග්නය පාපී ග්‍රහයේ වී එසේ යෙදීම අශුභයි.

හතේ යෙදුණ පාප ග්‍රහයන් එසේ වූ පමණටම විවාහයක්‌ අවුල් කරන්නේ නැත. අවිවාහකව තබන්නේ නැත. එනිසා හත අට පාපීන් සිටි පමණින් විවාහයට බිය නොවන්න. ගණ පොරොන්දම අශුභ වූ පමණින් ම දෙදෙනා අතර මතභේද ඇතිවන්නේ නැත. නාඩි පොරොන්දම අශුභ වූ පමණින් ම දරුඵල අහිමි වන්නේ නැත. ගණ පොරොන්දම අශුභ වුවත් එම දෝෂ භංග වන ක්‍රම ජ්‍යෙතිෂයෙහි සඳහන් වේ. නාඩි පොරොන්දමටත් එසේමයි. ජ්‍යෙතිෂය ගැන නොදැන එහෙන් මෙහෙන් අහුලාගෙන ජ්‍යෙතිෂ කරන්නාට ගණ නාඩි අශුභ නම් විවාහයට අශූභ බව කියන්නේ එහි දෝෂ භංග ක්‍රම ගැන කිසිවක්‌ නොදන්නා නිසාවෙනි. එහෙත් ගණ පොරොන්දම දෝෂ භංග වීම නාඩි දෝෂ භංගවීම ගැන ඇතැම් පංචාංග ලිත්වල පවා වසර සිය ගණනක සිට සඳහන්ව පවතින බව සමහර විට ඔවුන් නොදන්නවා විය හැකියි. දරුවන් අහිමි වන්නේ බුදුබණ අනුව ප්‍රාණඝාත අකුසල්, බිත්තර තැම්බීම් වැනි පාප කර්ම කිරීමෙන් බව මම කුඩා කල සිට ධර්ම දේශනා ශ්‍රවණය කිරීමෙන් දැන ගතිමි.

කළ සුළු පව් මෙලොව කරන පින් අනුව යටපත් වුවත් බරපතල කරුම පලදෙනවාමයි. එය වළක්‌වන්න බැරි වේ. එනිසා අපි මිනිස්‌ බව ලැබ හැකිතරම් පවින් වැළකී කුසල් කර මතු භවයවත් සුවපත් කර ගනිමු.

උපුටා ගැනීම දිවයින

Share This Article

ලග්නයේ රවි සිටියදී උපන්නොත් මැරෙන්නෙ ගැහැනියක් නිසාලු

ජන්ම පත්‍ර පරීක්‍ෂාවේදී ඉතාමත්ම සුපරික්‍ෂාකාරීව කළ යුතු වන්නේ ආයුෂ පිළිබඳ සලකා බැලීමයි. කොතෙක් රූප සම්පත්තිය ඇතත්, වස්තුව ඇතත්, ආයුෂ හීන පුද්ගලයාගෙන්...

දරුවන් නොලැබීමට ග්‍රහ බලපෑම හේතු වෙනවා

පස්වැන්නෙහි පාපී ග්‍රහයෝ සිටිත් නම් පස් වැන්නාධිපති දුර්වල නම් එසේම පස්වැනි සහ දෙවැනි රාශි පීඩනයට පත්ව හෝ දුර්වලව හෝ තිබේ නම්...

ඔබව පාරට වට්ටන යෝග…

ජන්ම පත්‍රයක පිහිටන අශුභ යෝග අතර ඉතා ප්‍රබල අශුභ යෝගයකි කේමද්‍රැම යෝගය. මෙම යෝගය නිර්මාණය වනුයේ කේන්දරයේ චන්ද්‍රයාගෙන් දෙපස රාශිවල හෙවත්...

විදේශ ගමන්වලට ඔබටත් වාසනාව හිමිද?

තම මව් රටින් බැහැරව විදේශ රටවල විසිතුරු බලන්න, විදේශ රැකියාවක්‌ කරන්නට නැතිනම් වැඩිදුර අධ්‍යාපනයක්‌ ලබන්නට ඔබත් සිහින දකින කෙනෙක්‌ විය හැකිය....

හොඳ නරක දෙකට ම හවුල් වන සෙනසුරු

විශ්ව බලපෑම මත ඕනෑම කේන්ද්‍රයක බලවත් ග්‍රහයන් තිදෙනා රවි, සඳු හා ලග්නාධිපති වුවත් කරදරකාරයා සෙනසුරුය. චණ්‌ඩියා අඟහරුය. දැනුමැත්තා බුධ සහ ගුරු...

දුකට අධිපති සෙනසුරු ඔබේ ජීවිතයට සැපත් උදා කරනවා...

සෞරග්‍රහ මණ්‌ඩලයේ දුකට අධිපතියා වශයෙන් විරුදාවලිය ලද සෙනසුරු ගැන නම ඇසූ පමණින් ඕනෑම කෙනෙක්‌ බියට පත්වේ. මෙම ග්‍රහ වස්‌තුව නියගකාරී ග්‍රහකාරකත්ව...