ගස් වැල් මගින් දොස් නසන විස්මිත ශාස්ත්‍රය…
මිනිස් ජීවිතයේ බොහෝ ගැටලු විසඳා ගැනීමට යම් අභියෝග ඉදිරිපත් වන අවස්ථා විශාලය. ඇතැම් ප්‍රශ්න විසඳා ගැනීමට කොතරම් උත්සාහ කළද එය විසඳීමට අපහසු වන අවස්ථා ඇත. එහෙත් එවැනි බොහොමයක් ප්‍රශ්න සඳහා සාර්ථක පිළිතුරු ලබාගත හැකි ක්‍රමයක් ඉපැරැණි පුස්තකයක් තුළ සඳහන් වෙයි. ඒ විවිධ ශාක වර්ග භාවිතයෙන් ප්‍රශ්නවලට ගුප්තමය විසඳුම් ලබාගැනීමකි. ඒ අනුව පහත පරිදි ගස්වැල් භාවිත කර එම ඉපැරැණි ක්‍රමවේදයන් කොතරම් සාර්ථක වේද යන්න ඔබටත් අත්හදා බැලීමට හැකි වනු ඇත.
කෙසෙල් පැළ 9ක් සිටුවා අභිසම්භිධාන පිරිතෙන් 9 වරක් හෝ 21 වරක් පිරිත් කර එම පැන් කෙසෙල් පැළවලට දැමීමෙන් කේතු අපල රෝග පීඩා නැතිවී යයි. කරඳ ගසක කඳේ පැඟිරි කටුවකින් නම, නැකැත ලියා (ඕං ජය මංගල සිද්ධි නමඃ) මෙම දැහැන ලියා හිමිදිරි උදෑසන කරුණු කියන්න. නොකෙරෙන විවාහ ඉෂ්ට වෙයි.
බුත් කොළ භාගයක් සමග කොහොඹ දල්ලක් එකට ඔතා උදෑසන කන්න. ඔබගේ මතක ශක්තිය දෙගුණ තෙගුණ වෙයි.
එරබදු ගසක මල් ගෙන රාත්‍රී 12න් පසු බෝධියකට පූජා කරන්නේ නම් තමාගේ ප්‍රාර්ථනය ඉෂ්ට වෙයි. කඩුපුල් මල් උදේ 4.30ට බ්‍රහ්ම මුහුර්තයෙන් බුදුරජාණන් වහන්සේට පූජා කිරීමෙන් දීර්ඝායුෂ ලැබේ.
සල් ගසක් මූලයේ හිඳ දවසේ පළමු හෝරාවෙන් බදාදා දිනක අභිසම්භිධාන පිරිත 21ක් වර කීමෙන් ශරීරයේ ඇති ලෙඩ දුක් ක්ෂණයෙන් සුවපත් වෙයි.
කිරි නුග වෘක්ෂයට දින 7ක් දසදිසා පිරිතෙන් පිරිත් කර පැන් තබා ශනි දිනෙක ගිතෙල් මිශ්‍ර පහන් 9ක්ද, නිල් මල් වට්ටි 9ක්ද, පඬුරු 9ක්ද, බුලත් 21ක්ද තබා සුවඳ දුම් දී වැඳ කන්නලව් කිරීමෙන් ශනි අපල දුරුවෙයි.
දෙවියන්ගේ ලෙඩ සෑදුණේ නම් හෝ දේව දෝෂ ඇතිවී ඇත්නම් කහ පාට රෙදිකඩක පඬුරක් හිරු උදාවීමට පෙර ගැටගසා ඊසාන දිශාවට ගිය අඹ ඉත්තක ගැටගසන්න. ඉක්මන් සුවය ලැබේ.
අධ්‍යාපනය ලබන ළමයින් සිටින නිවෙසක ගෙවත්තේ බෙලි පැළයක් සිටුවා ගසට සාත්තු කිරීමෙන් ළමයාගේ දැනුම වර්ධනය වෙයි. සරස්වතී මෑණියන්ගේ බලය ඇතිවේ.
වාත, පිත, සෙම් දෝෂ ඇති හෝ ලේ දෝෂ ඇති අයට කුජ ග්‍රහයාගේ දෝෂ දුරුවී නිරෝගී බලය ලබාගැනීමට රතු කනේරු මල්, තලතෙල් මිශ්‍ර පහන් 9ක් කොළොන් කොළ 9ක නම, නැකැත ලියා අඟහරුවාදා දිනෙක බෝධියක් මුල පූජා කරන්න.
කයිල වැල් දෙකක් ගෙන වියළා රත්නමාලි ගාථාවෙන් 54 වර පිරිත් කර ගෙදර ඉදිරි උළුවස්සට ඉහළින් ගසන්න. එම ගෙදරට සතුරු කරදර අඩුවෙයි. වගා බිම් වටා හරන්කහ ගස් සිටුවීමෙන් එම වගාවට ඌරන්ගෙන් හානි නොවෙයි.
තද බියකට පත්වූ විටෙක ඇළකින් හෝ දොළකින් පිටි අල්ලට වැලි ගෙන වියළා කතා නොකර යකිනාරං ගසක් මුලට ඉසින්න. බිය පහවී යයි. එළ කටරොළු මුල් කළං 8ක්, එළකිරි 1/2ක්, සැරුන්ද සමග කලවම් කර අඹරා ඉස්ම ගෙන අභිසම්භිධාන පිරිතෙන් පිරිත් වාර 9ක් කියා හිස්බඩ බීමෙන් උදරයේ විෂ දුරුවෙයි.
උපුටා ගැනීම මව් රට
මෙම ලිපියෙන් අපේක්ෂා කරන්නේ වැසිකිළි, නානකාමර, වැසිකිළිවල අප ජලය ආදිය නිසි ලෙස ස්ථාන ගත කරන්නේ කෙසේද යන්න පිළිබඳ දැනුම්වත් කිරීමටයි. වාස්තු ශිල්පීන්ගේ...
වාස්තු විද්‍යාව යනු ගෘහ නිර්මාණ ශිල්පයයි. ගෘහය යනු නිවසයි. නිවස ඉදිකිරීමේදී අනුගමනය කළ යුතු වැදගත් රහස් ක්රමයන් කීපයක් වේ. මෙම විද්‍යාව පිළිබඳව...
මිනිසා යනු ස්වභාවධර්මයාගේ නිර්මාණයකි. එම නිර්මාණයන්ට අවශ්‍ය අංග අවශ්‍ය පරිදි නිසි ලෙස යෙදීම ස්වභාවධර්මයෙන් කිරීම හා කුසලතාවයන් ඇති ඇස්, කට, නාසය,...
දෝෂ රහිත නිවසක් වීමට නම් එය වාස්තු විද්‍යාවට අනුකූල වියයුතුය. එමෙන්ම එය ඉදිකර ගැනීම පහසුවට මෙන්ම ක්‍රමවත්වීමට නම් මේ පිළිබඳව මනා...
බොහෝ දෙනෙකු තම බිලිඳාට නම තැබීමේ පටන් වෙලෙඳ ව්‍යාපාරයකට නම තැබීම දක්වා කටයුතු කරන්නට පුරුදුව සිටින්නේ ජ්‍යොතිෂයට අනුවය. එ නිසා ජ්‍යොතිෂ්...
වාස්තු යන වචනයේ තේරුම වාසය කිරීමයි. වාසය පිළිබඳව කරුණු ඇතුළත් ශාස්ත්‍රය වාස්තු විද්‍යාව නමින් හැඳින්වේ. අපි වාසය කරන මහපොළවට අධිපතියා වාස්තු...