ගෙයිමුල්ලේ වැසිකිළි වළ දෝෂ ගෙනෙන කල
රාජකරුණා ස්වයං රැකියාවක් කරන දක්ෂ ව්‍යාපාරිකයෙකි. ඔහුගේ මව සහ පියා මහ ගෙදර ජීවත් විය. රාජකරුණා ඊට යාබදව ජීවත් විය. නමුත් හදිසියේම මව රෝගාතුර වී මිය ගියාය. පියාද දැන් අංශභාගය රෝගය වැලැඳී රෝදපුටුවට වැටී ඇත. රාජකරුණා සහ ඔහුගේ බිරිය ව්‍යාපාරික ලෝකයේ කාර්ය බහුල බැවින් තම පියාගේ වැඩකටයුතුවලට වෙනත් කාන්තාවක් සේවයට ගත්තේය. මහ ගෙදර ඇතිවන විවිධ වූ ප්‍රශ්න නිසා රාජකරුණාටද සිතට සහනයක් නොවීය. මෙම පුවත්පත හරහාම විශාල කරුණු රාශියක් ඔබ අධ්‍යයනය කර ඇති නිසා නිවෙස වෙනස් කිරීමෙන් පසු සිදුවී ඇති හානිය ඔබටද පෙනෙනවා ඇති. නිවෙස වෙනස් කිරීමේදී නිවෙසේ අවසාන කෙළවරක මුල්ල වැසිකිළි වළ සීමාවටම ගෙනත් නවතා ඇත. මින් පසු මෙම නිවෙසේ සියලු ප්‍රශ්න හටගත්තේය. නිවෙසේ ප්‍රබල ධන හානි සහ බරපතළ සෞඛ්‍යය ගැටලු හට ගැනීම මින් ප්‍රධාන වෙයි. ඔබ නිවෙසක් ඉදිකිරීමේදී කිසිදු අවස්ථාවක මෙසේ සිදු කිරීමෙන් වළකින්න.
දෙවැනි කාරණය නම් මෙහි ජීවත්ව මියගිය කාන්තාවගේ සහ දැනට රෝගාතුරව සිටින පුරුෂයාගේ උපන් දින 1957 වසරේය. එනම් ෆෙංෂුයි විද්‍යාව අනුව ඔවුන් දෙදෙනාම ඉපදී ඇත්තේ කුකුළාගේ වර්ෂයෙන්ය. එනම් ඔවුන් දෙදෙනාගේම නිල පිහිටා ඇත්තේ නිවෙසේ බස්නාහිර දිශාවේ 252.5ත් 277.5ත් අතරය. නිවෙස ප්රතිසංස්කරණයෙන් පසු ළිප වැටී තිබුණේ මෙම අංශක ප්‍රමාණය අතර සීමාවේය. මින් ඔවුන් දෙදෙනාගේම ශක්තිය හීන වී යයි. එනම් ඔවුන් දෙදෙනාම දැවී පිලිස්සී යන තරමට කඩා වැටේ. කිසිදු අවස්ථාවක නිවෙසේ ජීවත් වන ප්‍රධානීන්ගේ නිල අපිරිසුදු නොවිය යුතුය. එනම් ළිප, නාන කාමරය, වෙනත් අපද්‍රව්‍ය හෝ කුණු බාල්දි වැටීම කොහෙත්ම සුදුසු නොවේ. තවද මොවුන් භාවිත කළ කාමරයේ ඇඳට ඉහළින් විශාල බාල්කයක් ගොස් තිබිණි. කිසි විටෙකත් ඇඳට ඉහළින් බාල්ක තිබීම නොසුදුසුය. විශාල බාල්ක නොවුණත් සමහර නිවෙස්වල මදුරු දැල් සවි කිරීම සඳහා වෙනත් යකඩ පොලු සවි කර ඇති අවස්ථාද ඇත. හැකිනම් ඇඳ එම ස්ථානයෙන් ඉවත් කළ යුතු අතර එසේ නොහැකි නම් බට 5 වින්චයිම් සීනු සවි කිරීමෙන් එහි එන අහිතකර කිරණ ශක්තිය මැඬලිය හැකිය. සෑම අවස්ථාවකම ඇඳ යට හිස් කර තැබිය යුතුය.
බොහෝ නිවෙස්වල සියලුම පරණ බඩු ඇත්තේ ඇඳන් යටය. මෙය ඉතාම අසුබය. මෙසේ තැබීමෙන් අඹු - සැමියන් අතර ගැටුම් ඇතිවීම, මානසික පීඩාවන්ට ලක්වීම සිදුවෙයි. නිදන ඇඳ කිසිවිටෙකත් මුහුණ බලන කණ්ණාඩියකින් පෙනෙන අයුරු තැබීමෙන් වළකින්න. මෙවන් පිහිටීමකින් බොහෝ විට පවුල් ජීවිතයකට තුන් වැන්නකු පැමිණීමට සිදුවී පවුල් විනාශ වී යයි. කණ්ණාඩිය ඉවත් කිරීමට නොහැකි නම් ගනකම් තිර රෙද්දකින් වසා තබන්න.
මව්බිම
වාස්තු දෝෂ සඳහා පිළියම් යෙදූ නිවෙසක් හෝ වාස්තු නිවැරදි නිවෙසක් ශක්තිමය හෝ භෞතික වශයෙන් බලගැන්වීමක් සිදුකිරීමෙන් ඉක්මන් ප්‍රතිඵල ලබා ගැනීමටත් ප්‍රතිඵල...
මිනිසා යනු ස්වභාවධර්මයාගේ නිර්මාණයකි. එම නිර්මාණයන්ට අවශ්‍ය අංග අවශ්‍ය පරිදි නිසි ලෙස යෙදීම ස්වභාවධර්මයෙන් කිරීම හා කුසලතාවයන් ඇති ඇස්, කට, නාසය,...
පසුගිය සතියේ එකම ආකාරයට පැවති නවීන පන්නයට ඉදිකළ නිවාස දෙකක් පළාත් දෙකකින් පරීක්ෂාව සඳහා සහභාගිවීමට අවස්ථාව ලදිමි. ඉතා විශාල පිරිවැයක් දරමින්...
අඩුම තරමින් අඩි 10ක් පළල විය යුතුයිගුරු – සිකුරු 5, 6 කොටස් ගේට්ටුවට ඉතා සුබයිගේට්ටුව තබන්නට පෙර නිවසේ ඉදිරිපස මායිම කොටස්...
ගෙයක් කියන්නේ අපේ මුළු ජීවිතයේම තිබෙන වැදගත්ම නවාතැන බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනේ. උදේ ඉඳන් හවස් වෙනකම්ම පුදුම විදියට මහන්සි වෙලා...
සෑම ජන්ම භූමියකුම උපතේ සිට මරණය දක්වා කාලය නිවෙසක් තුළ ජීවත් වීම සිදුකරයි. එය මිනිසාගේ මූලික අවශ්‍යතාවයකි. එහෙයින් තමාටම කියා නිවෙසක්...