වාස්‌තු විද්‍යා ක්‍රම මගින් නිවසේ වස්‌ දොස්‌ දුරලමු මෙලෙසේ

දෝෂ රහිත නිවසක්‌ වීමට නම් එය වාස්‌තු විද්‍යාවට අනුකූල වියයුතුය. එමෙන්ම එය ඉදිකර ගැනීම පහසුවට මෙන්ම ක්‍රමවත්වීමට නම් මේ පිළිබඳව මනා සංවිධානයක්‌ තිබිය යුතුය. ඇතැම් අය නිසි පිළිවෙළ නොදැන නිවාස ඉදිකරන්නට යැමෙන් මහත් කරදරවලට පත්වී අතරමං වූවෝ වෙති. එබැවින් මේ පිළිබඳ අනුගමනය කළ යුතු වැඩපිළිවෙළ එකිනෙක විමසා බලමු.

නිවස සෑදීමේදී අනුගමනය කළ යුතු ප්‍රධාන කාර්ය අනුපිළිවෙළ කෙටියෙන් ගතහොත් මෙසේය.

1. නිවස ඉදිකිරීමට ඉඩමක්‌ මිලට ගන්නේ නම් එය ද මනා ක්‍රමවත් විය යුතුය. ඉඩමේ හැඩය, පරිසරය, නීත්‍යානුකූල තත්ත්වය ඉඩම නායයැම හා වෙනත් අනතුරුවලට ලක්‌වේද යන්න විමසා බැලීම යහපත්ය.

2. කට්‌ටි කර විකුණන ඉඩමක්‌ මිලට ගන්නේ නම් හොඳ හැඩැති කැබැල්ලක්‌ තෝරා ගැනීම කළ යුතුවේ.

3. ඉඩමේ පස පරීක්‍ෂාව වාස්‌තු විද්‍යානුකූලව කළ යුතුවේ. පසේ ස්‌වරූපය මත ගොඩනැඟිල්ල ඉදිකිරීමට යෝග්‍ය ද යන්න වාස්‌තුවිද්‍යා ක්‍රම මගින් කළ හැකිය.

4. නිවස අඩු විදමින් ගොඩනැංවිය හැකිද යන්න සිතා බෑවුම්, ගල් සහිත, කුඩුගල් හා වෙනත් ගල් වඩාත් තිබේද වැලි සහිතද, මඩ ගොහොරු ද, කලින් පස්‌ පිරවූ ස්‌ථාන ආදී කරුණු විමසා බැලිය යුතුවේ.

5. නිවාස හිමියාගේ හඳහන පරීක්‍ෂා කරවා ගැනීම ජ්‍යෙතිර්වේදියකු ලවා කරගෙන මේ තුළින් නිවස සෑදීම ඉදිරි කාලය සුදුසුද? බාධා රහිතව නිවස ඉක්‌මණින් සෑදිය හැකිද? බාධා කුමක්‌ද විමසා බලා සුළු නැකතක්‌ සාදාගත යුතුය.

6. නිවස ගොඩනංවන ඉඩමට කිසියම් යක්‍ෂ, ප්‍රේත ආදී භූත බලපෑම් ඇති දැයි බලා මේ සඳහා ආරක්‍ෂා ක්‍රමයක්‌ යොදා ගැනීම සුදුසුය.

7. ඉඩම සඳහා බහිරව පූජාවක්‌ පැවැත්වීම අනිවාර්යයෙන්ම කළ යුතු කාර්යයකි.

8. නිවස සාදන ස්‌ථානයට ගැලපෙන පරිදි මෙන්ම තම ආර්ථිකයට ගැලපෙන පරිදි එනම් කළ හැකි වියදම් ගැන නිගමනය කර සැලැස්‌මක්‌ ඇඳගත යුතුය. එය වාස්‌තු විද්‍යාව දත් අයෙක්‌ ලවා වාස්‌තු විද්‍යානුකූලව පරීක්‍ෂා කරගත යුතුය.

9. ප්‍රථමයෙන් නිවස සම්පූර්ණයෙන් නොසාදා කොටසක්‌ පමණක්‌ සාදන්නේ නම් එම කොටස ද තමාට ගැලපෙන පරිදි කොටසක්‌ සෑදිය යුතුයි.

10. නිවසට අවශ්‍ය ද්‍රව්‍ය රැස්‌ කරගත යුතුවේ.

11. ද්‍රව්‍ය මිලට ගැනීමට නැකතක්‌ සාදාගත යුතුය.

12. දොර ජනෙල් උළුවහු සෑදීම ද කලින් කළ යුතුවේ.

13. අත්තිවාරම සඳහා ලණු ඇදීම, කැපීම, මුල්ගල තැබීම සඳහා නැකතක්‌ සාදාගත යුතුවේ.

14. ගොඩනැඟිල්ලේ බිත්ති බැඳගෙන යන අතර ගිනි කතිරය, මරු සුලන්, කුරුස බිත්ති ආදිය ඇතිවේද යන්න විමසිය යුතුවේ.

15. සැලැස්‌ම අනුවම බිත්ති දොර උළුවහු පිහිටන්නේ ද බිත්ති බැඳීමට ප්‍රථම විමසා බැලිය යුතුය.

16. උළුවහු කැපීම, උළුවහු පැනීම ආදියට නැකතක්‌ සාදාගත යුතුවේ.

17. බිත්ති අවසන්වීමට ළංවූ විට දැව තැබීමට සුදුසු නැකතක්‌ සාදාගත යුතුය.

18. වහළ ගැසීමේදී වැරැදි නොවීමට වගබලාගත යුතුවේ. මේ සඳහා දන්නා කෙනකුගේ (වාස්‌තු විද්‍යානුකූලවම) සේවය ලබාගැනීම අත්‍යවශ්‍යය.

19. වහළ ගැසීමෙන් පසුව දොර ජනෙල් තැබීම බිම සකස්‌ කිරීම කළ යුතුවේ.

20. නිවස සෑදීමෙන් පසුව බිත්ති, දොර ජනෙල් සඳහා සුදුසු වර්ණ තෝරා ආලේප කළ යුතුය. මේ සඳහා තමාට ගැලපෙන වර්ණ ජ්‍යෙතිෂ්‍යානුකූලව තෝරා ගැනීම ද වැදගත්ය.

21. මිදුල සැකසීම ද වාස්‌තු විද්‍යානුකූලවම සිදු කළ යුතුවේ.

22. නිවසට ගෙවදීමේ නැකතක්‌ සාදවා ගත යුතුවේ.

23. ගෙවදීම සියලු චාරිත්‍රානුකූලව කළ යුතුවේ.

24. පදිංචියෙන් පසු පිරිත් කීම හෝ වෙනත් ශාන්තිකර්ම ද කළ යුතුවේ.

25. නිවස සෑදීමට සහභාගි වූ සියලු කොටස්‌ සඳහා ත්‍යාග දීම ද කළ හැකිනම් එයද ඉතා වැදගත් කාර්යයකි.

උපුටා ගැනීම දිවයින

Share This Article

වහලයේ වාස්තු දෝෂ ගෘහණියට බලපාන හැටි

නිවෙසක් ගෘහයක් ලෙස පිළිගැනීමට එම නිවෙසට වහලයක් තිබිය යුතුයි. වහලයක් නැති නිවෙසක් කිසිදාක ගෘහයක් වන්නේ නැහැ. වාස්තු ශිල්පයට අනුව වහලය යනු...

ජල බැස්මද වාස්තු දෝෂ ඇති කරයි

ඉඩමේ බෑවුම වාස්තු ශිල්පීය ක්‍රම වේදයන්ට අනුව ඔබගේ ඉඩමේ ජල බැස්ම සහ වහලයේ ජල බැස්ම නිසි පරිදි තීරණය කිරීම ඉතාමත් වැදගත් අවස්ථාවක්...

ගේ සාදන විට අවධානය වැදගත්

ගෙයක් හදනකොට නැග්මක් ඇති ආකාරයට හදන්න පුළුවන් නම් ඉතා හොඳයි. නමුත් හැම තැනම අපට ඕන ආකාරයට ඉඩම් පිහිටන්නේ නැහැ. හැකි උපරිම...

ගෙවත්තේ උස ගස් වවන්න එපා අපට ලැබෙන ශක්තිය අඩුවෙනවා

වාස්තු ශාස්ත‍්‍රයේ අවකාශ හතරක් සඳහන් කර ඇත. මානුෂික ස්වරූපයේ ඇති අවකාශය.ඉදිකර ඇති අවකාශය.භූමියේ ඇති අවකාශය.අන්තරීක්‍ෂ අවකාශයයි.වාස්තු ශාස්ත‍්‍රය මගින් මේ අවකාශයන් සියල්ලගේම...

නිවසට සිරිකත කැඳවා ගන්නේ මෙහෙමයි

පූජ්‍ය පක්‍ෂයට වෙන් කර තිබූ පළමු ආසනයේ ඉඩ තිබුණු බැවින් මම එහි වාඩි වුණෙමි. බස්‌ රථය පිටත් වන තෙක්‌ නොයෙකුත් කල්පනාවන්ගෙන්...

නැකත වැරදි නම් නිවස ගිනිගෙන ගෙහිමියා මැරෙයි මිනිස්‌ වාසයට වහල හා බිත්ති ශාස්‌ත්‍රානුකූල විය යුතුයි

නිවසක අලංකාරය වහලය හා බිත්ති පිළියෙල කිරීම මත පවතින බව ඔබ දත යුතුයි. එය කාලයට පරිසරයට දේශගුණයට හා වෙනස්‌ වන මෝස්‌තර...