කඩ කඩා හදන ගෙදරින් වඩ වඩා හැදෙන දෝෂ

ඇත්තටම ජීවත් වන්න ගෙයක් හදනවා කියන්නේ පූජාවක් කරනවා වගේ වැඩකට. මනා දැනුමකින් හා කරන වැඩේ පිළිබඳව මනා කැපවීමකින්, භක්තියකින් කරන්න ඕනෑ දෙයක්. නිවෙසක් ඉදිකිරීම පිළිබඳව අනුගමනය කළ යුතු විද්‍යාත්මක දේවල් ඒ විදියටම කළොත් තමයි වටින්නේ. ලොකු මුදලකින් අලුත් ගේ හදපු යුවළක් දැන් වැඩිපුර සිටින්නේ යාබදව පිහිටි පැරැණි නිවෙසේ. පැරැණි ගෙදර තිබෙන වාසනාව, සිරියාව තවදුරටත් ඔවුනට මානසික සුවයක්. අලුත් ගෙදර හැදුවේ කඩ කඩා. වෙනස් කර කර වියදම් කළ මුදලුත් ඉමක් කොනක් නැහැ. ඔවුන්ට යා නොදෙන ගතියකුත් දැනුණා. වාස්තු දෝෂ බලන්නට හිතුණෙ ඒව එහෙම වුණාට පස්සෙ. මෙන්න මේ දෝෂ සහිත දේවල් සොයා ගන්නට එහිදී අපිට හැකි වුණා. 

උතුරට පමණක් දොර පිහිටීම : 

මේ ආකාරයට දොර පිහිටීම සුබ දෙයක් නෙවේ. "දුර්මුඛ" කියා හඳුන්වන මෙම වර්ගයේ ගෘහයකින් ප්‍රියභාවය ඇතිකර ගන්න ඉතා අපහසුයි. නිවැසියන්ගේ මානසික අසහනය ඇති වීමටත් මේක එක් හේතුවක්. අනෙක් වැදගත් කාරණය තමයි, ප්‍රධාන දොර පළලට ගැළපෙන උස තිබුණේ නැහැ. මේක ගෘහමූලිකයාටත් ඔහු හරහා සමස්ත නිවෙසටත් දියුණුව සඳහා බලපාන දෝෂයක්. උතුරු දිශාවට දොර  පිහිටුවන්න බිත්තයේ හැඩතල කැපීමත් ගැළපෙන ආකාරයට කර තිබුණේ නැහැ. දොර හරහා අනෙක් පැත්තෙන් ආලෝකය පිටතට ගමන් කරනවා කියන්නේ. ඉතුරුවක් කරන්න කොහෙත්ම අමාරු තත්ත්වයක්.

අඳුරු වර්ණ නිවෙසට සුදුසු නැහැ : 

පඩිපෙළ ඇතුළුව සම්පූර්ණ ගෙබිම කළුවෙන් වර්ණ ගන්වා තිබුණා. "කළු" කියන්නේ ගෙදරකට කොහෙත්ම හොඳ පාටක් නෙවෙයි. මේ වර්ණය යොදනවා නම් අඳුරක් ඇති නොවෙන්න වර්ණ ගැළපීමක් ඇතිව කරන්න ඕනෑ. තනිකරම කළු පාට පරිසරයකදී මනසට දැනෙන සංකෝචන බව, නැත්නම් අදහස් හකුළුවා දැමීම ඉදිරි ගමනකට මහත් බාධකයක්. ආලෝකවත් වර්ණයෙන් නිවෙසට සිරියාවක්, විශාල බවක් දැනීමත් රැගෙන එනවා.

උමං කපොලු ගෙදරට මොකටද : 

අලුත් ගෙදරත් පැරැණි ගෙදරත් අතර තියෙන හිඩැස. යන්න එන්න මේ වගේ ඉඩක් තිබ්බට ඒක මෙහි තියෙන්නේ සිරියාවක් එන විදියට නෙවේ. මේ වගේ කිලිටි, අඳුරු ගුහාවල තමයි අදෘශ්‍යමාන බලවේග රැඳෙන්නේ. දියුණුව හා ගෙදර සමඟිය අඩු වීමටත් මනසට වදදෙන ගැටලුවලටත් මේකත් හේතුවක් වෙනවා. අලුත්, පරණ නිවෙස් දෙකම මේ වාගේ නොගැළපෙන ලෙසට බද්ධව තිබීමත් දෝෂ තත්ත්වයක්.

හිස නැති වාස්තු පුරුෂයා : 

ඊශාන දිශාව හිස් වුණා කියන්නේ වාස්තු පුරුෂයාගේ "හිස" නැහැ කියන එකට. මේ දිශාවේ අඩු පාඩු ඇතිව ගෙයක් හැදීම තුළින් මානසික අසහනය, ගැටලු ඇතිවෙන එක අරුමයක් නෙවේ. ගෙදර හැමෝගෙම මනසට වදදෙන ගැටලු රාශියක්ම බලා ඉද්දිම වගේ දුරු වී ගියේ උපදෙස් අනුව නිවැරැදිව කටයුතු කිරීම තුළිනුයි.මව්බිම

Share This Article

ජල බැස්මද වාස්තු දෝෂ ඇති කරයි

ඉඩමේ බෑවුම වාස්තු ශිල්පීය ක්‍රම වේදයන්ට අනුව ඔබගේ ඉඩමේ ජල බැස්ම සහ වහලයේ ජල බැස්ම නිසි පරිදි තීරණය කිරීම ඉතාමත් වැදගත් අවස්ථාවක්...

සිරිකත පැමිණෙන නිවසක්‌ ඉදිකර ගැනීමට

ගෙයි දිග බෙදමින් නිවසට සතර විදිය දැන සොඳ ලෙසඉන් දකුණට පසක්‌ද වමතට තුන් බාගයක්‌ සලසමින් සෙසු තැන් බලා සොඳින තබනු ගෙදොරකඩ...

භාර්යාව රෝගී කරන නිවෙසේ වාස්තු දෝෂ

“ගමට කලින් හිරු මුළුතැන් ගෙට වඩනා – ඒ හිරු කිරණේ නැණ මල් පොඩි පිපුණා” යන ජනප්‍රිය ගීතය අප සියලු දෙනා අසා...

නිවෙසට වාසනාව උදා කරන ඊසාන දිසාවේ මල් වගාව

අපද්‍රව්‍ය වළ ඊසානට හෝ උතුරට එපානිවෙසේ උතුරු සහ ඊසාන දිශා පිරිසුදුව තබාගත යුතුමයිවසක් යනු විශ්වයේ ශක්තීන් උරා ගෙන එම ශක්තීන් ගබඩා...

දේපළ අහිමි කළ සැලසුමක වරද

සුවිසල් නිවසකි. දැවැන්ත කණු සමූහයක් මැද තේජාන්විත ලෙස නැඟී සිටියි එය. දිශා දක්නයක් (මාලිමාවක්) ගෙන දිශාවන් හඳුනා ගත්තද සැලසුම් සටහනක් නොමැතිව...

පරණ ගෙදරින් ඉවත් කරපු බඩු අලුත් ගෙදරට ගන්න හොඳ නැද්ද?

අලුතින් නිවෙසක් හදන්නේ ඉතා සතුටින් තම ජීවිත කාලය ගත කිරීමටයි. විශාල මුදලක් වැය කර තමා ඉදිකරන්නට යන නිවාසවලට අපි විසින්ම අසුබ...