හදපු සහ හදන ගෙවල් ගැන දැනගත යුතුම රහසක්…

නිවෙසක් යනු කෙනකුගේ ජීවිතයේ වැඩිම කාලයක් ගතකරන තැනයි. එනිසා නිවෙස ජීවිතයට ධනාත්මක ලෙස බලපාන ස්ථානයක් විය යුතුයි. ඒ සඳහා නිවෙසක ජීවත්වන්නන්ට සුබදායක අයුරින් වාස්තු ගැළපීමත් නිවෙස ඉදිකිරීම මෙන්ම අනෙකුත් කටයුතු සුබවාදීව කිරීමත් ඉතා වැදගත් වේ. ඔබ නව වසරේ නිවෙසක් ඉදිකරනවා නම් ඒ ඒ මාස අනුව නිවෙසක සුබ අසුබ පල ලැබෙන පිළිවෙළ දැන ඉදිකිරීම් කටයුතු ඇරැඹීම සුබ වේ. එමෙන්ම ඔබ පදිංචි නිවෙසද ඉදිකිරීම් ඇරැඹූ මාසය දන්නවා නම් පහත තොරතුරු ඇසුරෙන් යම් විග්‍රහයක් කරගන්නට ඔබට හැකි වන්නේය.

  • ඔබගේ නිවෙස ජනවාරි මාසයේ වැඩ ආරම්භ කළේ නම් ඉතා සුබ වේ. රැකියා ව්‍යාපාර දියුණු වන, දූදරුවන්ගේ යහපත උදාවන නිවෙසකි.
  • පෙබරවාරි මාසයේ ඉදිකරන නිවෙස එතරම් සුබදායී නොවන අතර නිවැසියන්ට ගැටලු ඇතිකරයි. විවිධ ප්‍රශ්න නිසා මානසික පීඩාවට පත්වන්නට සිදුවේ.
  • මාර්තු මාසයේ නිවෙස ඉදිකළහොත් ඉතා යහපත් ප්‍රතිඵල ලබාදෙනු ඇත. ලෙඩ රෝගවලින් තොර නිරෝගී සුව අත්වන, ධනය, බලය සැප නිවැසියන්ට ලබාදෙන නිවෙසකි. ජීවිතයේ ඉතා උසස් තැනකට පත්වන්නට වාසනාව ඇත.
  • අප්‍රේල් මාසයද නිවාස ඉදිකිරීමට එතරම් සුබ නොවේ. එවැනි නිවාසවල පදිංචි වීමෙන් ගෘහමූලිකයා අපහසුතාවට සහ රෝගවලට ගොදුරු වෙයි. දුක් කරදර බහුල වේ.
  • මැයි මාසයේ නිවෙසක වැඩ ආරම්භ කළහොත් ඉතා ඉහළ සුබ පල ගෙන දෙන බව සඳහන් වේ. නිවැසියන්ට දිනෙන් දින දියුණුව අත්වේ. සතුට සමගිය උතුරා යන නිවෙසකි. ධනය ලැබීම ඉතා ඉහළ තත්ත්වයට පත්වේ.
  • ජුනි මාසයේ නිවාස සෑදීමට සුදුසු නැත. නොසිතූ නොපැතූ කරදර බාධක යෙදේ. ගෙහිමියන්ගේ විනාශය සිදුවන බව පැවැසේ. සිතේ සතුට අඩුවේ.
  • ජූලි මාසය තුළ නිවාස වැඩ ආරම්භයද එතරම් සුබ නැත. ධනය විනාශ කෙරෙන නිවෙසකි. කොතරම් ධනය ඉතිරි කළද සුබ පලයක් අත් නොවේ. හිටි හැටියේ එම ධනය විනාශ වේ.
  • අගෝස්තු මාසය තුළ නිවාස ඉදිකළේ නම් ඉතා සුබදායී වෙයි. අසල්වැසියන් හිතවතුන් සහායට එයි. ධන ලාභ මෙන්ම වස්තු ලාභද ලැබේ නිරෝගී සුව ලැබේ. සතුට සමගිය උතුරා යයි.
  • සැප්තැම්බර් මාසයේ නිවාස වැඩ ඇරැඹුවේ නම් කරදර බාධක අධික වේ. නොසිතූ ප්‍රශ්න ඇතිවන බවත්, නෑදෑ හිතමිතුරන් අමනාපයට හේතු යෙදෙන බවත් පැවැසේ. නිවෙස පාළුවට ගොස් මානසික සහනය අහිමි වනු ඇත.
  • ඔක්තෝබර් මාසය තුළ නිවෙස ඉදිකරන්නේ නම් නිවැසියන් අතර අඩදබර ගැටුම් බහුල වෙයි. නිවෙසේ සමගියට බාධා ගෙනෙන පිටස්තර බලවේග නිවෙසට ඇතුළු වෙයි. සතුට දුරස් වෙයි.
  • නොවැම්බර් මාසයේ යම් නිවෙසක් ඉදිකළේ නම් ඉතා වාසනාවන්ත වෙයි. ධනය උතුරන සතුට රජයන නිවෙසකි. වාසනාවන්ත දරු පරපුරක් බිහිවේ. සිත් තුළ සතුට වර්ධනයට හේතු යෙදේ.
  • දෙසැම්බර් මාසය තුළ නිවාස ඉදිකිරීම සුබ වේ. ඉතා වාසනාවන්ත ලෙස සතුටින් ජීවත් වීමට අවශ්‍ය වටපිටාව සැකසේ. නිතර නිතර අන් අයගේ සහයෝගය ලැබේ.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී, සත්‍යජිත් සම්පත්මව්රට

Share This Article

මාරාන්තික විපාක ගෙන දෙන නිවසේ වාස්තු දෝෂ හඳුනාගන්න

පුතේ කියා අම්මා කතා කරන විට හඬ ඇසෙන විට රමේෂ් හිටියේ අඩ නින්දකය. හීනයක් දෝයි රමේෂ්ට සිතුණත් ආයෙත් ඒ හඬ ඇසුනා....

නිවසට කොටසක්‌ එකතු කිරීමේදී මේ ගැනත් දැනගන්න

කාලයක්‌ සමග සියල්ල වෙනස්‌ වෙනවා. වෙනස්‌ නොවන කිසිදෙයක්‌ නොමැති අතර වෙනස්‌ නොවන එකම දෙය වෙනස්‌ වීම පමණක්‌ බව ඔබ අසා ඇති...

ගෙවත්තේ උස ගස් වවන්න එපා අපට ලැබෙන ශක්තිය අඩුවෙනවා

වාස්තු ශාස්ත‍්‍රයේ අවකාශ හතරක් සඳහන් කර ඇත. මානුෂික ස්වරූපයේ ඇති අවකාශය.ඉදිකර ඇති අවකාශය.භූමියේ ඇති අවකාශය.අන්තරීක්‍ෂ අවකාශයයි.වාස්තු ශාස්ත‍්‍රය මගින් මේ අවකාශයන් සියල්ලගේම...

වැසි ජලය නිවසේ අට දිශාවට බැස යෑමේ ශුභාශුභ

බොහෝ දෙනා කරන ඉල්ලීම් තමයි තමන්ගේ නිවාස සැලසුම දමන්නම් බලලා දෙන්න. එහෙම නැති නම් තමන්ගේ භූමියේ නිවාසයක් ඉදිකර ගන්න නිවාස සැලසුමක්...

ගෙදර කෑම මීයො කනවා නම් භූමි දෝෂ

වල් මීයා, බටු මීයා, හික් මීයා, උෟරු මීයා නොහොත් මීමින්නා යන නමින් ලංකාවට ආවේණික වූ මී වර්ග කීපයකි. ප්‍රමාණයෙන් සහ වර්ණයෙන්...

ආර්ථික දියුණුව හා වාසනාව උදා කරන සරල වාස්තු ප්‍රතිකර්මයක්

ඕනෑම නිවෙසක මධ්‍ය ලක්‍ෂ්‍යය පිරමීඩ භාවිතයෙන් බලවත් කර නිවැසියන්ට යහපත සලසන අන්තරීක්‍ෂ ශක්තිය හා නිවැසියන්ගේ ප්‍රභා මණ්ඩලය (Aura)  බලසම්පන්න කිරීමෙන් ඔවුන්ගේ ආර්ථිකය...