Biz Log
Classifields
Biz Log
Classifields

ගිනි කතුර පිළිබඳ නිවැරැදි වාස්තු මතය

වාස්තු දෝෂ පිළිබඳ මත රැසක් ඇත. එයින් ප්‍රබල සංකල්පයක් ලෙස ගිනි කතුර සංකල්පය හඳුන්වා දිය හැකිය. මේ ආකාරයටම ගෘහයක දිග සහ පළල පිළිබඳ සොයා බලා ගෘහ පිණ්ඩය සකස් කරන පිළිවෙත්ද නිවැරැදි නොවේ. නූතනයේ නිවාසවල විවිධාකාර හැඩතල පවතින බැවින් ගෘහයක නිශ්චිත දිගක් හෝ පළලක් ගැනීම කිසිසේත් කළ නොහැකිය. එම නිසා නිවැරැදි ක්‍රමය වන්නේ, එම ගෘහයට යට වන බිම් ප්‍රමාණය නැත්නම් ගෘහයේ ‍දොරවල් ජනෙල් වැසූ පසු නිවෙස තුළට අයත් වන වර්ග අඩි ප්‍රමාණය ගණනය කිරීමයි. ඒ තුළින් වර්ග වඩු රියන් ප්‍රමාණය ගණනය කොට ගෘහයේ නැකැත සකස් කිරීම නිවැරැදි ක්‍රමය වේ. ඔබගේ අවධානය යොමු කිරීමට උත්සාහ කළේ ගිනි කතුර නමැති සංකල්පය කිසිසේත්ම බලගතු හෝ ප්‍රායෝගික හෝ නොවන සංකල්පයක් බව පෙන්වා දෙමි. මෙම ක්‍රමය වාස්තුවේදී යොදා ගනු ලබන්නේ ගෘහයක බ්‍රහ්ම පාදය සොයා ගැනීම උදෙසා වේ. එහිදී නිවෙසේ මුළු කැපෙන පරිදි යොදන රේඛාව ඡේදනය වන ලක්ෂ්‍යය එම ගෘහයේ බ්‍රහ්ම පාදය නැත්නම් මධ්‍ය ලක්ෂ්‍යය ලෙස සැලකෙන අතර එම රේඛාවට ‍දොරවල් ජනේල කැපී යෑම කිසිසේත්ම දෝෂයක් නොවන බව ඔබගේ යහපත සහ වාස්තු ශිල්පයේ යහපත පිණිස පෙන්වා දෙනු කැමැත්තෙමි.

උපුටා ගැනීම මව්බිම පුවත් පත

Share This Article

හිස නැති ගෙවල් හදා දුකට පත්වෙන්න එපා

පසුගිය සතියේ එකම ආකාරයට පැවති නවීන පන්නයට ඉදිකළ නිවාස දෙකක් පළාත් දෙකකින් පරීක්ෂාව සඳහා සහභාගිවීමට අවස්ථාව ලදිමි. ඉතා විශාල පිරිවැයක් දරමින්...

නිවෙසට ධන වාසනාව ගලා එන්නේ කොතැනින්ද?

මිනිසුන්ට තමන්ගේ ජීවිතය පහසුවෙන් ගත කිරීමට ධනය අවශ්‍ය වන බව ඔබ දන්නවා. ධනයෙන් හීන වන කෙනාගේ ජීවිතය සුවපහසුවට ගතවන්නේ නැහැ. ලෞකික...

මුල්ගල තැබීමේ ඉපැරැණි රහසක්

නිවෙසක් ඉදිකිරීම ආරම්භ කරන්නේ කෙසේද? සාම්ප්‍රදායිකව නිවෙසක් ඉදිකිරීම ආරම්භ කිරීමේදී ලබාගන්නා ප්‍රධාන නැකැත් තුනකට අනුකූලව. කූඤ්ඤ ගසා ලණු ඇදීම පස් කැපීම...

ගේට්ටුව නියම තැන නම් ගෙදරදොර සතුට උතුරයි

අඩුම තරමින් අඩි 10ක් පළල විය යුතුයිගුරු – සිකුරු 5, 6 කොටස් ගේට්ටුවට ඉතා සුබයිගේට්ටුව තබන්නට පෙර නිවසේ ඉදිරිපස මායිම කොටස්...

පිරිසිදු කමත් පිළිවෙළත් ඇති නිවෙසට වඩින සිරිකත

කොළඹට මඳක් දුරින් පිහිටි මෙම නිවෙස තනි වහලේ උළු සෙවිලි කළ තරමක් පැරැණි එකක්. පවුලේ අය වැඩිහරියක් වරින්වර විදේශ ගතවී සිටින්නට...

මංගල උළුවස්‌ස තැබීමට “ද්වාර චක්‍රය”

ශ්‍රී කාලිදාසයන්ගේ “උත්තර කාලාමෘතය” ජ්‍යෙතිෂ ග්‍රන්ථයේ වාස්‌තු විද්‍යාව පිළිබඳව කරුණු රැසක්‌ සඳහන් වන අතර, මෙහි පහත විස්‌තර කෙරෙන “ද්වාර චක්‍රය” උපුටා...