Biz Log
Classifields
Biz Log
Classifields

පූජා තබා වාස්තු දෝෂ දුරුකළ හැකිද?


එකම නිවෙස වාස්තු ශිල්පීන් කිහිප දෙනකු විසින් පිරික්සීමෙන් සිදුකරන විනිශ්චයන් එකිනෙකට වෙනස් ස්වරූප ගැනීම මෙරට ජනතාවගේ පොදු අත්දැකීමයි. මේ හේතුව නිසා වාස්තු සේවාව ලබා ගන්නා අප අතිශය බලවත් අපහසුතාවනට පත්වේ.

මේ පිළිබඳව කලක් තිස්සේ කළ අපගේ විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනනයේ නිරීක්ෂණවලට අනුව පැහැදිලි වූයේ බොහෝ වාස්තු ශිල්පීන් විධිමත්ව වාස්තු විෂයය හදාරා නොමැති බවත් මේ විෂය ඉගැන්වීමේ කටයුතුවල යෙදෙන්නන්ට පවා මේ විෂයයට අදාළ සිද්ධාන්ත පිළිබඳ තමන්ගේම වූ විග්‍රහයක් ගොඩනැඟී නොමැති බවත්ය. මේ තත්ත්වය මත වාස්තු ශිල්පීන්ට මුහුණදීමට සිදුවන සාමාජයීය අභියෝග ජය ගැනීමට ඔවුන් වෑයම් කරනුයේ මෙහි එන සිද්ධාන්ත වඩ වඩාත් ගුප්ත කොට දැක්වීමෙනි.

බටහිර විද්‍යාවේ ව්‍යාප්තියත්, තොරතුරු තාක්ෂණයේ පුළුල් වීමත් සමඟ ඕනෑම විෂයයක් ගුප්ත කොට දැක්වීමෙන් සිදුවන්නේ විෂයය සමාජයෙන් වඩ වඩාත් දුරස්ත වෙමින් කෙමෙන් පිළිකෙවු වීමයි. එසේ නොවී වඩාත් සාර්ථකවත්, නිරවුල්වත් විෂයය ගොඩනැඟීම සඳහා කළ යුත්තේ අදාළ විෂයයේ පවත්නා සිද්ධාන්ත ප්‍රත්‍යක්ෂ බවට පත්වන අයුරින් නව ඉදිරිපත් කිරීමක් සිදු කිරීමයි. එහිදී කෙතරම් අඩුපාඩුකම් තිබුණත් බටහිර විද්‍යාවට මනා උපයෝගිතාවක් පවත්නා බව අපට අමතක කළ නොහැකියි. බටහිර විද්‍යාවේ පවත්නා දාර්ශනික දරිද්‍රතාව කොතරම් බලවත් වුවත් සමාජ උපයෝගිතාවයේ බලවත්කම මැනැවින් යොදා ගත් විට මේ බොහෝ ගැටලු නිරවුල් කර ගත හැකියි.

මේ තත්ත්වය වටහා ගැනීම සඳහා නිදසුනක් ගෙන බලමු. නිවෙසක බ්‍රහ්මපාදය හෙවත් වාස්තු පුරුෂයාගේ හෘදය ආශි‍්‍රත ප්‍රදේශය පීඩාවීම නිවැසියනට හෘද රෝග (අඩුම තරමින් රුධිරගත රෝග) ඇතිවීමට හේතු වන බව දක්වා තිබේ.

මෙය නූතන සමාජයේ මෙකී කල්පිත වාස්තු පුරුෂයා හා බ්‍රහ්ම පාදය පිළිබඳ ගුප්ත අදහසක් බලවත් කිරීමෙන් විශ්වාසයන් මත පමණක් පිහිටා අනුගමනය කළ හැක්කේ වඩාත් ගුප්ත කිරීමෙන් යැයි සිතන්නන් බොහෝ දක්නට ලැබේ.

එහෙත් මෙය නූතන බටහිර විද්‍යාවේ එන අන්තරීක්ෂ (cosmic) ශක්තියත් භූ (Earth) ශක්තියත් ඇසුරින් ඉතා පැහැදිලි කිරීමේ හැකියාව ඇති බව පෙන්වා දිය හැකියි. එහෙත් එසේ කිරීමට නම් විධිමත් බටහිර විද්‍යා අධ්‍යාපනයක් ලැබීම හෝ එසේ ලැබූ ගුරු ඇසුරකින් ගොඩනැඟුණු වාස්තු ශිල්පීන් පිරිසක් ගොඩනඟා ගැනීම අවශ්‍ය වෙයි. එසේ නොවූ විට අද සිදුවන ආකාරයටම තාර්කිකව විෂයයක ඇසුර නොලැබූ හිතළු අපේ ගුරුකුලයේ යැයි (මූලාශ්‍රය නොදක්වා) කරුණු ඉදිරිපත්කරන තත්ත්වයට ශිල්පීන් පත්වීම වැළැක්විය නොහැකියි.

මේ තත්ත්වය විධිමත්, පිළිගත් විෂයය රාමුවක් යටතේ පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යන දැනුමක් වෙනුවට පොතපතින් යන්තමින් ලත් දැනුමකින් වෘත්තීය භාවිතයකට යොමුවීම සමාජ ගැටලු මතුකර ඇති බව පෙනේ. අපගෙන් වාස්තු ශාස්ත්‍රය හදාළ අයෙකු පාඨමාලාවට අයත් ප්‍රායෝගික පරික්ෂාවකට පවා සහභාගි නොවී, ඊට පසු සතියේ් සිටම විෂයය ඉගැන්වීමට පන්ති ආරම්භ කළ සිදුවීමක් මෙහිදී මතකයට එයි. තවත් සමහර අය වාස්තු ශාස්ත්‍රය පමණක් නොව ඕනෑම මෙවැනි විෂයයන් ඉගැන්වීමේ යෙදෙන බවක්ද අප දැක ඇති බැවින් ඒ අයගේ වාස්තු විෂයය පිළිබඳ සටහන් කියවා බැලීමේදී අපට වැටහෙනුයේ ඒ විෂයය පිළිබඳ ප්‍රමාණික අවබෝධයක් තබා සරල නිවරදි අදහසක් ඔවුනට නැති බවයි.

බොහෝ වාස්තු ශිල්පීන්ට විවිධ හැඩතල සහිත නිවෙසක මධ්‍යය (Centre point)  නිවැරැදි ලෙස සොයා ගැනීමේ හැකියාවක් නොමැත. නිවෙසේ ගෘහ අංගවල දිශාගත කිරීම් සිදු කරනුයේ නිවෙසේ මැද සලකා බැවින් මැද නිවැරැදිව සොයාගත නොහැකි වූ විට දිශාවන්ද නිවරැදි ලෙස සොයා ගත නොහැකි වෙයි. දිශාවන් වරද්දා ගත්විට වාස්තු පරික්ෂාවෙන් කිසිදු ප්‍රතිඵලයක් නොමැත. එසේ වුවත් අපගේ ආයතනික පර්යේෂණ අනුව පෙනුණු කරුණ වන්නේ නිවෙසේ මධ්‍යය නිැරැදිව සෙවීමට වාස්තුª ශිල්පීන් බොහෝ දෙනකුට නොහැකි බවයි. මේ තත්ත්වය යටතේ වාස්තු ශිල්පය මේ පමණින් වත් අපේ සමාජයේ පැවතීම පිළිබඳව අපි පුදුම විය යුතු වෙමු.

මෙරට පවත්නා “පූජා සංස්කෘතියට” වාස්තු ශාස්ත්‍රයද ගොදුරු වී ඇති බවත්, වාස්තු විෂය නොදන්නා ශිල්පීන් බොහෝ විට වාස්තු දෙවිතුමා නමින් පුද පූජා තබමින් දෝෂ ඉවත් කිරීමට කටයුතු කරන බවත් පෙනේ. මෙය බහිරව පූජාව ඉක්මවා ගිය ගැටලු සහගත තත්ත්වයකි. උපදවා ගත යුතු ඥාන වෙනුවට එක් එක් ඥානයට පූජා පවත්වමින් “දෙසැත්තෑ ඥාන පූජා” පැවැත්වීමේ මට්ටමට ඇද වැටී ඇති අඥාන සමාජයක් මෙවැනි විවිධාකාර වූ පූජා සංස්කෘතියට යටවීමටද වාස්තු ශිල්පීන් හා වාස්තු ගුරුවරුන් වගකිව යුතු වේ.

මෙවැනි ව්‍යාජ වාස්තු කර්මයන්ගෙන් මේ ක්ෂේත්‍රය පිරිසුදු කර ගැනීම ශාස්ත්‍රයේ උන්නතිය ආරක්ෂා කරන සැමගේ යුතුකම හා වගකීම විය යුතු වන්නේය.

සිවිල් ඉංජිනේරු, විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය, විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක ජනක ප්‍රියන්ත දයාරත්න
උපුටා ගැනීම සුබසෙත

Share This Article

ගෙයිමුල්ලේ වැසිකිළි වළ දෝෂ ගෙනෙන කල

රාජකරුණා ස්වයං රැකියාවක් කරන දක්ෂ ව්‍යාපාරිකයෙකි. ඔහුගේ මව සහ පියා මහ ගෙදර ජීවත් විය. රාජකරුණා ඊට යාබදව ජීවත් විය. නමුත් හදිසියේම...

නිවෙසට සිරිදුව කැන්දන නිදන් වස්තු මංජුසාව සාදා ගන්නේ මෙහෙමයි

පුද්ගලයකු නිවෙසක් තනන්නේ කෙටි කාලීන පාරිභෝජනය පතා නොවේ. මූලික වශයෙන් පරම්පරා දෙක තුනක්වත් යනකම් කරදරයක් නැතිව ජීවත්වීම සඳහායි. නිවෙස තනා ගන්නවා...

නිවස සෑදීමට සුදුසු භූමියක්‌ තෝරන භූමි පරීක්‍ෂණ

වාස්‌තු විද්‍යාවේ ප්‍රධාන අංක 2 කි. එනම්, නිවාස සෑදීමට සුදුසු භූමියක්‌ තෝරා ගැනීම හා නිවස සාදා ගැනීම යනුවෙනි. නිවසක්‌ සෑදීමට තෝරාගත්...

ගෙවත්තේ උස ගස් වවන්න එපා අපට ලැබෙන ශක්තිය අඩුවෙනවා

වාස්තු ශාස්ත‍්‍රයේ අවකාශ හතරක් සඳහන් කර ඇත. මානුෂික ස්වරූපයේ ඇති අවකාශය.ඉදිකර ඇති අවකාශය.භූමියේ ඇති අවකාශය.අන්තරීක්‍ෂ අවකාශයයි.වාස්තු ශාස්ත‍්‍රය මගින් මේ අවකාශයන් සියල්ලගේම...

සිරිකත පැමිණෙන නිවසක්‌ ඉදිකර ගැනීමට

ගෙයි දිග බෙදමින් නිවසට සතර විදිය දැන සොඳ ලෙසඉන් දකුණට පසක්‌ද වමතට තුන් බාගයක්‌ සලසමින් සෙසු තැන් බලා සොඳින තබනු ගෙදොරකඩ...

ප්‍රධාන දොරෙන් ගෙට එන වේධ දොෂ නැත්නම් දොෂ නිවාරණයි

නිවෙසක ප්‍රධාන දොරටුව හා සම්බන්ධව සිදුවිය හැකි මෙම වේධ දෝෂයන් ගැන අතීතයේ ඍෂිවරු කියා තිබූ දේ අදටත් ඒ ආකාරයටම සත්‍යයක් වෙන...