ගේ සාදන විට අවධානය වැදගත්

ගෙයක් හදනකොට නැග්මක් ඇති ආකාරයට හදන්න පුළුවන් නම් ඉතා හොඳයි. නමුත් හැම තැනම අපට ඕන ආකාරයට ඉඩම් පිහිටන්නේ නැහැ. හැකි උපරිම ආකාරයෙන් වාස්තු සිද්ධාන්ත අනුගමනය කරමින් ඉදිකරනවා නම් දෝෂ අඩුයි. වාස්තු දෝෂ නැති කරන්න හිතාගෙන අත්තිවාරම හා මිදුල උස්සලා ගොඩ කරන්න ගියොත් ගේ ඉවර කරන්න සල්ලි මදි. මේ හැම දෙයක් ගැනම අවබෝධයකින් ගැටලු මඟහැරීමට උත්සාහ කිරීමයි වටින්නේ. නිවෙස සෑදීමට මූලිකත්වය ගන්නා ඔබ විදේශ ගතවී හෝ දුර බැහැරව සිටී නම් ඉදිකිරීම් ගැන වඩාත් සැලකිලිමත් විය යුතුයි. සමහර අය නැකැතට මුල්ගල් තබා විදේශ ගතවෙනවා. නැවැත එන්නේ ගෙදර පදිංචි වෙන්න. නමුත් ඒ වන විට බලාපොරොත්තු වූ නිවෙස නෙවෙයි තියෙන්නේ. නිවෙස සෑදීමේදී ඉදිකිරීම්කරුට නිසි උපදෙස් හා මඟපෙන්වීම් නොලැබුණි නම් ඔහුට ලේසි පහසු ආකාරයට කටයුතු කිරීම බොහෝ විට දක්නට ලැබෙන දෙයක්. මේ දේ නිසා තමයි ගේ විකෘති වෙන්නේ. මිලියන ගාණක් වියදම් කර හදන අලුත් නිවෙසට නිසි තාක්‍ෂණික හා වාස්තු අධීක්‍ෂණය අනිවාර්ය වන්නේ මේ නිසයි. මා ඔබට අද කියන්නේ ඉහත වාගේම වූ දෙයක්. දීර්ඝ කාලයක් විදේශගතවී සිටිමින් නිවෙසක් ඉදිකළ පවුලක් ගැනයි. 

පහත් කරන ලද සාලය : 

ගේ ඇතුළේ බිම උසින් පිහිටනවා වාගේ පෙනෙන්නට ප්‍රධාන දොර අසල පමණක් කුඩා තීරුවක් පුරවා උස්සා තිබුණා. දොරෙන් ඇතුලු වුණ ගමන්ම තියෙන්නේ පඩි කිහිපයක් බහින්නයි. මේක වුවමනාවෙන්ම කරපු දෙයක්. ජීවිතයේ වුණත් අප බලාපොරොත්තු වන්නේ නැග්මක් මිස බැස්මක් නෙමේ.

වැරැදි තැනක පිහිටි වැසිකිළි වළ : 

ඉතා විශාල ප්‍රමාණයේ වැසිකිළි වළක් කපා තිබුණේ ඊශානයේය. නිවෙසේ මුලු ඡේදනය වීම නිසාත් දිශාව අනුවත් ඉතා අහිතකර ප්‍රතිඵල ලැබෙන දෙයක්. හැකි ඉක්මනින්ම වළ ඉවත් කිරීමට දුන් උපදෙස් අනුව වළ ගොඩකරමින් තිබුණේ මේ ආකාරයටයි. සිතේ නිරවුල් බව සැහැල්ලු බව හා නිරෝගී බව නැවැතත් වැඩි වර්ධනයට වෙන දෙයක්.

දෝෂ පිරුණු වහලය : 

නිවෙසේ වහලය නිතරම සරල විය යුතු බව අවස්ථා කීපයකදීම ඔබ දැනුවත් කළා. රූපය දිහා බලන්න. අමුතුවෙක් එතැන තියෙන ගැටලුකාරී තත්ත්වය කිවයුතු නැහැ. නොදන්නාකමින් හෝ දන්නා බව වැඩිකමින් කරනා මෙවැනි දෝෂයන් පල දෙන්නේ නිවැසියන්ටයි. මාරක අවස්ථාවන් දක්වා වහලයේ දෝෂ බරපතළ විය හැකියි. නිවෙසේ ප්‍රධාන ‍ පිහිටි ස්ථානයේත්, පියනේත් දෝෂ තිබුණා. රාමුවල තිබෙන හැඩතලත් නොගැළපෙන ඒවා. නිවෙස තුළ ඇති බිත්ති නොකඩා අංග වෙනස් කිරීමට කටයුතු කළා. වහලයේ දෝෂ සහිත කොටස් ඉවත් කර නැවැත සකස් කර ගැනීමට හැකි දෙයක්. මේ විදියට එකින් එක දෝෂ නිවැරැදි කරගන්න ඕනෙ. මේක හැමෝටම හොඳ පාඩමක්. ගෙයක් හදන්න මුදල් වියදම් කරන්නේ එහි දෝෂ හදන්න දෙගුණයක් වැය කරන්න නෙමේ. දුරින් ඉඳන් ගේ හැදුවත් කෙරෙන වැඩ කටයුතු ගැන අවධානයෙන් සිටිය යුත්තේ මේ නිසයි. නැවැතත් ලංකාවට පැමිණි ඔවුන් ඉපැයූ මුදල් වැය කරන්නේ වෙච්ච අඩුපාඩු හදාගන්න. සෑහෙන දුරක් දැනටමත් දෝෂ නිවැරැදි කරගෙන සාර්ථකව ව්‍යාපාර කටයුතු කරනවා දැකීම ඉතාම සතුට දනවන කරුණක්. මා නැවැත වරක් ඔබට කියන්නේ මෙවැනි අඩුපාඩු නැවැත නොවන්නට මුලදීම කටයුතු කිරීම වැදගත් බවයි.

සිවිල් ඉන්ජිනේරු වාස්තු විද්‍යාවේදී ගයාන් එරමුදුගොඩ 

මව්බිම

Share This Article

ගෘහමූලිකයාගේ ජීවිතයට තීරණාත්මක නිවසේ වහලය හරියටම හදමු

- ලී පුරුද්දන විට යකඩ ඇණ ගහන්න එපා- මුදුන් යට ලීය නිවසේ හරි මැදට හසු නොවිය යුතුයි- වහලේ යට ලීයේ දෝෂ...

ඔබට හොඳ - නරක ඇතිකරන ඉඩමේ ධන ඍණ පිහිටීම

ලෝකයේ හොඳ සහ නරක කියලා දෙකක් තිබෙනවා. පොදු පිළිගැනීම අනුව සැමට යහපතක් ලබා දෙන සියලු දෑ හොඳ ලෙසද අයහපත උදාකරන දෑ...

ගෙවත්තේ උස ගස් වවන්න එපා අපට ලැබෙන ශක්තිය අඩුවෙනවා

වාස්තු ශාස්ත‍්‍රයේ අවකාශ හතරක් සඳහන් කර ඇත. මානුෂික ස්වරූපයේ ඇති අවකාශය.ඉදිකර ඇති අවකාශය.භූමියේ ඇති අවකාශය.අන්තරීක්‍ෂ අවකාශයයි.වාස්තු ශාස්ත‍්‍රය මගින් මේ අවකාශයන් සියල්ලගේම...

ගැබිනි මවක්‌ සිටින විට නිවාස සෑදීම අසුබද?

තම බිරිඳ හෝ දියණියක හෝ ලේලියක හෝ ගර්භණීව සිටින විට නිවාස සෑදීමට අසුබ දැයි බොහෝ දෙනා විමසති. ගැබිනි මව රටට සම්පතකි....

දෝෂ තිබුණොත් බලපාන්නේ බිරියට

ප්‍රධාන නිදන කාමරය සඳහා ඉතාමත් සුදුසු දිශාවන් කිහිපයක් පවතිනවා. මෙම දශාවන් අතරින් වඩාත් සුදුසුම දිශාව වන්නේ නිරිත දිශාවයි. මීට අමතරව බටහිර,...

සිරිකත පැමිණෙන නිවසක්‌ ඉදිකර ගැනීමට

ගෙයි දිග බෙදමින් නිවසට සතර විදිය දැන සොඳ ලෙසඉන් දකුණට පසක්‌ද වමතට තුන් බාගයක්‌ සලසමින් සෙසු තැන් බලා සොඳින තබනු ගෙදොරකඩ...