හිත නිවන නිවහනක් සඳහා
ඉඳුම් හිටුම් මෙලොව ජීවත්වන මිනිසාගේ මූලික අවශ්‍යතා වලින් එකකි. ඒ සඳහා සතුට සම්පත පිරි ප්‍රිය මනාප සුන්දර නිවසක් ඉදිකර ගැනීම හැම කෙනෙකුගේම බලපොරොත්තුවක් වන අතර ඉහත සුභ කරුණු රඳා පවතින සුන්දර නිවස ජොතිෂ්‍යයට හා වාස්‌තුවිද්‍යාවට අනුකූලව තනා ගැනීමේදී අනුගමනය කළ යුතු විශේෂ කරුණු රාශියක් ගෙබිම් ශාස්‌ත්‍රය හෙවත් වාස්‌තු විද්‍යාවේ දැක්‌වේ.
1 පළමුවෙන්ම ක්‍ෂේත්‍රය ගැන මනා අවබෝධයක් ඇති වාස්‌තු විද්‍යා උපදේශකයකුගේ උපදෙස්‌වලට අනුකූලව ඉඩමේ පාද බෙදා අශුභ පාද අතහැර නිවස ඉදිකරන ස්‌ථානය තීරණය කරගත යුතුය.
2 පවුලේ සාමාජිකයන්ගේ හඳහන් සියල්ල පරීක්‍ෂාකර ඒ සියල්ලටම අනුව දෛවඥයා ලබාදෙන ඉතාමත් ශුභ වේලාවට අනුව නිවස ඉදිකිරීමේ වැඩකටයුතු ආරම්භ කිරීම.
3 ශුභ මුහුර්තයකින් නිවස ඉදිකිරීමට තෝරාගෙන සීමාවේ ඇති ගස් කැපීම, ගල් කැඩීම සිදුකර ගෙපල කැපීම.
4 ගෘහ මූලිකයාට ගැලපෙන පරිදි අදාළ නිවසට සුදුසු දිග පලල නියම කර ගැනීම.
5 දිග පළලට අදාළ පරිදි ගෙයි බිම් සැලසුම් නිර්මාණය කරවා ගැනීම.
6 නිවසේ සැලසුම නිර්මාණය කරන ලද්දේ ගෙබිම් ශාස්‌ත්‍රය නොදන්නා අයකු විසින් නම් එකී සැලසුම ශාස්‌ත්‍රානුකූල දැයි පරීක්‍ෂා කර ගැනීම.
7 ලණු ඇදීම – ශාස්‌ත්‍රානුකූලව පෙරදින රාත්‍රියේ ගෙබිමේ කළයුතු වත් පිළිවෙත්වලට අනුව සිදුකිරීම. (තත්කාල පරීක්‍ෂාවට අනුකූලව)
8 අත්තිවාරම් කැපීම – මෙයටද ශාස්‌ත්‍රීය පදනමක් ඇත. ශුභ දිසාවෙන් ඇරඹිය යුතුය.
9 මුල්ගල් තැබීම – ශාස්‌ත්‍රීය නියමය අනුව අට කොණ ගල් අටක් දක්‍ෂිණාවෘතව තැබිය යුතු වුවත් අද මේ වෙනුවට මැද කොටසෙහි නිධන් ගලක් තැන්පත් කෙරේ.
10 කප කණුව සිටුවීම – මෙයද ගෙබිම් ශාස්‌ත්‍රයට අනුව සිදුකළ යුතුය. අදාළ වත් පිළිවෙත් වශයෙන් නවග්‍රහ පූජාව තබා අටමගල ඇද තැබිය යුතුය. ශාන්තිකර්ම වලදී භාවිත වන අටමංගල නොව ගෙබිමේ අඳින අටමගල වෙනත් එකකි. අත්ත කපන ගසටද වත් පිළිවෙත් ඉටුකළ යුතුය.
ලණු ඇදීම හා කූඤaඤ ගැසීමෙහිද ශාස්‌ත්‍රීය ක්‍රමයක් ඇති අතර අද මෙය ක්‍රම කිහිපයට සිදුකෙරේ. ලණුව හෝ නූල ගලේ ගැටගසා විසිකිරීම – කූඤaඤයේ ගැටගසා විසිකිරීම- නූල් පන්දුව විසිකිරීම ආදී වශයෙන් මේවා දක්‌නට ඇත. එහෙත් මේ සඳහා අනුගමනය කළයුතු නිවැරදිම ක්‍රමය ලණුවේ කෙළවරක කූඤaඤය ගැටගසා අනෙක් කෙළවර දක්‍ෂිණාවෘත්තව බිම හෙලීමය. සතර දිසාවට දක්‍ෂිණාවෘතව බිම පතිත කළ යුතුය. අද ලණුපට 4 හතර වරකට ඇදීම සිදුකරයි. එම ක්‍රමය ශාස්‌ත්‍රීය ක්‍රමයට පටහැනිය. ලණු ඇදීම වඩු කාර්මිකයා විසින් සිදුකළ යුතු කාර්යයක් වුවත් අද පෙදරේරුවන් මෙය සිදුකරයි. ශාස්‌ත්‍රයට අනුව වඩු කාර්මිකයා අතින් එය සිදුකර ගැනීම නිවැරදිය.
ගෙබිම සිව්කොණ හා මැද යන ස්‌ථානවල පහන්දැල්වීම සිදුකළත් ඒ සඳහා නියමිත වේලාව හා කවුරුත් උදෙසා තබන්නේදැයි තැකීමක් නොකර මෙකී කටයුතු සිදුකිරීම තුළින් අයහපත් ප්‍රතිඵල ලැබිය හැකිය. මැද දල්වන පහන බුදුන් උදෙසා පූජාකළ යුතු අතර සිව්කොණ දල්වන පහන් නියමිත දෙවියට පූජාකළ යුතුමය. මහබඹුට, විශ්වකර්ම දෙවියන්ට හා මිහිකතටද පහන් දැල්විය යුතුය.
ඇතැම් අවස්‌ථාවල බහිරව පූජා සිදුකළත් එයද අඩුපාඩු සහිතව සිදුකිරීම කනගාටුදායකය. තම භූමියේ තැබිය යුතු මෙම පූජාව ශාස්‌ත්‍රය නොදත් අය විසින් කොහේ හෝ තිබෙන දේවාලයක සිදුකිරීමෙන් අදාළ භූමිය තුළ බුදුන්, දෙවියන්, භූතයින්, ප්‍රේතයන් උදෙසා කළයුතු වත් පිළිවෙත් ඉටුනොකර බහිරව සඳහා දොල පිදේනි ලබාදේ. මෙයද සාර්ථක ක්‍රමයක් නොවේ.
අත්තිවාරම් බැඳීමේදී එය ශුභ දිසාවෙන් ඇරඹිය යුතුය. මේ සඳහා පෙදරේරුවාට දිසාව පිළිබඳ අවබෝධය තිබිය යුතුය. බිත්ති බැඳීමෙන් පසු උළුවහු තැබීම හා පැනීමේ කාර්යය වඩු කාර්මිකයා ලවා සිදුකරගත යුතු වුවද අද වඩුකාර්මිකයා ඒවා නිර්මාණය කරයි. පෙදරේරුවාට අවශ්‍ය ලෙස තබයි. මෙම ක්‍රමය ඉතා අශුභ ඵල දෙන්නකි. උළුවස්‌ස නිර්මාණය කරන වඩුකාර්මිකයා විසින්ම එය තැබීමද ද සිදුකළ යුතුය. ඊට අදාළ පිළිවෙත් බොහෝය. අටකොණට අරක්‌ගත් දූතීයන් දොලපිදේනි දීම, සිව්කොණ සිව්වරම් දෙවියන්ට පහන් දැල්වීම, විශ්වකර්ම දෙවියන්ට සියලු පුද පූජා තබා පහන් දැල්වීම තම සියලු වස්‌දොස් ඉවත්වී අදාළ කාරණය නිසිලෙස ඉටුවීම සඳහා ස්‌ත්‍රොaත්‍ර ගායනා කර කන්නලව් කර සියලු දෝෂ මගහැරගැනීම නිවැරදි ක්‍රමය වේ.
නිවසේ උළුවහු ප්‍රමාණය ඔත්තේ වීම පමණක් කිසිසේත් ප්‍රමාණවත් නොවේ. ඒවා නිවැරදි තැන්වල තැබිය යුතු අතර සෑම පැත්තකින්ම ලඹකර තිබිය යුතුය. පිටතට නැඹුරුවීම හා ඇතුලට නැඹුරුවීමද ඉතාමත් අසුභදායකය. යට ලී පරාල බාල්ක ඒවාට ඉහලින් අදනට පිහිටීම ඉතාම අශුභය. ජනෙල් තැබීමේදීද ප්‍රධාන දොරට වඩා පහළින් ඒවා තැබිය යුතු වුවත් අද බොහෝ විට එකම හුලකට ඒවා තබයි. මෙය බරපතල වරදකි. ප්‍රධාන දොරට යොදාගන්නා ලී කැටයම් ජනෙල් සඳහා යොදාගැනීමද නොකළ යුතු ක්‍රියාවකි.
එබැවින් ඉහත කරුණු සැලකිල්ලට ගෙන අලංකාරයටම නොව ජොතිෂ්‍ය විද්‍යාවට හා වාස්‌තු විද්‍යාවට මුල්තැනදී සියලු අශුභ ශක්‌තීන් මඟහැර සිහි නුවණින් ක්‍රියා කිරීම තුළින් සුපසන් නිවසක හිමිකරුවීමේ භාග්‍යය ඔබටද උදාවනු ඇත.
උපුටා ගැනීම දිවයින