ඉසුරු පාදයේ දොරෙන් ගලන වාසනාව

මවකගෙ එකම පැතුම තම දරුවන් සතුටින් සිටිනු දැකීමයි. දරුවකු මෙලොව බිහිවූ දා පටන් මවක් මිය යන තෙක් තම දරුවන් වෙනුවෙන් සිදුකරනා යුතුකම් කිසිදු විටෙක අවසන් නොවේ. දරුවන්ගේ සතුට මවකගේ සතුටයි. දරුවකුගේ කඳුළු මවකගේද කඳුළයි. මා මේ කියන්නට යන්නා වූ කතාව සිදුවී වසර ගණනක් ගතවී ඇතත් එය ඔබ හා පැවසීමට හොඳම කාලයයි මේ. මෙම ගෘහයේ ජීවත් වූයේ රෝගී මව සහ ඇගේ පුතකු පමණි. ගණකාධිකරණ විෂයය ඉහළින්ම සමත්වී, බි්‍රතාන්‍යයේ ඒ සම්බන්ධ වසර 5ක පශ්චාත් උපාධියක්ද ලබා එරට උසස් ගණකාධිකරණ ආයතනවල සාමාජිකත්වය ලබා ගරුබුහුමන් හිමි වුවද මෙරටදී ඔහුට අධ්‍යාපනයට සරිලන රැකියාවක් ලැබී නොතිබිණි. කෙතරම් විදෙස් ගතවීමට උත්සාහ කළද ඒවා වැළකී ගියේද නොසිතූ අයුරිනි. වයස 38ක් පමණ ගත වුණද, කෙතරම් උසස් විවාහයක් සිදුකර ගැනීමේ හැකියාව තිබුණද, විවාහ වීමට ඔන්න මෙන්න තිබියදී ඒවාද කඩාකප්පල් වූයේ නොසිතූ අයුරිනි. තමාට මෙලෙසින් ජීවිතයේ අත්විඳින්නට සිදුවූ අමිහිරි කටුක අත්දැකීම් නිසා දැඩි චිත්තපීඩාවට හසුව හුදකලා ජීවිතයකට ඔහු නැඹුුරු වී තිබිණි. මෙවන් තත්ත්වයක් ඇතිවීමට හේතු පාදක වූ වාස්තු දෝෂ පෙන්වාදී ඒවාට ලබාදුන් පිළියම් මෙසේය.

ඉසුරු පාදයේ දොර වාස්තු පුරුෂයාගේ ඇස්දෙක නිවෙසේ ප්‍රධාන දොර බව දැන් ඔබ හොඳින් දන්නවා ඇත. ඉසුරු පාදයේ පිහිටි දොර මඟින් ධනය මෙන්ම උසස් අධ්‍යාපනය ජන්මියාට ලබාදුනි. මෙම නිවසේ පිහිටි සුබම පිහිටීම එයයි. බ්‍රහ්ම පාදය දුර්මුඛවීම මෙහි බ්‍රහ්මපාදය පිහිටා තිබුණේ ජීවාගාරයේ හෙවත් සාලයේය. එහි මත කිසිදු ඉදිකිරීමක් සිදුනොකර නිදහස්ව පිහිටා තිබුණත් බ්‍රහ්ම පාදයට මුහුණලා නාන කාමරයක් පිහිටා තිබිණි. එමෙන්ම බ්‍රහ්ම පාදය මඟින් ජනනය කරන්නා වූ ධන විශ්ව ශක්තිය නිවෙස පුරා විහිදුවනු ලබන වේධන්තර රේඛාවක් නාන කාමරය හරහා වැටී තිබිණි. මෙමඟින් බ්‍රහ්ම පාදය මඟින් නිකුත් කරන්නා වූ ධන ශක්තීන් විකෘති කෙරේ. මෙයින් නිවැසියන්ගේ කායික, මානසික සතුට පිරිහේ. ජීවිතයේ හිස් බවක් ඇතිවේ. බොහෝ දේවල් ලැබීමට හිමිකම් තිබුණත් ඒවා ජිවිතයට නොලැබී යයි. නිවෙසට නව කොටසක් නාන කාමරය එම ස්ථානයෙන් ඉවත් කරන ලෙස හෝ බ්‍රහ්ම පාදය සක්‍රිය කිරීම සඳහා නිවසට නව කොටසක් එකතු කරන ලෙස උපදෙස් දුනි. නිවෙස තුළ දෙවියන්ට පහන් දැල්වීම මෙම නිවසේ අඳුරු කොටසක දෙවියන් වෙනුවෙන් පහන් දල්වමින් පුද පූජා කර තිබිණි. දෙවියන් වෙනුවෙන් නිවෙස තුළ පහන් දැල්වීම සිදු නොකළ යුතුය. එමඟින් යහපතට වඩා අයහපත උදාවේ. එලෙසින් සිදුකළ වතාවත් නිවෙසින් එළියේ කුටියක සිදුකිරීමට උපදෙස් දුනි. ඉඩමේ හැඩය මෙම නිවස පිහිටියේ සකට භූමියක් හෙවත් කරත්තයක හැඩය ගත් භූමියකය. මෙවැනි ඉඩම්වල ජීවත් වීමෙන් නිතර ශෝකය හට ගනී. ඉඩම ඍජුකෝණාස්‍රාකාර හැඩයකට සකස් කරගැනීමට උපදෙස් දුනි. මේ සියලු වෙනස්කම් සිදුකිරීමෙන් වසර 03කට පමණ පසු විවාහ වී විදෙස් රටක ගණකාධිකාරිවරයකු ලෙස සේවය කිරීමට ඔහුට හැකිවිණි.

උපුටා ගැනීම මව්බි.

Share This Article

ව්‍යාපාර බිමට ඇද දමන නාම පුවරු

බොහෝ දෙනෙකු තම බිලිඳාට නම තැබීමේ පටන් වෙලෙඳ ව්‍යාපාරයකට නම තැබීම දක්වා කටයුතු කරන්නට පුරුදුව සිටින්නේ ජ්‍යොතිෂයට අනුවය. එ නිසා ජ්‍යොතිෂ්...

ඔබටත් නොදැනී ගෙට රිංගන වාස්තු දෝෂ…

අපේ දේශීය සාම්ප්‍රදායික පාරම්පරික මහා වාස්තු විද්‍යාවේ ආරම්භය කෙදිනක දැයි සොයා බැලීම අතිශයින්ම අපහසු වේ. ඉපැරැණි ඍෂිවරුන් දහඅට දෙනකු ලොවට ප්‍රකාශ...

අපල නොවන්නට මංගල උලුවස්‌ස වෙනස්‌ කරන්නේ මෙහෙමයි

ඊයේ තිබුණ දේ අද වෙනස්‌ වී අද පවතින දේ හෙට වෙනස්‌ වන කිසිවක්‌ ස්‌ථිරව නොපවතින ලෝකයක ජීවත් වන අපට අප විසින්...

ගහ කොළවල ඇති ගුප්ත බලය

ගහ කොළ සතා සීපාවා හා මිනිසා අතර නොසිදෙන සබඳතාවක් පවතී. මිනිසා ජීවත් වන්නේ ගහකොළ, සතා සීපාවුන්ගේ පිහිට නිසාය. ගවයා නොමැති නම්...

වහලයේ වාස්තු දෝෂ ගෘහණියට බලපාන හැටි

නිවෙසක් ගෘහයක් ලෙස පිළිගැනීමට එම නිවෙසට වහලයක් තිබිය යුතුයි. වහලයක් නැති නිවෙසක් කිසිදාක ගෘහයක් වන්නේ නැහැ. වාස්තු ශිල්පයට අනුව වහලය යනු...

නිවෙසට ධන වාසනාව ගලා එන්නේ කොතැනින්ද?

මිනිසුන්ට තමන්ගේ ජීවිතය පහසුවෙන් ගත කිරීමට ධනය අවශ්‍ය වන බව ඔබ දන්නවා. ධනයෙන් හීන වන කෙනාගේ ජීවිතය සුවපහසුවට ගතවන්නේ නැහැ. ලෞකික...