ගෙදර කෑම මීයො කනවා නම් භූමි දෝෂ

වල් මීයා, බටු මීයා, හික් මීයා, උෟරු මීයා නොහොත් මීමින්නා යන නමින් ලංකාවට ආවේණික වූ මී වර්ග කීපයකි. ප්‍රමාණයෙන් සහ වර්ණයෙන් එකිනෙකට වෙනස් වන වර්ණ කීපයකින් යුත් මීයා ධාන්‍ය වර්ග, පලතුරු ආදියට ප්‍රිය මනාප වෙයි.

  • මිනිසාට විශේෂයෙන් නිවෙසේදී අහිතකර සතෙකි. නුවණට අධිපති ලෙස සැලකෙන, ගණ දෙවියන්ගේ වාහනය වන මීයා මුල් තැනක් ගනු ලබන අතර වේ හුඹස්, කූඩු ආදියේ වෙසෙයි. නිවෙස්වලට නිතර ඇදී එන බටු මීයා, හික් මීයා නිවෙසට නිවැසියන්ට දෝෂ ඇති කරයි.
  • බටු මීයන් නිදන කාමරයේ ලැගුම් ගනී නම් ගෙහිමියාට අපල වෙයි.
  • හික්මීයන් මුළුතැන්ගෙයි උයන පිහන දේ කාදමයි නම් භූමි දෝෂයකි. නිවෙසේ එක් අයකු තනි වෙයි.
  • රාත්‍රි නිදි යහනට හෝ නිදි පැදුරට එන බටු මීයන් පාදයේ ඇඟිලි නියපොතු කා දමයි නම් හය මසකට ලැබීම් අහිමි වෙයි. පහත් තත්ත්වයකට පත්වේ.
  • මීයන් කන ලද කෑම බීම කැවුණේ හෝ පෙවුණේ නම් ඇදුම රෝගය හට ගනී. නිතර උණ රෝගය වැලඳෙයි.
  • හික් මීයා කුඹුරු නියර ආදිය හාරමින් හුඹස් බඳී නම් එම වගාවන් පාළු වෙයි.
  • හික් මීයා සපාකයි නම් කුජ දෝෂයකි.
  • මී පැටවුන් මැරී සාලයට වැටේ නම්, තද බල අෂ්ටම බහිරව දෝෂයකි. එම නිවෙසේ සියලු ධනය විනාශ වේ.
  • ගෙදර ප්‍රධාන මුල්ලක මීයන් හුඹස් මුල වසයි නම්, එම දිශාවෙන් ධනය හානි වෙයි.
  • මීයන් ගෙදර ඉදිරිපිට හෝ ගේ ඇතුළෙ පොරකයි නම් ගණ දෙවි බාරයක් ඔප්පු නොකළ බවකි.
  • නිවෙසේ ආරක්ෂාවට තැබූ මුදල් බැංකු පොත් හඳහන් මීයන් කාදමයි නම්, එම නිවෙසේ තද බල පාද දෝෂයක් හෝ වාස්තු දෝෂ මතු වෙයි.

උපුටා ගැන්ම- මව්බිම පුවත්පත

Share This Article

නිවෙසට ධන වාසනාව ගලා එන්නේ කොතැනින්ද?

මිනිසුන්ට තමන්ගේ ජීවිතය පහසුවෙන් ගත කිරීමට ධනය අවශ්‍ය වන බව ඔබ දන්නවා. ධනයෙන් හීන වන කෙනාගේ ජීවිතය සුවපහසුවට ගතවන්නේ නැහැ. ලෞකික...

ගෘහයට මුල්ගල් තැබීම ආවට ගියාට නොකල යුතුයි

බක් මාසය, මාර්තු 15 සිට අප්‍රේල් 15 දක්වා යෙදේ. මේ කාලපරාසය තුළ රවි රාශි චක්‍රයේ අවසාන රාශිය වූ මීන රාශියේ ගමන්...

වාස්තු වලට අනුව ගෙයක් හදමු

නූතන කාලයේ ආලින්දයට වඩා අලංකාරව, මුළුතැන්ගෙය ඉදිකර ගැනීමට බොහෝ දෙනකු රුචිකත්වයක් දක්වයි. එය ඉතා හොඳ වාස්තු ප්‍රවණතාවයකි. නිවසට පැමිණෙන අමුත්තකුට වූවද...

මුල්ගල තැබීමේ ඉපැරැණි රහසක්

නිවෙසක් ඉදිකිරීම ආරම්භ කරන්නේ කෙසේද? සාම්ප්‍රදායිකව නිවෙසක් ඉදිකිරීම ආරම්භ කිරීමේදී ලබාගන්නා ප්‍රධාන නැකැත් තුනකට අනුකූලව. කූඤ්ඤ ගසා ලණු ඇදීම පස් කැපීම...

නිවසේ ඉදිකිරීම් නතර වෙලාද? ආයෙත් පටන් ගන්නේ මෙහෙමයි

සුනිමල් හා යශෝධරා තමන්ගේම කියා නිවසක් සාදා ගැනීමට බොහෝ සිහින මැව්වෝය. මේ අනුව නිවාස ණයක් ලබා ගත් යුවළ ශුභ තැනකට...

සතුරු පීඩාවන්ට ලක්කරන ප්‍රධාන ද්වාරයේ වේධ දෝෂයන්

ප්‍රධාන උළුවස්සට කෙළින් ඉදිරියෙන් කොන්ක්‍රීට් කණුවක්, පොඩියට පවතින උස බිත්තියක කණුවක් නිසා ඇතිවෙන දෝෂය නම් ස්ථම්බවේධ දෝෂයයි. මෙය බොහෝ නිවෙස්වල දක්නට...