නාන කාමරය දෝෂ සහිත නම් අමනුෂ්‍ය බලපෑම්

මෙම ලිපියෙන් අපේක්‍ෂා කරන්නේ වැසිකිළි, නානකාමර, වැසිකිළිවල අප ජලය ආදිය නිසි ලෙස ස්ථාන ගත කරන්නේ කෙසේද යන්න පිළිබඳ දැනුම්වත් කිරීමටයි. වාස්තු ශිල්පීන්ගේ මූලිකම වාස්තු සිද්ධාන්තය වන විශ්ව ශක්ති සම්ප්‍රේෂණ රේඛා වැටී ඇති ඊශාන, නිරිත, දිශාවන්ගේ කිසියම් දුර්වලතාවක් ඇතිවන්නේ නම් ඒ සඳහා සෘජුව දායක වන ගෘහ අංග ලෙස සනීපාරක්‍ෂක පරිශ්‍රයන් හඳුන්වාදිය හැකිය. මේ නිසා ඔබගේ ගෘහයේ එවැනි පරිශ්‍රයන් නිසි ලෙස පිහිටුවා ගැනීමේ මූලිකම සිද්ධාන්ත කල් ඇතිව හඳුනාගැනීම නිවෙසේ වාස්තු දෝෂ දුරුකර ගැනීමට මහඟු රුකුලකි. මීට දශක ගණනාවකට පෙර ග්‍රාමීය නිවාසවල වැසිකිළිය නිවෙසින් පිටත ස්ථාන ගත කොට තිබූ බැවින් එහි ප්‍රබල බලපෑම් නිවෙසට කාන්දු වූයේ නැත. එහෙත් ඉඩම සීමා වීම සහ අවශ්‍යතා සංකීර්ණ වීමත් සමඟ වැසිකිළි පද්ධතිය නිවෙස තුළ අත්‍යවශ්‍ය අංගයක් විය. එසේම පෙර නිවෙසකට එක් වැසිකිළියක් තිබුණද නූතනයේ එක් නිවෙසකට වැසිකිළි දෙක තුනක් ඇත. එසේම සමහර නිවාසවල සෑම කාමරයකටම යාබද වැසිකිළි යෙදීම අද දක්නට ලැඛෙනවා. එබැවින් අප නූතනයේ නිවාස සැලසුම් කිරීමේදී මේවා නිසිලෙස ස්ථානගත කිරීම පිළිබඳ දැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.

වැසිකිළියට නුසුදුසු දිශා හා ස්ථාන :

  • ඊශාන දිශාව
  • නිරිත දිශාව
  • නිවෙස මැද
  • පඩිපෙළේ යට සුදුසු දිශා පිළිබඳ අවධානය යොමු කිරීමේදී වයඹ, ගිනිකොන, දකුණ, බස්නාහිර ඉතා සුදුසුය.
  • උතුර, නැඟෙනහිර මිශ්‍රපල සහිතය.

වැසිකිළි සඳහා නුසුදුසු ඊශාන සහ නිරිත දිශා තුළ නාන කාමර පමණක් අපට යෙදිය හැකිය. එසේ වුවද එම දිශාවන්ගේ මධ්‍ය රේඛාවට එනම් අංශක 22 1/2 රේඛාවට හසු නොවන පරිදි නාන කාමර යෙදීමට වගබලා ගත යුතුය. එසේම වැසිකිළි වළවල් හා නිවෙස අපජල වළවල් කිසිම විටක නිරිත දිශාවේ යෙදීම නොකළ යුතු බව පෙන්වා දෙන අතර ඊශාන දිශාවේ මධ්‍ය රේඛාවට හසු නොවන ලෙස භූමිගතව ඒවා යෙදීම අයහපත් නොවන බව පෙන්වා දෙමි. එසේම කිසිම විටක වැසිකිළි වළ හෝ අපජල වළවල නිවෙසේ මුළුවලට හසුනොවන ලෙස යෙදීමට වගබලා ගත යුතුය. භූමියේ ඉඩ තිබේ නම් ප්‍රධාන උළුවස්ස මෙන් දෙගුණයක් එනම් අඩි 12කට එහායින් වැසිකිළි වළ ස්ථානගත කිරීම ඉතාමත් යහපත්. නිවෙසේ වැසිකිළි වළ යොදා තිබීම ඉතාමත් දෝෂසහගතය. ප්‍රධාන උළුවස්සට ඉදිරියෙන් යෙදීමද නොකළ යුතුවේ. නිවාස සෑදීමේදී සිදු කරනු ලබන විශාල වැරැද්දක් පෙන්වා දෙමි. එනම් වැසිකිළි බට හා අපජල හෝ වැසි ජල බට නිවෙසේ බ්‍රහ්ම පාදයට හසුවන ලෙස නිවෙස මැදින් රැගෙන යෑම. මෙය කිසිම විටක නොකළ යුතුය. සෑම විටම වැසිකිළි ස්ථානගත කිරීමේදී පිටත බිත්තිවලට යෙදීම තුළින් නිවෙස මැදින් බට ගෙන යෑම වළක්වා ගත හැකිය. නිවෙසේ මධ්‍ය ලක්‍ෂ්‍යය හසුවන පරිදි විටෙක වැසිකිළි නොයෙදිය යුතු අතර ප්‍රධාන නිදන කාමරයට වැසිකිළි සම්බන්ධ කිරීමේදී හැකිතාක් කාමරයට සම්බන්ධ කිරීමේ පරිශ්‍රයේ ඉඩ පාඩු ඇති කළ යුතුය. කාමරයේ සිට එක එල්ලේ වැසිකිළිය දර්ශනය නොවන ලෙස සැලසුම් කළ යුතුය. ඉඩකඩ සීමාසහිත නම් එවැනි ස්ථානවල කාමරයට සම්බන්ධ කොට වැසිකිළි නොයෙදිය යුතුය. නිවෙසේ ඇතුළත වැසිකිළිවලට අමතරව නිවෙස පිටතින් සේවක වැසිකිළි ඉදිකිරීම අද සුලබව දක්නට ලැඛෙනවා. සේවක වැසිකිළි නිවෙසේ බිත්තිවලට සම්බන්ධ කිරීමේදී කිසිම විටක නිවෙසේ මුළු යොදා නොගන්න. එසේම පහත සඳහන් දිශා පරාස ඒ සඳහා යොදා නොගැනීමට උනන්දු විය යුතුය.

  • උතුරු දිශා බිත්තියේ මධ්‍ය ලක්‍ෂ්‍යයේ සිට දකුණට හා නැඟෙනහිර දිශා බිත්තියේ මධ්‍ය ලක්‍ෂ්‍යයේ සිට වමට අයත් අංශක 90 කොටස
  • දකුණු දිශා බිත්තියේ මධ්‍ය ලක්‍ෂයේ සිට දකුණට හා බටහිර දිශා බිත්තිය සිට වමට ඇති අංශක 90ක කොටස ඉහත දක්වන ලද දිශා කෝණයන්ට අයත් නොවන ලෙස නිවෙසේ සේවක වැසිකිළි එකතු කරන්න.

එසේම වැසිකිළි සඳහා කොමඩ් සවිකිරීමේදී සැම විටම නිවෙස ඇතුළත පිහිටි වැසිකිළිවල කොමඩ් නිවෙසේ පිටත බිත්තියට සවිකිරීම කළ යුතු අතර නිවෙසින් පිටත වැසිකිළිවල කොමඩ් නිවෙසින් පිටත බිත්තියට සවිකිරීම කළ යුතු වේ. එහිදී සෑම විටම නිවෙසට පිටුපා නොසිටිය යුතු බව මතක තබා ගත යුතුය. නිවෙසේ නිසියාකාර වැසිකිළි පරිශ්‍රයක් පිහිටා නොමැති විට නිවෙසේ වාස්තු දෝෂ බලවත්වීම සැමවිටම සිදුවේ. එහිදී ඔබට එල්ලවන බලපෑම් මෙසේය.

  • නිවැසියන්ගේ සෞඛ්‍ය පිරිහීම.
  • මූල්‍ය පිරිහීම.
  • නිවෙසේ අමනුෂ්‍ය බලපෑම් ප්‍රබල වීම.
  • මානසික ආතතිය උග්‍ර වීම.
  • නිවෙස සෑදීම ප්‍රමාද වීම.

නිවෙසේ සනීපාරක්‍ෂක පද්ධතියට අයත් නානකාමර, වැසිකිළි, අප ජල ටැංකි සහ වැසිකිළි වළ ස්ථානගත කිරීමේදී ඉහත උපදෙස් පරිදි කටයුතු කිරීමට උනන්දු විය යුතුය. ඔබගේ නිවෙසට බලපාන වාස්තු දෝෂ ගණනාවකින් අත්මිදීමට මෙම ගෘහ අංග නිසි ලෙස ස්ථාන ගත කිරීම තුළින් හැකියාව ලැඛෙනවා. එසේම නිවෙසේ නිසි දිශාවේ මෙම ගෘහ අංග ස්ථාන ගත කිරීමෙන් ඔබට විශාල පහසුවක් දැනෙන අතර නිතර නිතර එම පද්ධතියේ බිඳ වැටීමද සිදු නොවේ. වැරැදි ස්ථානවල සහ වැරැදි දිශාවල මෙම ගෘහ අංග ස්ථාන ගත කළ විට නිවෙස සෑදීම ප්‍රමාද වීම සහ එම පද්ධති නිතර නිතර බිඳ වැටීම් කරදර ඇතිවීම් නොවැළැක්විය හැකිය.

වාස්තු විද්‍යා විශාරද ශාස්ත්‍රවේදී පේරාදෙණියේ ඩී.යූ. සෙනරත් උපුටා ගැනීම මව්බිම පුවත් පත

Share This Article

ඔබේ වාස භූමිය විවාහ යෝග යටකරනවාද?

විවාහය යනු පුද්ගලයකුගේ නැවත ඉපදීමක්‌ ලෙස සමාජයේ අදහසක්‌ තිඛෙනවා. ජීවිතයේ වැදගත් සන්ධිස්‌ථානයක්‌ ලෙස විවාහය යන්න හඳුන්වා දිය හැකියි. සමාජයේ හා ජාතියේ...

අලුත් ගෙදර හදන්න ඉඩමට යන මුල්ම දවස

සමහර විට ඔබගේ අවසරය නොගෙන ඔබගේ ඉඩමේ ඔබට යහපත් දෙයක් සිදු කිරීමට තැත් කළද ඔබ උරණ වනු ඇත. එහෙත් ඔබගේ අවසරය...

සිරිකත පැමිණෙන නිවසක්‌ ඉදිකර ගැනීමට

ගෙයි දිග බෙදමින් නිවසට සතර විදිය දැන සොඳ ලෙසඉන් දකුණට පසක්‌ද වමතට තුන් බාගයක්‌ සලසමින් සෙසු තැන් බලා සොඳින තබනු ගෙදොරකඩ...

වාසනාව ගලාගෙන එන්න ඉඩමේ ඊසාන දෙසින් ළිඳ කපන්න

නව නිවෙසක්, ව්‍යාපාරික ස්ථානයක් සඳහා ඉඩමක් තෝරා ගැනීමේ දී යම් භූමි පරීක්ෂාවක් සිදු කිරීම ඉතා වැදගත් ය. කාර්ය බහුලත්වය හා ආර්ථිකමය...

මාරාන්තික විපාක ගෙන දෙන නිවසේ වාස්තු දෝෂ හඳුනාගන්න

පුතේ කියා අම්මා කතා කරන විට හඬ ඇසෙන විට රමේෂ් හිටියේ අඩ නින්දකය. හීනයක් දෝයි රමේෂ්ට සිතුණත් ආයෙත් ඒ හඬ ඇසුනා....

නිවසට සිරිකත කැඳවා ගන්නේ මෙහෙමයි

පූජ්‍ය පක්‍ෂයට වෙන් කර තිබූ පළමු ආසනයේ ඉඩ තිබුණු බැවින් මම එහි වාඩි වුණෙමි. බස්‌ රථය පිටත් වන තෙක්‌ නොයෙකුත් කල්පනාවන්ගෙන්...