නිවෙසට වාසනාව උදා කරන ඊසාන දිසාවේ මල් වගාව
- අපද්‍රව්‍ය වළ ඊසානට හෝ උතුරට එපා
- නිවෙසේ උතුරු සහ ඊසාන දිශා පිරිසුදුව තබාගත යුතුමයි
වසක් යනු විශ්වයේ ශක්තීන් උරා ගෙන එම ශක්තීන් ගබඩා කර ගන්නා ජීවි වස්තුවකි. එමෙන්ම නිවසක් එම ශක්ති කළමනාකරණය කිරීමද කරනු ලබයි. නිවසේ ජීවත් වන නිවැසියන්ට සතුට හෝ දුක ලබාදීමේ හැකියාවක් මේ අනුව නිවසකට ඇත. නිවස විශ්වයේ කොටස්කරුවෙකු නිසා එහි ඉදිකිරීම් විශ්වයට අනුකූලව සිදු කළ යුතුය. එහිදී නිවසේ ගෘහ අංග නිවැරදිව දිශාගත කිරීම අත්‍යවශ්‍ය කරුණක් වේ.
නිවසකට විශ්ව ශක්තීන්ගේ ආකර්ෂණය වඩාත් ලැබෙන්නේ උතුරු දිශාවෙන් සහ ඊසාන දිශාවෙනි. වාස්තු පුරුෂයාගේ හිස පිහිටා ඇත්තේ උතුර සහ ඊසාන දිශාවන්ට යාබදවය. එම නිසා නිවසක් සෑදීමේදී හැමවිටම උතුරු සහ ඊසාන පැති ඉඩ සිටින ලෙස දිශාගත කළ යුතුය. උතුරු, ඊසාන, නැෙඟනහිර දිශාවලට නිවසේ විසිත්ත කාමරය යෙදීම ඉතා සුබදායකය. එහිදී නැගෙනහිර දිශාවෙන් හැකිතාක් නිවසට හිරු රශ්මිය ලැබෙන අයුරින් දොර ජනෙල් වැඩි කළ යුතුය. නිවසේ විසිත්ත කාමරය මෙන්ම ප්‍රධාන දොරද නැෙඟනහිර දිශාවට යෙදීමෙන් හිරු එළියේ ඇති රෝග නාශක ශක්තිය, ධන ආකර්ෂණ ශක්තිය හා ජීව ශක්තිය යන සියල්ල නිවසට ලැබෙයි.
විශ්ව ශක්තීන් නිවසට ගලා එන ප්‍රධාන දිශාව වන්නේ ඊසාන දිශාවයි. ඊසාන දිශාවෙන් ඇතුළු වන ශක්තිය නිරිත දිශාවේ ගබඩා වෙයි. දෙවියන්ගේ ආශිර්වාදය මෙන්ම විශ්ව ශක්තීන්ගේ ආකර්ෂණය ද ලැබෙන ඊසාන දිශාව නිවසක ඇති බලවත්ම ස්ථානයයි. එබැවින් ඊසාන සහ උතුරු දිශාවල අලංකාර සුවඳ හමන මල් වර්ග මෙන්ම ධන ආකර්ෂණය ගෙන දෙන මගුල් කරඳ වැනි ගස් වර්ග ද සිටුවිම සුදුසුය. කොහොඹ, ඇට්ටේරියා, අඹ, වෙරළු, සඳුන්, සැවැන්දරා, සුවඳ කොට්ටන්, ඊතණ ආදී ගස් වර්ග සිටුවීමද සුබදායකය.
නිවසේ අපද්‍රව්‍ය වළ කිසිසේත්ම උතුරට හෝ ඊසානට නොයෙදිය යුතුය. ඒවා එම දිශාවලට ගතහොත් නිවැසියන්ට නිතර නිතර ලෙඩ රෝග, අසමඟිය ඇති වේ. පිට ඉඩමකින් අපිරිසිදු ජලය හෝ වැස්සෙන් ඉඩම සේදී එන ජලය උතුරෙන් හෝ ඊසාන පැත්තෙන් ඉඩමට ගලා ඒමද ඉතා අසුබය. ඉන් සතුරු කරදර, භූත දෝෂ නිවසට ඇති වේ. උතුරේ හෝ ඊශාන දිශාවේ තැඹිලි, නාරං, මැංගුස්, රඹුටන් ආදී ගස් වර්ග සිටුවීමද සුදුසු නැත. එවිට යක්ෂ දෝෂ නිවසට බලපෑ හැකිය.
කිසි විටෙකත් වැසිකිළි වළද ඊසානට හෝ උතුරට නොගත යුතුය. එසේ වුවහොත් වාස්තු පුරුෂයා පීඩාවට පත්ව කෝප වීම නිසා නිවැසියන්ට රෝගාබාධ , අසමඟිය, භූත දෝෂ ආදිය ඇති වේ. සැනසීම නැති වී දුකට ද පත් වේ. ගෘහ මූලිකයා අසනීප වේ. දරුවන්ට නිවස එපා වේ.එමෙන්ම ගරාජය , දර මඩුව, බලු කූඩුව ආදියද මෙම කොටසට අසුබදායකය. සමහර නිවාසවල උතුරු පැත්තේ කුකුළු කොටු, එළු, හරක් වැනි සතුන්ගේ ගාල් සකස් කර ඇත. ඒවායින් එම දිශා අපිරිසිදුවීම ඉතා අසුබදායක වන අතර එම සතුන්ට පවා හිටි හැටියේ සන්නි රෝග, බෝවන රෝග ආදිය හට ගෙන විනාශයට පත් වේ.
නිවසක සැලසුම දිශාගත කිරීමේදී කිසිසේත්ම නාන කාමරයද, මුළුතැන්ගෙයද උතුරු, ඊසාන දිශාවලට නොගත යුතුය. එම දිශා දෙක ඉතා පිරිසිදුව තබා ගත යුතුය. එම දිශාවල නාන කාමර, මුළුතැන්ගෙය, විදුලි මීටර ආදිය ස්ථානගත වීමෙන් දරුවන්ගේ අධ්‍යාපනයේ පසුබැම්, කල් පවතින රෝගී තත්ත්ව අඬදබර, කලකෝලාහල ආදිය ඇති වේ. ඉඩමට ඇතුළුවන ප්‍රධාන ගේට්ටුව ඊසාන කෙළවරට ගැනීමද ඉතා අසුබදායකය. එයින් ගෘහ මූලිකයාට සුව නොවන හිසේ ආබාධයක් පැවතිය හැකිය. කිසිම අපිරිසිදු කටයුත්තක් උතුරට හෝ ඊසානට නොගත යුතුය. එමෙන්ම රෙදි වැල් ඇදීම ද උතුරු සහ ඊසාන දිශාවල නොකළ යුතුය. එය නිවසේ දියුණුවට බාධා ඇති කරයි. රෙදි වැල් සුදුසු වන්නේ බටහිරටය. උදේට මිදුල අතු ගා එකතු වන කොළ රොඩු, අපද්‍රව්‍ය උතුර සහ ඊශාන දිසාවන්හි ගොඩ ගසා ගිනි තැබීම සුදුසු නැත. එයින් නිවසේ ධන හානි ඇති වේ.
විසිත්ත කාමරය හැරුණු විට උතුරු සහ ඊශාන දිශා ආගමික වතාවත් සඳහා හෝ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා සුදුසුය. මේ අනුව නිවසේ උතුර සහ ඊශාන දිශා වැරදි ලෙස යොදා ගැනීම නිවැසියන්ට බොහෝ පීඩා ඇති වීමට හේතු වන බැවින් එම දිශා හැකි තරම් පිරිසිදුව තබා ගත යුතුය. සුදුසු පරිදි දෙවියන් බුදුන් පිදීමට ආගමික ස්ථානයක් සකස් කර ගැනීමට උතුර හෝ ඊසාන දිශා සුදුසු වේ.
ජාත්‍යන්තර සම්මානලාභී ජ්‍යොතිෂවේදී, වාස්තු විද්‍යා විශාරද විදුහල්පති දැරණියගල කපිල ඉන්ද්‍රික
උපුටා ගැනීම සිළුමිණ
මොනර පිහාටු පෙනුමෙන් අලංකාර වගේම වාස්තු විද්‍යාත්මකව බොහෝ ප්‍රයෝජනවත් යහපත් විශ්ව ශක්තීන් ආකර්ෂණය කර දෙන දෙවියන්ට ඉතා ප්‍රිය පූජනීය වස්තුවකි. සෑම...
- ලී පුරුද්දන විට යකඩ ඇණ ගහන්න එපා- මුදුන් යට ලීය නිවසේ හරි මැදට හසු නොවිය යුතුයි- වහලේ යට ලීයේ දෝෂ...
වාස්තු යන වචනයේ තේරුම වාසය කිරීමයි. වාසය පිළිබඳව කරුණු ඇතුළත් ශාස්ත්‍රය වාස්තු විද්‍යාව නමින් හැඳින්වේ. අපි වාසය කරන මහපොළවට අධිපතියා වාස්තු...
වාස්තු ශාස්ත්රයේ අවකාශ හතරක් සඳහන් කර ඇත. මානුෂික ස්වරූපයේ ඇති අවකාශය.ඉදිකර ඇති අවකාශය.භූමියේ ඇති අවකාශය.අන්තරීක්ෂ අවකාශයයි.වාස්තු ශාස්ත්‍රය මගින් මේ අවකාශයන් සියල්ලගේම...
සමහරු නිවසක් තැනීමට භූමියක් තෝරන විට කිසිම සෙවීමක් බැලීමක් නැතිව පරිසරයේ ලස්සනට රැවටේ. වෙල් යායක් අසල ලස්සන නිවෙසක් තැනූ පවුලක් ගං...
සම්බුද්ධ පරිනිර්වාණයේ වසර 2550 ක් ගතවී ඇති නමුදු අදත් පුරාණ සිද්ධස්ථාන වන අනුරාධපුර රුවන්වැලි සෑය, ශ්‍රී දළදා මාළිගය වැනි පූජනීය ස්ථාන...