බඳින්නට පෙර සිතා බලනු

විවාහය බොහෝ විට සිදුවන්නේ පෙම් සබඳතා තුළිනි. එසේම යෝජනා, කපුකම්, පුවත්පත්, ඇසුරින්ද විවාහ මංගල කටයුතු සිදුවේ. යුග දිවියට පත්වීමේදී තම අනාගත දියුණුව කෙරෙහි එකී දෙදෙනා එක්‌ අයකු මිස දෙදෙනකු නොවිය යුත්තේය. පෙම් සබඳතා තුළින් සිදුවන විවාහ, යෝජිත විවාහයකට වඩා බල සම්පන්න වෙයි. දැන හඳුනාගෙන පෙම් සබඳතා ඇතිකර ගැනීමෙන් සහ කලක්‌ ආශ්‍රය කිරීමෙන් දෙදෙනාගේ ගති සිරිත් චර්යා, දුර්වලකම්, අඩුපාඩු, දෙදෙනාම හඳුනා ගනිති. විවාහයෙන් පසු එකී දුර්වලතා මග හරවා ගැනීමට කලින් ඇතිකරගත් සබඳතා ඉවහල් වෙයි. බොහෝ කලක්‌ පෙම් කරමින් ආලයෙන් වෙලී සිට පසුව ඒ සියල්ල අතහැර දමා යෝජිත හෝ නොහඳුනන හෝ විවාහ වූ අය ද එමට සිටිති. මාස වර්ෂ ගණන් පෙම් කරමින් විවාහ වී සුළු කාලයකදී දෙදෙනා වෙන්වී දික්‌කසාද වන අවස්‌ථාද එමටය.

ග්‍රහයින්ගෙන් පාප ග්‍රහයින් ලෙස හඳුන්වන්නේ රවි, කුජ, ශනි, රාහු, කේතු සහ අවසඳුය. බුධ, ගුරු, ශුක්‍ර, පුර සඳු, සෞම්‍ය ග්‍රහයෝ වෙති.

ස්‌ත්‍රියකගේ කේන්ද්‍රයේ 7 වැන්නේ පාපයින් 2 ක්‌ හෝ ඊට වැඩි ගණනක්‌ සිටී විට කාමාශා බලවත්වේ. බුධ ශුක්‍ර 07 සිටීමෙන්ද කාමාශා වැඩි වන්නේය. සංසාරිකව පතාගෙන ආ පරිදි විවාහය සිදුවන බවටද මතයකි. මේ සියලු කරුණු කාරණා අදාළ යුවතිපති දෙදෙනාගේ කේන්ද්‍ර සටහන් පරීක්‍ෂාවේදී අනාවරණය වෙයි. ඡන්ම පත්‍රයේ 7 වැනි ස්‌ථානය විවාහයට විශේෂයෙන් බලපානු ලබයි. කේන්ද්‍රයේ 7 වැන්න හිමි ග්‍රහය නොහොත් 7 අධිපතියා ලග්නගතව සිටී නම් (01) ඉහත ආත්ම භවයේදී විවාහකයන් ලෙස සිටි බව නිශ්චය වෙයි. මේ ආත්මයේදී ද එය පතාගෙන එන්නක්‌ වීමට පුළුවනි.

07 අධිපතියා උච්ච හෝ ස්‌වක්‍ෂේත්‍රව සිටීමෙන් සැපවත් වූ යහපත් විවාහයක්‌ සිදුවන්නේය. 7 අධිපතියා ලග්නාධිපති සමග සිටී නම් තමාට වඩා උසස්‌ අයකු විවාහයට ලැබේ. 7 අධිපතියා ලග්නයේ සිටීමේදී ඇතැම්විට විවාහය ප්‍රමාද වීමට ඉඩ තිබේ. රවි, චන්ද්‍ර, කුජ, ශුක්‍ර ග්‍රහයින් රාශි මාරුකර පිහිටා තිබීමද අතීත ජන්ම විවාහවලට සාක්‍ෂි දරයි. 7 අධිපතියා 10 හෝ 11 වී නම් විවාහය සිදුවන්නේ යෝජනාවක්‌ මගිනි. එසේම 7 අධිපතියා 11 අධිපතියා සමග සිටී නම් මිත්‍රයින්ගේ හෝ ආශ්‍රය මගින් හෝ විවාහය සිදුවේ. 07 අධිපතියා 12 සිටි විට දැන හඳුනා ප්‍රේම කිරීමෙන් පසු විවාහය සිදුවේ. 2-4 අධිපතියන් බලයෙන් සිටි විටද යහපත් විවාහයක්‌ සිදුවේ. බිරිඳ අන් සොර සැමියන් පතා යන්නේ සඳු, කුජ, ශුක්‍ර, ශනී ග්‍රහයින් සිව් දෙනා 7 වැන්නේ සිටි විටය. යටකී ග්‍රහයින් 4 දෙනාගෙන් එක්‌ අයකු 7 සිටිමින් ශනි හෝ කුජ සමග යෙදී හෝ දෘෂ්ටියට හෝ ලක්‌ වී නම් එවන් පුරුෂයා හෝ ස්‌ත්‍රිය අන් සිත්‍රීන් හෝ පුරුෂයන්ගේ පහස පතති. 7 වැන්නේ සිටින ග්‍රහයා උච්චව හෝ ශුභ ග්‍රහයකු වීමත් 7 අධිපතියා 4 හෝ 10 වැන්නේ හෝ සිටියේ නම් විවාහ දිවිය වාසනාවන්ත වන්නේය. 7 වැන්නේ රවි සඳු එකට සිටීම හෝ සඳු, කුජ, ශුක්‍ර එකට සිටීම හෝ නිසා පර පුරුෂ පර ස්‌ත්‍රි සැපතට ලොල්වේ.

කලින් සඳහන් කළ පරිදි පෙර ආත්ම භවයේ සබඳතා යළි ඇතිවන්නේ 7 අධිපතියා සහ ලග්නාධිපතියා අදාළ රාශි මාරුකර සිටි විටය. 7 අධිපතියා 2 වී නම් විවාහය බොහෝදුරට සිදුවන්නේ දැන හැඳින ගෙනයි. විවාහය සිදුවීම් කල් ගත වන්නේ ගුරු හෝ ශනි 7 සිටි විටය. බොහෝවිට කීප දෙනකු සමග සම්බන්ධතා ඇතිකරගෙන පසුව එක්‌ අයකු හා විවාහ වන්නේ 7 අධිපතියා 3 සිටි විටය. 7 අධිපතියා 4 සිටීමෙන් විවාහ සහකරු හෝ සහකාරිය උසස්‌ ගතිගුණවලින් පෝෂිත වෙයි. විවාහයද සාර්ථක වේ. 7 අධිපතියා 5 වූ විට ආලය මුල්කරගෙන විවාහය සිදුවේ. විවාහයට විරුද්ධ වාදීන්ද සිටිය හැකිය. 7 අධිපතියා 6 වී නම් විවාහය තරමක්‌ කල්ගත වේ. දුර බැහැර අයකු විවාහයට ලැබේ. දෙදෙනාගෙන් එක්‌ අයකු රෝගී වේ. කම් සැප අඩු කරයි. 7 අධිපතියාම 7 වැන්නේ වීමෙන් විවාහ දිවිය සාර්ථක වේ. මෙවන් අය මීට ඉහත ආත්මවලදී ද එක්‌වී තිබේ. දෙදෙනා අතර තද සම්බන්ධතාවයක්‌ ඇතිවේ 7 අධිපතියා 8 සිටීමෙන් සෞඛ්‍ය තත්ත්වයට යහපත් නැත. පාප ග්‍රහයෙකු වීනම් කලින් මියයයි. 7 අධිපතියා 9 වූ විට සහකරු සහකාරිය උසස්‌ ගුණධර්ම වලින් යුක්‌තවේ. 7 අධිපති 10 වීමද වාසනාවන්ත විවාහකයකි. සහකරු හෝ සහකාරිය වෘත්තියම වශයෙන් යම් දේකට දක්‍ෂ වේ. 7 අධිපති 11 නම් ආශ්‍රයෙන් විවාහය සිදුවන්නේය. මුල්කාලයේ විවාහය සාර්ථක වුවත් පසුකාලයේ ගැටලු ඇතිවේ. 7 අධිපති 12 නම් දියුණු ස්‌වාමිපුරුෂයකු බිරිඳක හා විවාහ වීමට බැරිවේ. නමුත් පසුව දියුණුවේ.

රවි 7 සිටීමෙන් විවාහය ප්‍රමාද වේ. සඳු 07 සිටීමෙන් කාමාශා බලවත් වෙයි. කුජ ද එසේමයි. බුධ 7 නම් බුද්ධිමත් අයකු විවාහයට ලැබේ. ගුරු 7 විවාහය ප්‍රමාද කරයි. සිකුරු 7 ඉතා ශුභයි. ලස්‌සන රූපය වේ. ස්‌ත්‍රියක නම් ගර්භාෂයේ ආබාධ ඇති කරයි. ශනි 7 නම් දරු ඵල අඩුයි. රාහු 7 නම් අඩු වයසින් විවාහවේ. කේතු 7 නම් විවාහ දිවිය එතරම් සාර්ථක නොවේ. දියවැඩියාව වැළඳීමට පුළුවන.

උපුටා ගැනීම දිවයින

Share This Article

යුග දිවියට වින කටින අසුබ පිහිටීම්

සම්මත චාරිත්‍ර අනුව අලුත් ජීවිතයක්‌ අරඹනු පිණිස දෙදෙනකු සඳහා විවාහ නැකැත් සාදන විට බැලිය යුතු කරුණු රාශියක්‌ ඇතත් අද මේ ලිපියට...

රවිගේ අපල දුරුකර ගැනීමට නොවරදින පිළිවෙතක්‌

ජන්මීන්ගේ ජීවිතවලට ආලෝකය ලබාදෙන්නාවූ බුදු, පසේ බුදු. මහ රහත් ආදී උතුමන්ටත් දෙමවුපියන් හා සත් පුරුෂයන්ටත් පෙර ආත්මභවයන්හි නින්දා අපහාස, සතුරු පීඩා,...

සැඳෑ සමය ගෙවෙන හැටි දැන්ම තියා කේන්දරයෙන් බලාගනිමු

මිනිස් සත්ත්වයාගේ සැඳෑ සමය යනු මහලු වීමයි. මහලු විය යනු දවසින් දවස කාලය ගෙවී යෑමෙන් ආයුෂ අඩුවී ගෙවී යන පදවියයි. මෙය...

ජන්ම පත්‍රයෙන් පෙන්වන දෙවැනි විවාහය

කාන්තාවක් සහ පිරිමියකු අතර ඇතිවන ආදරය හෝ ප්‍රේමය මෙන්ම වෙනත් දැන හැඳින ගැනීම් මුල්කොට ගෙන ජීවිතාන්තය දක්වා එක්ව සිටීමේ අරමුණින් විවාහයක් සිදුවන...

ධර්ම දානයේ මහිමයෙන් බුධ ගේ අපලය දුරලන්න

උපතින්ම හිමි වන විවිධ දක්‍ෂතා මෙන්ම දුර්වලකම් ද බොහෝ අයට තිබේ. එකම පලතුරු ගසක ගෙඩිවල එකම රසයක්‌ ඇත. එහෙත් එකම මව්පියන්ට...

සිතට වදයක් කර නොගෙන රාහු කාලය සමරන්නේ මෙහෙමයි

නක්ෂත්‍රය ආදිය පිළිබඳව විශ්වාසයක් නැති බව ලොවට පවසන සමහර පුද්ගලයන් පවා තමන්ගේ ඉතා සුබ කටයුතු, වැදගත් ගමන් ආදිය රාහු කාලය මඟහැර...