ඡන්ම තිථියෙන් හෙළිවන වනිතා ගති ගුණ
පෑලවිය :
යම් ස්‌ත්‍රියක් පෑලවියේ උපන්නීද ඒ ස්‌ත්‍රිය සෞභාග්‍ය යුත් ස්‌වාමි කෙරේ ප්‍රිය වූද බොහො පුණ්‍ය වන්තද වේ. සිල්වත් වේ බොහෝ දරු මුණුපුරන් වේ. විවිධ දැනීම් ලබන්නී වේ.
දියවක :
දියවක උපන්නී බොහෝ කාන්ති යුත් උතුම් දේහ ඇති දයායුත් රජ බිසවකට සමාන වේ. යහපත් නෙත් වේ. හිසකේ පියකරුය. දහමට නැඹුරුය.
තියවක :
තියවක උපන්නී ශ්‍රේෂ්ඨ වේ. භාග්‍යවත් වේ. පතිව්‍රතා යුක්‌තය. පුණ් තීර්ථයේ ඇළුණු ගුණවත් දරු මුණුපුරන් ඇත්තියක් වේ.
ජලවක :
ජලවක උපන්නී අනුන්ට ෙද්‍රdaහී කරන තියුණු ගති යුතු වෛශ්‍යාවූද විනෝදකාමී විවේක රහිත වූවා වේ.
විසේනිය :
විසේනිය උපන්නී බන්ධු සමූහයක් ඇති බන්ධූන්ට ප්‍රිය සුසිල්වත් කටයුත්තේ දක්‍ෂ සැප සහිත අනුන්ට උපකාර කරන අපේක්‍ෂාවන් අඩු එකියක වේ.
සටවක :
සටවකගේ උපන්නී පතිව්‍රතා වේ. ස්‌ත්‍රීන් අතර ප්‍රධාන වේ. මනුෂ්‍යයන්ට ප්‍රිය වේ. සෙම් අධික වේ. කෝපී වේ. බොහෝ වියදම් කරයි. නීතිය දනී. හීන ශරීරාංග වේ.
සතවක :
සතවක උපන්නී විශාල නෙත් වේ. මනෝඥ වේ. නීතිය දනී. දෙවියන් ගුරුන් කෙරෙහි ඇලුනේ වේ. ත්‍යාගී වේ. නිහතමානී වේ.
අටවක :
අටවක උපන්නී මස් මාංශ ප්‍රිය වේ. මත් පැනට ගිජු වේ. විකාර රූපී වේ. නපුරු ගත sවේ. ධන හීන වේ. දයා රහිතය. භයංකර පෙනුම වේ.
නවවක :
නවවක තිථියේ උපන්නී රළු වේ ගෙදර වැඩට දක්‍ෂ වේ. නපුරු වේ. අනුන්ට වැඩකාරී වේ. විපත්ති ඇති වේ.
දශවක :
දශවක උපන්නී ධර්මයේ තත්පර වේ යහපත් ගෘහයක් ලබයි. එල්බන ගෙල ඇත. සැප ලබයි. දක්‍ෂවේ. දෙවියන් පුදයි. යහපත් පුත්‍රයන් ලබයි. විපත්ති ඇති වේ.
එකොළොස්‌වක :
එකළොස්‌වක තිථිය වන්නේද දෙවි බඹුන් පුදයි. සිල් රකියි. කටයුත්තේ දක්‍ෂ වේ. ශාස්‌ත්‍ර දනී. වෙදකම් දනී.
දොළොස්‌වක :
දොළොස්‌වක උපන්නී ජලාශවල ප්‍රීති වන්නීය. සුසිල්වත්ය. තම ගෘහයේ වසයි. විලාසිතා යුතුයි. අනුන්ගේ සුළු වැරැදි පවා විමසා බලයි.
තෙළෙස්‌වක :
තෙළෙස්‌වක උපන්නී රූපවන්තයි. ධර්මයේ ඇළෙන්නී වේ. පතිව්‍රතාවේ යහපත් ශාස්‌ත්‍ර දනී. දක්‍ෂයි ඉවසන සුළුයි. සතුරන් දිනයි.
තුදුස්‌වක :
තුදුස්‌වක උපන්නී කාම කලාවේ ඇලුනේ වේ. කට යුත්තේ දක්‍ෂයි. දරුවන් හීනයි. වෛශ්‍යා වේ. අපිරිසිදු වේ. දුශ්ශීල වේ. නපුරුයි.
පසළොස්‌වක :
පසළොස්‌වක උපන්නී සුන්දර වේ. ගුණවත් වේ. ලඡ්ජාසහිතයි. පතිවත රකී සුන්දර දරුවන් ලබයි. කලාව දනී. විශාල තේත්‍රවේ. මුඛ්‍ය අලංකාර වේ.
අමාවක :
මනෝඥ මුඛය වේ. දේව භක්‌තිය ඇත. ස්‌වාමියාට ප්‍රියයි. චතුර වේ. දක්‍ෂ වේ. අණදීමට සමත්ය.
උපුටා ගැනීම දිවයින