මහා ධනස්කන්ධයක් අහිමි කළ චෞර පාදය

එක්තරා දිනයක වාස්තු පරීක්‍ෂාවක් සඳහා මා පිටත්ව ගියේ නිවැසියන් විසින් හැරදමා ගොස් තිබූ නිවෙසකටය. නිවෙසේ අයිතිකරු මෙන්ම වෙනත් සාමාජිකයන් තිදෙනකු පමණක් එහි සිටියත් නිවෙසේ තිබුණේ මහා අඳුරු මූසල බවකි. නිවැසියා නිවාස සැලසුම මා අත තබන විට මා ඔහුගෙන් විමසා සිටියේ නිවෙස කෙතරම් කලක් වසා දමා තිබුණේද යන්නයි. නිවෙසේ කොටසින් කොටස පරීක්‍ෂා කරන විට එහි ගැබ්ව තිබූ ශෝකාන්තය සොයා ගැනීමට මට හැකිවිය. මේ ඔවුන්ගේ කතාවයි.

වසර ගණනක් විදෙස් රටවල්හි සංචාරය කරමින් වැවිලි කර්මාන්තයට අයත්වූ යම් අපනයන ව්‍යාපාරයක නිරතවූ මේ මහතාගේ ලක්‍ෂ ගණනක ධනස්කන්ධයක් සොරුන් විසින් සොරාගනු ලැබුවේ එක් අඳුරු රාත්‍රියක මුළු පවුලේම ජීවිතයේ පැතිකඩක් කඩා ඉහිරවමින්ය. ධනය අහිමිව ජීවිත පමණක් ඉතිරි වූයේ නිවැසියන් සියල්ලෝම ව්‍යාපාරික සාදයක් සඳහා පිටත්ව ගොස් සිටි බැවිනි. කෙතරම් මුදලක් ඔහුට අහිමි වුවද ඔහු සවිමත් සිතින් පසු වූයේ ව්‍යාපාරයේ සාර්ථක භාවය ගැන සිතාය. නමුත් මාස 02ක් පමණ වන විට එයද සිහිනයක් බවට පත්වූයේ සේවකයන් පිරිසක් විසින් මූල්‍ය වංචා සිදුකොට ව්‍යාපාරය බංකොලොත් වන මාවතට ඇද දමා තිබූ බැවිනි. ඔහුට සියල්ල එපාවිය. දුක් මහන්සියෙන් ඉදිකළ තම නිවෙස හැර දමා යන්නට අන්තිමේදී ඔහු තීරණය කෙළේය. වසර පහක් ගතවිය. මා එම නිවෙස පරීක්‍ෂා කොට වාස්තු දෝෂ ඉවත් කළේ මෙසේය. 

1 නිවෙසේ ඉදිරිපස චෞර පාදයේ දොර

:

වාස්තු විද්‍යාවේදී වාස්තු පුරුෂයාගේ ඇස්දෙක නිවාසයේ ප්‍රධාන දොර බව මා මින් පෙර පවසා ඇත. වර්තමානයේදී බොහෝ දෙනෙක් දිශාවට පමණක් මුල්තැන දෙති. දිශාව කෙතරම් ශුභ වුවද ප්‍රධාන දොර අශුභ පාදයක තිබේ නම් ප්‍රතිඵල ලබානොදේ. මෙම නිවෙසේ ප්‍රධාන දොර තබා තිබුණේ චෞරපාදයේය. චෞරපාදයේ දොර තිබුණහොත් සෘෂිභාෂිතයේ සඳහන් පරිදි සොර බිය ඇති කරවයි. ජීවිත අහිමි වන්නේද, ව්‍යාපාරවල වංචා දූෂණ, සතුරු කරදර ඇති කරවන්නේද චෞර පාදයයි. මෙලෙස පිහිටි විට ඉහළ සාර්ථකත්වයට පත් ජීවිත හිටි හැටියේ කඩා ඉහිරවයි. දොර චෞර පාදයෙන් ඉවත් විණ.

2. වැසිකිළි වළක් අසල පූජා කුටියක් තනා තිබීම

:

අධික දේව භක්තිය නිසා නිසි දැනුමකින් තොරව දේව ඇදහීමේ කටයුතුවල නිරතවීමෙන් සැපයට වඩා විපත් ළංවේ. මෙම නිවෙසේ පූජා කුටිය වැසිකිළි වළක් අසල සාදා තිබුණේ නොදැනුවත් බව නිසා වුවද එයද පිරිහීමට මුලකි. සතුරු කරදර ළඟාවේ. නිසි පිළිවෙළකට වතාවත්වල නිරත නොවුවහොත් ජීවිත කඩා වැටේ. පූජා කුටිය එම ස්ථානයෙන් ඉවත් කරන්නට උපදෙස් දුන්නෙමි. 

3. දේව රූප ගිනිකොන දෙස බලා සිටීම

:

දේව රූප, බුද්ධ රූප ස්ථාපිත කළ යුත්තේ නැඟෙනහිර, ඊසාන යන දිශාවන්වලටය. ගිනිකොන දිශාවට දේවරූපවල නෙත් යොමුකොට තිබූ විට ගෘහ මූලිකයාගේ පිරිහීම ඇති කරයි. මම එයද පෙන්වා දුන්නෙමි. 

4. ප්‍රධාන දොර ඉදිරිපිට තනා තිබූ වැරන්ඩා කණුව

:

මෙය ස්තම්භ වේදයයි. නිවැසියන්ගේ ජීවිතවලට අවහිරතා ඇති කරවයි. විශේෂයෙන් නිවෙසේ පසුවන කාන්තාවන්ට බාධක තත්ත්වයක් ඇති කරවයි. දොර ඉවත් වීමත් සමඟ කණුවද ඉවත් විය. මෙම දෝෂය ඉවත් කිරීමෙන් පසු නිවැසියන් නැවත පදිංචියට පැමිණි අතර නැවතත් ව්‍යාපාර ගොඩ නඟා ගනිමින් ඔවුන් සුවසේ දිවි ගෙවති.

දියවර සපයමින් කෙත්වතු පෝෂණය කළ ජලාශයක වේලි බිඳී ගියහොත් කෙත්වතු ගම්බිම් පාළුවේ. ජීවිතය යනු ඇතිවෙමින් පවතිමින් නැතිව යන්නකි. එය දැන අනාගත සුරක්‍ෂිත භාවයකින් කටයුතු කළ හොත් කෙතරම් ජීවිත පාළු වුවද නැවත අස්වැද්දිය හැකිය.

උපුටා ගැනීම මව්බිම

Share This Article

නිවස ඇතුළට හැරී ආහාර පිසීම අසුබයි

සෑම දෙයක්‌ම සිදු කළ යුතු නිසි පිළිවෙලක්‌ පවතිනවා. අප විසින් නිවැරදි දෙයක්‌ කළ ද නිසි පිළිවෙලට සිදු නොකළහොත් එයින් අපට ලබා...

කේස් නැති ස්ටෙයාර් කේස් එකකට හොඳම දිශාව

ඉංග්‍රීසි ව්‍යවහාරයෙන් ‘ස්ටෙයා කේස්’ යනුවෙන් හඳුන්වනු ලබන්නේ පඩිපෙළ බව අපි දනිමු. අතීතයේ දී පිටගැටපෙළ ලෙස හඳුන්වනු ලැබුවේද එයම වේ. කෙසේ වුවද...

වාස්තු වලට අනුව ගෙයක් හදමු

නූතන කාලයේ ආලින්දයට වඩා අලංකාරව, මුළුතැන්ගෙය ඉදිකර ගැනීමට බොහෝ දෙනකු රුචිකත්වයක් දක්වයි. එය ඉතා හොඳ වාස්තු ප්‍රවණතාවයකි. නිවසට පැමිණෙන අමුත්තකුට වූවද...

කැඩීම් බිඳීම්වලින් තොරව නිවෙස්‌ දෝෂ ඉවත් කරගන්න

සෑම දෙනෙකුටම නිශ්චිත ගමන් මාර්ගයක්‌ සහ ඉලක්‌කයක්‌ තිඛෙනවා. ඔබ ගමනක්‌ යාමට බස්‌ රථයකට ගොඩ වුවහොත් එම බස්‌ රථය ඔබව ගමනාන්තය දක්‌වා...

නිවසට කොටසක්‌ එකතු කිරීමේදී මේ ගැනත් දැනගන්න

කාලයක්‌ සමග සියල්ල වෙනස්‌ වෙනවා. වෙනස්‌ නොවන කිසිදෙයක්‌ නොමැති අතර වෙනස්‌ නොවන එකම දෙය වෙනස්‌ වීම පමණක්‌ බව ඔබ අසා ඇති...

දරුඵල අහිමි කරන වාස්තු දෝෂ

තම පුතාට හෝ දියණියට නිසිකල ආ විට සුදුසු විහායයක් කරදීමට එම දෙමාපියන් උත්සාහ කරන්නේ තමන් මිය පරලොව යාමට පෙර දරු මුණපුරෙකු...